May 20, 2010
174
29
0
print_icon.gif
Print this

1523994381is%202.jpg













වහාබි ගැන සොයන්නැයි ඉස්ලාම් ප්‍රජාව ඉල්ලයි

September 20, 2010 04:09 pm

ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාව මූලස්ථානය කරගනිමින් ඉන්දියාවට ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක විය හැකි යැයි අමෙරිකාව විසින් ඉන්දීය ආරක්ෂක අංශ වෙත යම් අනතුරු ඇඟවීමක් කර ඇති බව පසුගියදා ඉන්දීය මාධ්‍යය විසින් වාර්තා කර තිබිණි.

නමුත් මේ දිනවල "වහාබි"නම් ඉස්ලාම් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ දර්ශනය ප්‍රචලිත කිරීමට උත්සාහ දරන බවත්, ඒ හරහා ශ්‍රී ලංකාව තුළ කිසියම් ගැටුම්කාරී ක්‍රියාවන් ඇතිවිය හැකි බවටත් ශ්‍රී ලංකාවේ ඇතැම් ඉස්ලාමීය නායකයින් තුළ කිසියම් සැකයක් ගොඩ නැඟී ඇත.

මෙම පිරිස් වෙත ඔවුන්ගේ දර්ශනය ප්‍රචාරය කිරීම සඳහා විදෙස් රටවලින් මූල්‍යාධාර සැපයෙන බව ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය සහයෝගීතා පෙරමුණේ සභාපති රියාස් සාලි මහතා අද දෙරණ කළ විමසීමකදී සඳහන් කර සිටියේය. එමෙන්ම වහාබි කණ්ඩායම් දිළිඳු පවුල් වෙත මුදල් ලබාදී ඔවුන්ගේ නිවාස ආගමික පාසල් බවට පරිවර්තනය කිරීමට උත්සාහ දරන බවට ඒ මහතා චෝදනා කරයි.

මෙම ඉස්ලාමීය පිරිස නිසා ඉස්ලාම් ආගමෙහි විවිධ ගැටලු ඇති වී ඇති බවත් සාලි මහතා පෙන්වාදෙයි. එමෙන්ම ඔවුන් විවිධ ප්‍රදේශ වල ඉස්ලාම් ගුවන්විදුලි සේවා පිහිටුවා ඒ තුළින් ද මෙම වහාබි දර්ශනය ප්‍රචාරය කරන බව රියාස් සාලි මහතා ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව විමර්ශනයක් සිදුකර එම ක්‍රියාවන් නවතා දැමීමට කටයුතු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් රියාස් සාලි මහතා ඉල්ලා සිටියි. මෙම පිරිස් වෙත මුදල් ලැබෙන ආකාරය පිළිබඳවද විමර්ශනයක් සිදුකළ යුතු බවට ඔහු අවධාරණය කරයි.
 
  • Like
Reactions: Rana Rala