Jackie කියන්නේ නියම biography movie එකක්. මේක release වෙලා තියෙන්නේ 2016. මේකේ කියවෙන්නේ එසේමෙසේ කෙනෙක් ගැන නෙවෙයි. ඉතාම ආන්දෝලනයකට ලක්වුන ඉතිහාසගත සිද්ධියක් වුන John F Kennedy ගේ බිරිඳ ගැන. Jackie කියන්නේ ඇගේ සුරතල් නාමය. ඇගේ සම්පූර්ණ නම Jacqueline Kennedy. John F. Kennedy කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ 35 වැනි ජනාධිපතිවරයා වෙනවා.
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pablo Larraín කියන biography genre එකට අයත් චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමේ ප්‍රකට වුන අධ්‍යක්ෂකවරයායි. Jacqueline Kennedyගේ චරිතය Natalie Portman විසින් ඉදිරිපත් කරනවා. මේ චිත්‍රපටයේ නිරූපනයවන්නේ සැබෑ චරිත නිසා ඒවාට තෝරාගත් නළු නිළියන්ද එම සැබෑ චරිත වල පෙනුමට බොහෝ සෙයින් සමානවෙනවා. චිත්‍රපටය හරියටම ආරම්භ වෙන්නේ John F Kennedy Dallas, Texas වලට නිල ගුවන් යානයෙන් ගිහිල්ල Dallas වලට පයතැබීමෙන් පසුවයි. මොකද ඊට ටික වෙලාවකට පස්සේ ඔහුව Jackie ඉදිරිපිටදීම මෝටර් රථය තුලදීම ඝාතනය වෙනවා. හරියටම කිව්වොත් 1963 නොවැම්බර් 22 සිකුරාදා දවල් 12.30ට විතර තමයි මේක සිද්ධ වෙන්නේ. එතන ඉඳල Jackieට මුහුණ දෙන්න වෙන කරදර අභියෝග සියල්ල තමයි කතාවට පාදක වෙන්නේ. කොටින්ම Lyndon B. Johnson, John F Kennedyගේ දේහය රැගෙන එන ගුවන් යානයේදීම ඇමරිකාවේ 36 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනවා.
Official Trailer
Official Trailer