අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    664
    428
    63
    Somewhere in APAC
    Work Visa

    ජපානයේ work කරන්න පුළුවන් වීසා වර්ග කිහිපයක් තියනවා, ඒවා වෙන වෙනම කැටගරි වලට වෙන් කරලා තියෙන්නේ. ඒ අතරින් බහුලම ඒවා ගැන තමා මේ කියන්න යන්නේ.

    ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES
    මෙන්න මේ category එකට තමා ජොබ් එකක් කරන හුඟ දෙනෙක් අයිති වෙන්නේ. මේ වීසා එකක් ගන්නනම් අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ වසර 3/5/10ක පිළිගත හැකි රැකියා පළපුරුද්දක් අවශ්‍යයි. පළපුරුද්ද රැකියාව මත වෙනස් වෙනවා. ජපානයේ ඉගෙනගන්න කෙනෙක්ට නම් පාසල් සහතික සහ තාක්ශනික ආයතන මගින් ලබාගත් ඩිප්ලොමා ප්‍රමාණවත්. මෙම වීසා වල කාලය අවුරුද්දේ සිට අවුරුදු පහ දක්වා කාලයකට ලැබෙනවා, ඒ කාලය තීරණය වෙන්නේ ආදායම , රැකියාව සහ ස්පොන්සර් කරන කොම්පැනියේ ප්‍රමාණය මත.

    ඔය උඩින් කියල තියෙන්නේ මුලික සුදුසුකම විතරයි. එහෙම තිබිලා බෑ නේ ඉතින්, කොම්පැනියක් ඔයාට ස්පොන්සර් කරන්නත් ඕන. අන්න එතැනදී තමයි භාෂාව කරලියට එන්නේ, මොකද ජපන් භාෂාව නැතුව ජපන් කොම්පැනියකින් ස්පොන්සර් කරන්නේ ඔයාට විශ්මිත හැකියාවක් තිබුනොත් විතරයි. ජපානෙට භාෂාව ඉගෙනගන්න ඇවිත් කට්ට කාල මෙහෙම රස්සා වලට යන අය තමයි බහුලවම ඉන්නෙ. හැබැයි එහෙම කියල ලංකාවෙ ඉඳන් කෙලින්ම රස්සාවකට එන්න බෑ කියල එකක් නෑ. හුඟක් IT සහ Trading වලට සම්බන්ධ ආයතන වලට කෙලින්ම වෙන රටවල් වලින් රැකියා වලට ගන්නවා. මෙතනදි වෙන්නෙ ඔයාට රැකියාවට අදාල සුදුසුකම් සමඟ හැකියාව තියනවා නම් අදාල ආයතනය විසින් ඔයාට ගිවිසුමක් සමඟ රැකියාව ලබාදෙනවා. මේක ජපන් කොම්පැනියක් වෙන්නම ඕන නෑ, ඔයාල දැනට වැඩකරන කොම්පැනියේ branch එකක් වෙන්නත් පුළුවන්. මෙහෙම රැකියා ලබාදීමේදී ඔයාව ජපානෙට අවශ්‍ය වෙන්නේ ඇයි කියල ජපන් රජයෙන් අහනවා බොහෝ වෙලාවට, ඒ වෙලාවට කොම්පැනියෙන් ඒකට විස්තර ඉදිරිපත් කරන්නත් ඕන. උදාහරණ වලට ගත්තොත් Software Engineers, Native English Teachers, Multi Language Sales Coordinator වගේ රැකියා මේවට අයත්. මේ වගේ රැකියා වලට නම් ජපන් දැනුම බලනවා අඩුයි. එහෙම උනාට ජපානෙ ජීවත් වෙන්න ජපන් භාශාව ඕන නෙ. මෙහෙම අවස්තා නම් හැබැයි ඉතාමත් අඩුයි.

    ඉහත වීසා එකක කාලය ඉවර උනාම නැවත අලුත් කරන්න ඕන, ඒ වෙලාවට නැවතත් ඔයා වැඩ කරන ආයතනය සම්බන්ධ කරගෙන ෆෝරම් පුරවල ඔයාගේ ජොබ් එක සහතික කරලා පෙන්නන්න ඕන. තවත් දෙයක් කියන්න ඕන, ඔයාට වීසා එකක් ලැබුනම ඒකෙ සම්පුර්ණ අයිතිය තියෙන්නෙ ඔයාට. ආයතනයට බෑ වීසා අවලංගු කරන්න. මෙන්න මෙ නිසා තමයි ආයතන විසින් ගිවිසුම් ගහන්නෙ. යම්කිසි ආයතනයක් ඔයාට රැකියාවක් දීලා වෙන රටකින් ගෙන්නනවා නම් මෙ ගිවිසුම් වල තියන්වා යම්කිසි හෙයකින් ඔයා ගිවිසුම කඩ කරොත් නීතියමය පියවර ගන්න පුලුවන් කියලා. අන්න එහෙම වෙලාවක ආයතනය විසින් නඩු දැම්මොත් වීසා අවලංගු වෙන්න පුලුවන්. එහෙම උනොත් ඔයාව නැවත ඔයාගේ මව්රටට එවන්න ලියකියවිලි සකස් කරන අවස්ථා බහුලව තියනවා, මොකද ඉස්සෙල්ලම ඔයාව ජපානෙට ගන්න ආයතනය ගොඩක් රිසක් එකක් අරගෙන තමයි ඔයාව ගන්නේ, ඉතින් ගත්තට පස්සේ උන් කැමති නෑ නේ ඔයා ඒක දාල වෙන එකකට යනවට. (මේක හුඟක්ම අදාළ වෙන රටකින් කෙලින්ම රැකියාවට ගන්න අයට තමා.)
    එහෙම ගිවිසුමක් නැත්නම් හෝ ගිවිසුම් කාලය අවසන් උනාම වෙන ආයතනයකට යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි දවස් 14ක් ඇතුලත ඔයාට ආදායම් මාර්ගයක් තියනවා කියල immigration එක දැනුවත් කරන්න ඕන. ඒ කියන්නේ ඔයාට වෙන රස්සාවක් තියනවා කියල පෙන්නන්න ඕන. working visa තියාගෙන ආදායම් මාර්ගයක් නැතුව ජපානයේ රැඳිලා ඉන්න බෑ.

    INTRA-COMPANY TRANSFER
    මේකනම් ඉතින් ඔයාල දන්නවනේ, Head Office එක ජපානයේ තියෙන කොම්පැනියක හෝ, ඔයා වැඩ කරන කොම්පැනියේ Branch එකක් ජපානයේ තියනවනම් ඒකට ඇවිත් වැඩකරන්න පුළුවන් වීසා එකක් තමා මේ. මෙහෙම එන්න ඔයා කොම්පැනියේ අවම අවුරුද්දක්වත් වැඩකරලා තියෙන්න ඕන. කොම්පැනිය මත ජපන් භාෂාවේ අවශ්‍යතාව තීරණය වෙනවා.

    SKILLED LABOR (මේ කියන්නෙ රජය මැදිහත් වෙලා අලුතෙන් දෙන වීසා එක ගැන නෙවෙයි)
    Academic Qualifications අවශ්‍ය නොවන Professional Qualifications මත දිවෙන රැකියා සඳහා දෙන වීසා තමයි මේ. ජපානයේ තියන හොටෙල්/ රෙස්ටුරන්ට් වලට එන කුක්ලා එහෙම එන්නේ මෙන්න මේ වීසා එකෙන්. අවුරුදු 3ත් 10ත් අතර සහතික කළහැකි පළපුරුද්දක් අවශ්‍යයි. මේකටත් කොම්පැනියෙන් ස්පොන්සර් කරන්න ඕන.

    SPECIFIED SKILLED WORKER
    මෙන්න මේක තමයි ක්ශේත්‍ර 14ක් සඳහා ශ්‍රමිකයන් බඳවා ගන්න අලුතෙන් හඳුන්වා දීපු වීසා එක. මේක ගැන වැඩි විස්තර කියන්න ඕන නෑ නෙ. රජය මැදිහත් වෙලා ලබාදෙන්නෙ මෙන්න මේක.

    TRAINEE
    මෙන්න මෙතන තමයි හුඟක් පැටලෙන තැන. මේක Working visa එකක් නෙවෙයි. මේක දෙන්නේ ජපානෙට ඇවිත් යමක් ඉගෙනගෙන නැවත මව්රටට ගිහින් ඒ ඉගෙනගත්ත දෙයින් රස්සාව කරන්න ඉන්න අයට. මාස තුනේ ඉඳල අවුරුද්ද දක්වා කාලෙකට වීසා ලබාදෙනවා.
    මේකෙදි ඔයා ජපානෙට එන්නේ මොන වැඩේ කරන්නද, ඒක විතරයි කරන්න පුළුවන්. මේකේ කාලසීමාව ඉවර උනාම පහලින් තියන එකට ඇප්ලයි කරන්න පුළුවන්.

    TECHNICAL INTERNSHIP
    මේකෙදි ඔයාට තවත් කාලයක් ජපානයේ රැඳී සිටින්න අවසර ලැබෙනවා, හැබැයි ජොබ් එක වෙනස් කරන්න අනම් මනම් බෑ. Trainee එකේදී ඉගෙනගත්ත දේට අදාලව රැකියා පළපුරුද්ද ගන්න තමයි මේ වීසා එක සකස් කරලා තියෙන්නේ. මේකේ කාලය ඉවර උනාම ජපානයෙන් පිටවෙන්න ඕන

    HIGHLY SKILLED PROFESSIONAL
    මේක තියෙන්නෙ ඉහල අද්‍යාපන සුදුසුකම් තියන අයට. සුදුසුකම් මැන බැලීමේ පොයින්ට් ටේබල් එකේ ලකුණු 70ට වඩා ගන්න පුළුවන් නම් ඔයාට මේ වීසා එක ගන්න පුළුවන්. මේක තියනවා නම් PR ගන්න එක ඉතාමත් පහසුයි. ඒ වගේම තමන්ගෙ බිරිඳ හෝ සැමියාට Dependent වීසා තබාගෙන පූර්ණ කාලීනව රැකියාවක නිරත වෙන්න පුලුවන්. ඒ වගේම තමන්ගෙ දෙමාපියන්වත් ජපානයට රැගෙනවිත් Dependent වශයෙන් තබාගැනීමට පුලුවන්. (අවශ්‍ය සුදුසුකම් සපුරාලිය යුතුයි)
    පොයින්ට්ස් බලාගන්න ඕන නම් මෙන්න ලින්ක් එක
    http://www.immi-moj.go.jp/newimmiact_3/en/pdf/171110_leaflet.pdf

    මෙන්න මේ ටිකත් කියන්න ඕන.
    රස්සා දෙනවා කියන කොම්පැනි..
    ලංකාවේ ඉඳන් මෙහෙම රස්සා දෙනවා කියන 98% කරන්නේ පට්ටපල් බොරු, අහුවෙන්න එපා. එහෙම කාටවත් රස්සා දෙන්න බෑ. ජපන් කොම්පැනි වලින් ලේසියෙන් වීසා වලට ස්පොන්සර් කරන්නේ නෑ, trainee වීසා වලට නම් එන්න පුළුවන්.
    ඉතින් මට කියන්න තියන දේ තමයි ලංකාවෙ ඉඳන් කෙලින්ම ජොබ් එකකට එන්න බෑ කියලා එකක් නෑ. රැකියා කරන්න වීසා දෙන්නෙ නෑ කියලා එකකුත් නෑ. සුදුසුකම් තියනවා නම් සහ ජපානයේ ආයතනයක් සමඟ රැකියා ගිවිසුමකට එන්න පුලුවන් නම් ජපානෙට එන්න කිසිම බාධාවක් නෑ. ජපන් භාශාව අවශ්‍යමයි කියලා නියමයකුත් නෑ.

    රැකියා වෙළඳපොල.
    ජපානයේ ඕන තරම් රස්සා තියනවා. කවදාවත් පුරවල ඉවරකරන්නනම් බැරි වේවි. අනිත් එක ජපානේ මධ්‍යම වයසේ, තරුණ පරපුර අඩුයි. ඒක නිසා දැන් රජයෙන් වෙන රටවල අයට අවස්තාව දෙනවා. 2019 අවුරුද්දේ ඉඳල ජපන් වල PR ඇප්ලයි කරන නීති පවා වෙනස් උනා. ඉස්සර වගේ අවුරුදු ගණන් ඉන්න ඕන නෑ.

    බුකියේ ඉන්නවනම් මෙන්න මේ පේජ් එකත් පොඩ්ඩක් බලන්න. දන්න දේවල් කියල දෙන්න හිතාගෙන හැදුවේ... :D:D:D
    https://www.facebook.com/guideme2japan
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,406
    299
    83
    man japan job eka epa kiyala wena rataka igena ganna giya :( dan dukai... japan man hitapu pattama ratak :( igena gena iwara wela balanna one ayi parak :D wayas simawak thiyenawada ban job dena mata godak aya kiwwa 30 pannata passe amarui kiyala :(
    dukaaaai.....
    thanks for the information <3
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    10,243
    4,419
    113
    37
    Land of the Gods 🕎
    ජපන් ගිහින් එහේ පර්මන්ට් වෙන්න නම් හිතන්න එපා. ජපන්නු එක්ක වැඩ ලේසි නෑ උන් රෑ 10-12 වෙනකන් වැඩ කරනවා වයස බේදකයකුත් නෑ. කට්ට කාල ජපන් යනවට වැඩිය හොදයි ඉස්‍රයාල් යන එක, මොකද මේකට ලොකු දැනුමක් බලන්නේ නෑ හැබැයි කඩ්ඩ නම් ටිකක් ඔන. මෙහේ සාත්තු සේවයට තමා ගන්නේ හැබැයි මාර අයිස් ජොබ් එක. නිකන් බලන් ඉන්න තියෙන්නෙ, මෙහෙ මාස 6 ට දොඩම් කඩන්න අපු එවුන් රහ වැටිල හොරාට පැනල සල්ලි හොයනව, කොහොමත් 1800 ඩොලර් හොයනව අඩුම, කට්ට කන උන් 2500 වඩා හොයනව, උබලට ජපන් සිහිනයක් තියේ නම් මේ ගැනත් බලන්න කියල කියනව
     
    wada case eka company eka matha depend kiyalai mata hithune :D man wada karapu 1 month walata ehema loku seen ekak penune na... release ekak lan wunama wada karana aya innawa :D naththum bell gahanawa dan palayalla kiyala :P lunch break eke ikmanata kala kattiyama nidi :D godak aya japannu maragena wada karanawa kiyanne resturants, supermarket ewa wage nisa kiyalai mata hithenne :D mama nam 6 passs athal eke tokyo rawumak dala rata room ekata giya nidagaththa :D mathak weddith dukai :( aparade kiyala chance eka... uba kiyapu Isreal hodai kiyalath ahala thiyenawa :D but tech companies gannawada nam danne na :D
     
    uba koheda ban inne? aparade

    සේට්ක් වෙන්න බැරි රටවල් වලට යනවනම් හොද සැලර් එහෙකට යන්න ඔන අවුරුදු 5-6-8 ක් ඇදල ලන්කාවට ආවත් ඇති, සෙට්ල් වෙන්න පුලුවන් නම් ගෑනි ලමයි ගන්න බලපල්ලා. එච්චරයි මගේ නම් අදහස, මොකද පිරිමියෙක් අවුරුදු 32-33 වෙද්දිවත් ස්තාවර වෙන්න ඔන, රටවල හිටිය වගේ නෙමෙයි
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    664
    428
    63
    Somewhere in APAC
    ජපන් ගිහින් එහේ පර්මන්ට් වෙන්න නම් හිතන්න එපා. ජපන්නු එක්ක වැඩ ලේසි නෑ උන් රෑ 10-12 වෙනකන් වැඩ කරනවා වයස බේදකයකුත් නෑ. කට්ට කාල ජපන් යනවට වැඩිය හොදයි ඉස්‍රයාල් යන එක, මොකද මේකට ලොකු දැනුමක් බලන්නේ නෑ හැබැයි කඩ්ඩ නම් ටිකක් ඔන. මෙහේ සාත්තු සේවයට තමා ගන්නේ හැබැයි මාර අයිස් ජොබ් එක. නිකන් බලන් ඉන්න තියෙන්නෙ, මෙහෙ මාස 6 ට දොඩම් කඩන්න අපු එවුන් රහ වැටිල හොරාට පැනල සල්ලි හොයනව, කොහොමත් 1800 ඩොලර් හොයනව අඩුම, කට්ට කන උන් 2500 වඩා හොයනව, උබලට ජපන් සිහිනයක් තියේ නම් මේ ගැනත් බලන්න කියල කියනව
    මේක නම් සම්පුර්ණයෙන්ම කරන රැකියාව මත වෙනස් වෙනවා. රෑ 12 වෙනකම් වැඩ කරන්න වෙනවා කියන එක නම් බොරු. අනික් හැම රටක් වගේම මෙහෙත් කම්කරු නීති තියනවා. මෙතන සඳහන් කරලා තියෙන්නේ ජපානේ තියෙන සංස්කෘතියක් ගැන. හුඟක් කාර්යාල වල සේවකයින් තමන්ගේ බොස් වැඩ ඉවරවෙලා යනකන් යන්නේ නෑ. ඒ ඇරෙන්න වෙන හේතුවක් නෑ. තමන්ට වැඩ කරන්න අදාළ වෙලාවක් තියනවා. ඊට අමතරව කරන්න වෙනවනම් ඒවාට වෙනම ගෙවනවා. තවත් දෙයක් කියන්න ඕන, රැකියාවක් කියල මෙතන මම සඳහන් කරේ trainee වීසා වලට එන අය ගැනවත් පාර්ට් ටයිම් කරන ය ගැනවත් නෙවෙයි.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    2,370
    610
    113
    තොටිල්ලේ
    uba koheda ban inne? aparade

    සේට්ක් වෙන්න බැරි රටවල් වලට යනවනම් හොද සැලර් එහෙකට යන්න ඔන අවුරුදු 5-6-8 ක් ඇදල ලන්කාවට ආවත් ඇති, සෙට්ල් වෙන්න පුලුවන් නම් ගෑනි ලමයි ගන්න බලපල්ලා. එච්චරයි මගේ නම් අදහස, මොකද පිරිමියෙක් අවුරුදු 32-33 වෙද්දිවත් ස්තාවර වෙන්න ඔන, රටවල හිටිය වගේ නෙමෙයි

    math hithanne meka.
    PR ekak daganna balagena panina ratakata paninna one.
    naththan hoda ganak ithuru karagena lankawata ikmanata enna plan ekak thiyaganna one.

    uba Israelda inne?
    PR ganna ba neda ehe?
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,406
    299
    83
    uba koheda ban inne? aparade

    සේට්ක් වෙන්න බැරි රටවල් වලට යනවනම් හොද සැලර් එහෙකට යන්න ඔන අවුරුදු 5-6-8 ක් ඇදල ලන්කාවට ආවත් ඇති, සෙට්ල් වෙන්න පුලුවන් නම් ගෑනි ලමයි ගන්න බලපල්ලා. එච්චරයි මගේ නම් අදහස, මොකද පිරිමියෙක් අවුරුදු 32-33 වෙද්දිවත් ස්තාවර වෙන්න ඔන, රටවල හිටිය වගේ නෙමෙයි

    Ireland :D melo rahak na :P Japan patta systematic :D lassana pirisidu rata :D :love:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,298
    9,392
    113
    Gotham City
    දැන් ඔක්කොම රටවල් එකයි වගෙ බන්.
    ඉස්සර නම් කම්කරු ජොබකට ගියත් මිනිහෙක් වෙන්න පුලුවන් කාලෙකින්.
    එත් දැන් ඔෆිස් ජොබ් කරත් සදා එක තැන වගෙ තමා.
    ලොකෙ හරි අමුතුයි බන් .තරඟෙ වැඩි .
    මට හිතෙන්නෙ මෙ කොරොනා වෛරස් එක තව මියුටෙට් වෙලා දෙවන අධිරයෙන් තව බර ගාණක් මැරෙවි ලොකෙ ආයෙත් සමතුළිත කරවන්න.