මේ දවස්වල ඩොලර් එක හිටු කියලා නගිනවා. සදුදා ඉදන් පටන් ගත්තු පටන් ගැනිල්ල ඉවරයක් නැ. මේකට හෙතුව උනේ ඇමෙරිකාවේ Housing Data හිතුවට වඩා වෙලාසන රිලීස් කරපු එක. මාර්තු-අප්‍රේල් මාසවලත් මේ වගේම නැග්ගා නමුත් පැවතුනේ නැ. මේ පාරත් සැරට යයි වගේ. යුරො, යෙන් පවුන් ඔසී ඩොලර් ඔක්කොම බහිනවා නැති වෙන්න. වැඩිම බලපැම තියෙන්නේ ජපන් යෙන් එකට.( වාහන ගෙන්නනවා නම් ඔන්න කියාපු කාලෙ. ) කොහොම උනත් මාතෘකාව මේක නෙමෙයි. හෙට (සිකුරාදා ) ඇමෙරිකාවේ වයොමින් වල ජැක්සන් හොල් කියන වැකේශන් රෙසොට් එකේදි තියනවා එකොනොමිස්ට්ලාගේ සමුලුවක්. ඇමෙරිකාවේ ෆෙඩරල් රිසර්ව් (Bank) එකේ ලොකු නොනා Yellen නුත් එනවා. ෆොරෙක්ස් කරන කට්ටිය මොකද හිතන්නේ... හෙට ඩොලර් එක තව නගීද? නැතිනම් බහීද? ආර්තික විශ්ලේශකයො නැතැ එලකිරියෙත් කියමුකො බලන්න..

