Jan 9 මෛත‍්‍රීපාල සිරිසේන ජයග්‍රහණය ....
මෛත‍්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කිරීමෙන් පසු පොදු විපක්ෂය විසින් ක්‍රියාත්ම කරන ජනාධිපතිවරණයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සහ වැඩ පිලිවෙල
2015 ජනවාරි 10 සෙනසුරාදා
නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවුරුම් දීම.
11 ඉරිදා
පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඇතුළත් වන පරිදි පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්‍ෂවල මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත සර්ව පාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත් කිරීම.
12 සඳුදා
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්‍ෂ හා අනෙකුත් පුරවැසි සංවිධානවල නියෝජනත්වයෙන් යුතු ජාතික උපදේශක සභාව පත් කිරීම.
13 අඟහරුවාදා
ශුද්ධ වූ පාප්වහන්සේ ශ්‍රී ලංකාවට සැපත්වීම සහ ඒ වෙනුවෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදීම.
19 සඳුදා
පාර්ලිමේන්තුව කැඳවීම.
20 අඟහරුවාදා
ස්ථාවර නියෝග සංශෝධනය කොට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ ඇතුළත්ව තිබෙන පා.67/10 අංක දරණ යෝජනාවේ සඳහන් පරිදි අධීක්‍ෂණ කාරක සභා සඳහා සර්ව පාක්‍ෂික කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීම හා පක්‍ෂ නායකයින්ගේ එකඟත්වය ඇතිව සෑම පක්‍ෂයක්ම නියෝජනය වන පරිදි ඒවාහි සභාපතිවරුන් පත් කිරීමට පියවර ගැනීම.
21 බදාදා
දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන අධිකරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන අල්ලස් හා දූෂණ කොමිසම හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුළත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කර හැකි ඉක්මනින් සම්මත කිරීමට පියවර ගැනීම.
28 බදාදා
මනාප ඡන්ද ක්‍රමය සහමුලින්ම අහෝසි කොට සෑම මැතිවරණ කොට්ඨාශයකටම මන්ත්‍රීවරයෙකු ලැබෙන පරිදි මන්ත්‍රී ආසන ක්‍රමය හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත නව මැතිවරණ ක්‍රමය සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳ සර්ව පාක්‍ෂික කමිටුව පත් කිරීම.
29 බ්‍රහස්පතින්දා
කඩිනම් සහන ලබාදී ජන ජීවිතය යළි නගා සිටුවීම සඳහා විශේෂ පියවර ඇතුළත් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
30 සිකුරාදා
අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් රාශියක ඍජු හා වක්‍ර බදු අඩු කිරීම සහ වැටුප් වැඩි කිරීම.
2015 පෙබරවාරි 2 සඳුදා
සියලූම මහජන නියෝජිතයන් විසින් පිළිපැදිය යුතු චර්යා ධර්ම සංග්‍රහයක් නීතිගත කිරීම.
4 බදාදා
ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය හා ජනතා පරමාධිපත්‍යය යළි පිහිටු වන ලද නව ශ්‍රී ලංකාවේ නිදහස් දිනය.
5 බ්‍රහස්පතින්දා
පසුගිය කාලයේ සිදුවී ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීම සඳහා විශේෂ විනිශ්චය සභා පත් කිරීම.
6 සිකුරාදා
ජාතික ඔෟෂධ ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කොට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
18 බදාදා
ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම හා ඊට අදාළ පත්වීම් සිදු කිරීම.
19 බ්‍රහස්පතින්දා
ජාතික විගණන පනත ඉදිරිපත් කිරීම.
20 සිකුරාදා
තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කිරීම.
2015 මාර්තු 02 සඳුදා
නව මැතිවරණ ක්‍රමය පිළිබඳ කමිටු යෝජනා ලබා ගෙන ඒ අනුව අදාළ නීතිරීති සකස් කිරීම.
17 අඟහරුවාදා
නව මැතිවරණ ක්‍රමය ඇතුළත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකිතාක් ඉක්මනින් සම්මත කිරීම.
18 බදාදා
ජාතික ඔෟෂධ ප්‍රතිපත්තිය සම්මත කිරීම.
19 බ්‍රහස්පතින්දා
ජාතික විගණන පනත සම්මත කිරීම.
20 සිකුරාදා
තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම.
23 සඳුදා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවා ස්වාධීන කොමිෂන් සභා ඇතුලූ වෙනත් පත්වීම් සිදු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම.
2015 අප්‍රේල් 20 සඳුදා
අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහය ක්‍රියාත්මක වීම.
23 බ්‍රහස්පතින්දා ඉකුත් වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර රජයක් යටතේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම.
එම මැතිවරණයෙන් වැඩිම මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබා ගන්නා පක්‍ෂයට අග්‍රාමාත්‍ය ධූරයත්, ඊළඟ පක්‍ෂයට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරයත් ලබා දීම.
පාර්ලිමේන්තුවේ සියලූම පක්‍ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයකින් සමන්විත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම.
එම සර්ව පාක්‍ෂික ආණ්ඩුව යටතේ රටේ ප්‍රධාන අභියෝගවලට මුහුණදීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කොට ඒ අනුව ක්‍රියා කරන නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම.
පවුල්වාදී පාලනය හා ඒකාධිපතිවාදය විසින් රටටත්, ජන ජීවිතයටත් කරන ලද බිහිසුණු විනාශය නිසා මහජනයා දැඩි පීඩනයට හා කම්පනයට ලක් වී සිටිති. සාර ධර්ම පිරිහී, සංස්කෘතිය සෝදා පාළු වී ගොස් තිබේ. දූෂණය ද, භීෂණය ද, නාස්තිය ද හේතු කොට ගෙන සමාජය දෙදරුම් කා ඇත. මේ හේතු කොට ගෙන හදිසි සහන ලබා දී ජන ජීවිතය මුදවා ගෙන වහාම සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට යථා තත්ත්වයට පත් කළ යුතුව තිබේ.

Last edited: