එජාප - ජවිපෙ කොට්ට පැදුරු මෙහෙයුම...
එජාප - ජවිපෙ කොට්ට පැදුරු මෙහෙයුම...
පෙරේදා (20* මාතර පැවති රැළියේ දී එජාප - ජවිපෙ නායකයන් කොට්ට පැදුරු එළාගෙන සිටියේ හුදු දේශපාලන මඩ ප‍්‍රචාරයක් දියත් කිරීමේ අරමුණින් බවත් ඔවුන්ගේ රැළියට හෝ වේදිකා ඉදිකිරීමට රජය කිසිදු බාධාවක් නොකළ බවත් වාර්තා වේ. 19 වැනිදා රාත‍්‍රියේ සනත් ජයසූරිය ක‍්‍රීඩාංගනය තුළ ‘තරුණ්‍යයට හෙටක් සංවිධානය මගින් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වුව ද මේ දිනවල රාතී‍්‍ර 10න් පසු සංගීත ප‍්‍රසංග නොපැවැත්වෙන බැවින් එම ප‍්‍රසංගය රාත‍්‍රී 10ට නිමා වී තිබිණි. ඒ නිසා පසුදා පැවති රැුළියට සූදානම් වීමට ඔවුන්ට අවශ්‍ය තරම් කාලය තිබූ අතර ඒ සඳහා කිසිවෙකුගෙන් බාධා එල්ල වී නොමැත. නමුත් අමතර වාසියක් ලබා ගැනීම සඳහා ඔවුන් මෙම කොට්ට පැදුරු මෙහෙයුම සැලසුම් කොට තිබූ අතර ඒ සම්බන්ධව කල්තියා ප‍්‍රචාරය කිරීමට ද මේ පිරිස කටයුතු යොදා තිබිණි. ඒ අනුව කියැවුණේ ආණ්ඩුවේ මැර පිරිස කළ දැඩි බාධා කිරීම් නිසා වේදිකාවකින් තොරව රැස්වීම පවත්වන්නට සිදුවූ බවය.