Java Speech Recognition Project Give Away

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Playlist

    දැන් බලමු playlist එක ගැන.මේ system එකේ Audio Player එකටයි Video Player එකටයි මේ දෙකටම තියෙන්නේ එක playlist එකයි.එත් මේක වැඩ කරන්නේ මෙහෙමයි.මේක තමයි ඔයා දීල music folder තියෙන video folder හා එකේ තියෙන සිංදු හා වීඩියෝස් ගබඩා කරගෙන ඉන්නේ.ඔයා video player button එක click කරල playlist එක open කලොත් ඔයාට පෙන්නන්නේ වීඩියෝ files ටික , එහෙම නැත්තන් පෙන්නන්නේ audio files ටික .
    මේ පහලින් තියෙන්නේ video player එක disable කරලා තියෙන වෙලාවක playlist එක open කලහම අපි settings වල දීල තියෙන පාත් එකේ තියෙන mp3 files (සින්දු) ටික load කරගෙන තියෙන විදිහ.

    picture.php



    මේකේ (0) කියන ලිස්ට් එකේ තියෙන්නේ ඒ load කරගත්ත සින්දු ටික . අපි ඒ එකක් click කරහම ඒ සින්දුව play වෙනවා.


    picture.php



    මේ ඉහත පින්තුරයේ තියෙන්නේ ඒ වගේ සින්දුවක් play වෙන අවස්ථාවයි.එහිදී අපි (0) මත click කරහම අපිට ඒ play වෙන සින්දුවේ location එක windows explorer එකෙන් open කරලා select කරලා පෙන්නනන්ව.


    මේ පහලින් තියෙන්නේ video player එක enable කරලා තියෙන වෙලාවක playlist එක open කලහම අපි settings වල දීල තියෙන පාත් එකේ තියෙන mp4 files (videos/movies) ටික load කරගෙන තියෙන විදිහ.

    picture.php



    මෙහිදීත් කලින් කිව්වා වගේ අපි ඒ එකක් click කරහම ඒ video/movie එක play වෙනවා.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Playlist - search

    මම දැන් පෙන්නනම් playlist එකේ සින්දු හෝ වීඩියෝස් search කරන හැටි.පහලින් තියෙන්නේ ඒ search කරන විදිහයි.

    picture.php


    0.මෙහිදී අපි මෙම ස්ථානයේ type කරන්න ඕනේ අපිට search කරගන්න ඕනේ සින්දුවේ හෝ වීඩියෝ එකේ නම , සම්පුර්ණ නමම type කරන්න ඕනේ නැහැ name කැල්ලක් type කරහම ඇති , අපි ඒ type කරපු වචන කෑල්ල තියෙන ඔක්කොම results ටික පෙන්නනවා.

    1.ඉහත (0) කියූ පරිදි search කිරීමට අවශ්‍ය වචන කණ්ඩය type කල පසු මෙම button එක click කල යුතුය.

    2.මෙහිදී අපි ඒ type කරපු වචන කෑල්ල තියෙන ඔක්කොම results ටික මෙම ලිස්ට් එකේ පෙන්නනවා.

    පහලින් තියෙන්නේ එලෙස search කරපු results පෙන්නන විදිහයි.

    picture.php
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Video Player

    මම දැන් පෙන්නනම් Video Player එක වැඩ කරන විදිහ.අපි main interface එකේ (3) button එක click කරහම හරි Video Player එක open වෙන විධානය ලබා දුන්නහම Video Player එක enable වෙනවා , ඊටපස්සේ පහල විදිහට අපි settings වලදී දීල තියෙන පාත් එකේ තියෙන ඔක්කොම mp4 files ටික playlist එකට load කරගෙන පෙන්නනවා.


    picture.php


    අපි ඊට පස්සේ playlist එකේ තියෙන මොකක්හරි වීඩියෝ එකක් click කරහම පහල විදිහට Video Player එක open වෙලා වීඩියෝ එක play වෙන්න ගන්නවා.

    34q21wj.png



    මෙහිදී වීඩියෝ player එකේ controls දකුණු පස පහලින් පෙන්වනු ලබයි.අපි mouse point එක එම ස්ථානය උඩට ගෙනාවම එක highlight කරලා පෙන්නනවා.


    zxutzk.png



    මෙම ඉහත රුපයේ පරිදි ,

    0.මෙම ස්ථානයේ පෙන්වන්නේ වීඩියෝ player එකේ play වෙන වීඩියෝ එකේ name එකයි.අපි මෙම ස්ථානය click කලොත් අපිට ඒ play වෙන වීඩියෝ එකේ location එක windows explorer එකෙන් open කරලා select කරලා පෙන්නනන්ව.

    1.මේ තියෙන්නේ seek bar එක.අපිට මෙම bar එකේ තියෙන සුදු පාට ඩොට් එක click කර drag කිරීම මගින් එම වීඩියෝ එක fast forward (seek) කරගත හැක.


    2dh8xw8.png


    ඉහත රුපයේ පරිදි අපි mouse point එක තිරයේ ඉහලට ගෙන ගිය විට ඉහලින් minimize button එක හා play වෙන video එකේ title එක පෙන්නනවා.නැවත
    mouse point එක එතනින් අයින් කලහම එක hide වෙනවා.

    0.මෙම ස්ථානය click කලහම , වීඩියෝ එක task bar එකට minimize වෙනවා.

    1.මෙම ස්ථානයෙන් පෙන්වන්නේ play වෙන video එකේ title එකයි.
     
    • Like
    Reactions: keshara

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Watched List - Recently Played Videos

    මම දැන් පෙන්නනම් Watched List (Recently Played Videos) එක ගැන.

    මෙහිදී සිදු වෙන්නේ අපි වීඩියෝ player එකේ නරබලා ඉවර උනු වීඩියෝස් මෙම ලිස්ට් එකේ පෙන්නනවා.ඒ වීඩියෝ එකේ name එක , path එක හා ඒ වීඩියෝ එක play කරපු වාර ගන්නත් පෙන්නනවා.

    මේක සිද්ද වෙන්නේ මෙහෙමයි.අපි වීඩියෝ player එකේ වීඩියෝ එකක් play කරහම ඒ වීඩියෝ එක play වෙලා ඉවර උනහම ඉබේම playlist එකේ තියෙන ඊලග වීඩියෝ එක play වෙනවා , එලෙස ඊලග වීඩියෝ එක play වෙන්න පටන් ගද්දිම කලින් බලපු වීඩියෝ එකේ details ටික මෙම ලිස්ට් එක load කරගන්නවා.මේ ලිස්ට් එකට ඒ details load වෙන්නනම් මුළු වීඩියෝ එකම play වෙලා ඉවර වෙන්න ඕනේ.බාගෙට වීඩියෝ එක play කරලා ඊලග වීඩියෝ එක play කලාට ඒ වීඩියෝ එක මේ ලිස්ට් එකට ඇතුලත් කරගන්නේ නැහැ.අපිට එහෙම ඇතුලත් කරගන්න ඕනෙනම් අපිට වෙන්නේ , වීඩියෝ player එකේ seek bar එක වීඩියෝ එක අවසානය වෙනකන් drag කරන් ඇවිල්ල අතාරින්න , එතකොට ඒ වීඩියෝ එක අවසාන හරියට ඇවිල්ල ඉබේම ඊලග වීඩියෝ එක play වෙන්න ගන්නවා , අන්න එතකොට ඒ කලින් වීඩියෝ එක Watched List එකට ඇතුලත් කරගන්නවා.

    අපි Watched List එක open කරන විධානය දුන් විට මෙම window එක open කරගන්න පුළුවන් එහෙම නැත්තන් පහල විදිහට playlist එක open කරලා (1) කියන button එක click කල යුතුය.

    picture.php


    එවිට පහල පරිදි Watched List window එක open වෙනවා.

    picture.php


    1.මෙම ස්ථානයේ පෙන්නන්නේ අපි බලල ඉවරවුන වීඩියෝ එකේ විස්තර.

    2.මෙම button එක මගින් කරන්නේ අපි බලපු වීඩියෝ එක අපේ hard disk එකෙන් delete කරලා දානවා.මම මේ option එක add කලේ , අපේ පරිගණකයේ ඉඩ ඉතුරු කරගැනීම සදහා.
    මෙහිදී (1) පරිදි අපිට delete කිරීමට අවශ්‍ය රෙචොර්ඩ් එක click කරලා මෙම button එක click කල යුතුවේ.

    (අපි බලපු films තවත් තියාගෙන වැඩක් නැහැනේ , බොරුවට ඉඩ නාස්ති වෙන එකනේ වෙන්නේ , අනික අපි films තියෙන තැනට ගිහින් බැලුවත් වෙලාවකට මතක නැහැනේ අපි මොන මොන ෆිල්ම් එක බැලුවද කියල.ඉතින් මේ ලිස්ට් එකෙන් පුළුවන් හොයාගන්න අපි බලල තියෙන films මොනාද , අපි කී වතාවක් ඒ ෆිල්ම් එක බැලුවද කියල දැනගෙන , එක delete කරලා දාන්න hard disk එකෙන්ම )
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Machang uba kamathi nag meka opensource karala github dapan just a idea


    මචන් මම github නෙමෙයි , එළකිරි එකේ කට්ටියට දෙන්න යන්නේ , ඉතින් දෙන්න කලින් මම මේ project එක ගැන විස්තරයක් දීල මේ ත්රෙඅඩ් එකේ අවසානයට project ලින්ක් ටික දෙනවා.:)
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මේක ගන්න තැනක් දෙන්නකො මචාන්.. මාර භාණ්ඩයක්නේ... :shocked::shocked:

    පොඩ්ඩක් ඉවසහන් මචන් මම මේක දෙනවා , ඔක්කොටම කලින් මම මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ නැත්තන් දන්නේ නැහැනේ
     
    • Like
    Reactions: chanaka chana

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Quick Launch Panel

    මම දැන් පෙන්නනම් Quick Launch Panel එක ගැන.මම මේක අලුතින් එකතු කරපු අංගයක්.මම ඉදිරියට මේ system එකට add කරන applications වලට shortcuts මේකට තමයි add කරන්නේ.main interface එකේ (2) click කිරීම මගින් හෝ ඉහතදී සදහන් කල විධාන මගින් මෙය open කරගත හැක.මේ පහලින් තියෙන්නේ Quick Launch Panel එකයි


    picture.php


    මේකේ උඩම row එකේ තියෙන applications ඔක්කොම මම අලුතින් මේ system එකට add කරපු එවයි.

    0.මෙමගින් Quick Launch Panel එක close කරනු ලබයි.

    1.මෙය mp3 Tag Editing application එකේ shortcut එකයි.

    2.මෙය device controller (බාහිර විදුලි උපකරණ පාලනය කරන ) application එකේ shortcut එකයි.

    3.මෙය picture viewer application එකේ shortcut එකයි.

    4.මෙය Alarm & Timer application එකේ shortcut එකයි.

    5.මෙය facebook website එකේ shortcut එකයි.

    6.මෙය twitter website එකේ shortcut එකයි.

    7.මෙය youtube website එකේ shortcut එකයි.

    8.මෙය Google+ website එකේ shortcut එකයි.

    9.මෙය Google mail(Gmail) website එකේ shortcut එකයි.

    10.මෙය Yahoo Mail website එකේ shortcut එකයි.

    11.මෙය e-bay website එකේ shortcut එකයි.

    12.මෙය Amezon website එකේ shortcut එකයි.


    මට මේකට එළකිරි එකේ shortcut එක add කරන්න බැරිඋනා , හේතුව තමයි එළකිරි ලෝගෝ එක ටිකක් දිග වැඩි , එකේ shortcut ඉමගේ එක හදන්න ගියාම ටිකක් අවුල්.එකත් මම කොහොමහරි ඉස්සරහදි add කරනවා.

    ඊට අමතරව මම අලුතින් හදන applications මේ system එකටම attach කරලා ඒවාවල shortcuts මේ panel එකේ තමයි add කරන්නේ.මේ panel ඉස්සරහට තවත් expand වෙනවා.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Mp3 Tag Editer - Music Files Organizer

    මම දැන් කියල දෙන්නම් මේ system එකේ තියෙන Mp3 Tag Editer එක ගැන.මේකෙන් කරන ප්‍රධාන දේ තමයි mp3 files (සින්දු) වල තියෙන tag එක edit කරන එක .ඒ කියන්නේ mp3 සින්දුවක් ගත්තම සින්දුව ගැන විස්තරයක් තියෙනවා ඒ file එකේ.සින්දුවේ title එක , artist කව්ද , author කව්ද, සින්දුවේ type (genre ) එක මොකක්ද , සින්දුව තියෙන album එක මොකක්ද , සින්දුවේ lyrics , මේ වගේ දත්ත ගොඩක් තියෙනවා.ඉතින් මේ application එකෙන් පුළුවන් අපිට ඒ තියෙන tags වල details edit / වෙනස් කරන්න.හැබැයි ඔක්කොම details නෙමෙයි , මම හැදුවේ title , artist,album,genre,author කියන columns විතරක් edit කරන්න.අනිත් detailsඋත් edit කරන්න හදන්න ගියොත් මේ application ගොඩක් සංකීර්ණ වෙනවා.ඒ නිසා මම එච්චර දුරට ගියේ නැහැ.

    tags පිළිබද විස්තරයක්

    http://en.wikipedia.org/wiki/ID3

    ඊට අමතරව තව විශේෂ දෙයක් තමයි අපිට පුළුවන් මේ application එක ආදරයෙන් අපේ සින්දු library එක පිළිවෙලකට අපි settings වලදී දුන්න path එකට අසුරන්න.එහෙම පිළිවෙලකට සින්දු ටික කොපි කරද්දී සින්දුවේ file name එක title එකේ හැටියට හෝ title එක හා author හැටියට rename කරනවා.ඊට අමතරව genre එක හැටියට හෝ author හැටියට වෙන වෙනම folders හදල අදාල folder එකට අදාල සින්දුව කොපි කරනවා.


    මේ පහලින් තියෙන්නේ එම application එකයි.මම නම්බර පිළිවෙලට විස්තර කරන්නම්.


    picture.php


    1.මේකෙන් කරන්නේ ඔයාගේ songs library එකට සින්දු add කරගන්න එක.ඔයාට එකට තනි සින්දුව ගානේ හෝ folder එකක් පිටින් add කරගැනීමේ හැකියාව තියෙනවා.

    2.මෙතන තියෙන්නේ ඒ library එකට add කරගත්ත සින්දු ටික.අපි මේකේ තියෙන එක සින්දුවක් (record) එකක් click කරපුවහම ඒ සින්දුවේ තියෙන details (file name ,title,artist,album,author,genre,සෝන්ග් path) එක (3,4,5,6,7) කියන ස්ථානවල පෙන්නන්නවා.

    3.මේකේ වෙන්නේ, ඉහත (2) කියූ පරිදි සින්දුව click කරහම , ඒ සින්දුවේ title එක මෙම ස්ථානයේ පෙන්වනවා.අපට අවශ්‍යනම් මෙම field එකේ තියෙන දත්තය වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා.

    4.මේකේ වෙන්නේ, ඉහත (2) කියූ පරිදි සින්දුව click කරහම , ඒ සින්දුවේ artist මෙම ස්ථානයේ පෙන්වනවා.අපට අවශ්‍යනම් මෙම field එකේ තියෙන දත්තය වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා.

    5.මේකේ වෙන්නේ, ඉහත (2) කියූ පරිදි සින්දුව click කරහම , ඒ සින්දුව තියෙන album එක මෙම ස්ථානයේ පෙන්වනවා.අපට අවශ්‍යනම් මෙම field එකේ තියෙන දත්තය වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා.

    6.මේකේ වෙන්නේ, ඉහත (2) කියූ පරිදි සින්දුව click කරහම , ඒ සින්දුවේ අයිතිකාරයා (author)ව මෙම ස්ථානයේ පෙන්වනවා.අපට අවශ්‍යනම් මෙම field එකේ තියෙන දත්තය වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා.

    7.මේකේ වෙන්නේ, ඉහත (2) කියූ පරිදි සින්දුව click කරහම , ඒ සින්දුවේ type (genre) එක මෙම ස්ථානයේ පෙන්වනවා.අපට අවශ්‍යනම් මෙම field එකේ තියෙන දත්තය වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා.

    8.ඉහත සදහන් පරිදි අපි (2) click කරපු සින්දුවේ details ටික (3,4,5,6,7) දී වෙනස් කරලා මෙම button එක click කල විට එම අපි අලුතින් ලබා දුන්න දත්ත ටික එම සින්දුවේ original file එකට ඇතුලත් (වෙනස්) කරනවා.

    9.මෙම button එකෙන් කරන්නේ ඉහත(8) පරිදි සියලුම details වෙනස් කර save කර ලිස්ට් (2) තියෙන කලින් file එක select කිරීමයි.

    10.මෙම button එකෙන් කරන්නේ ඉහත(8) පරිදි සියලුම details වෙනස් කර save කර ලිස්ට් (2) තියෙන ඊළගට file එක select කිරීමයි.

    11.මෙම button එකෙන් කරන්නේ , අපේ songs library එකේ තියෙන සියලුම ගීත ටික , අපි settings වලදී දීල තියෙන විදිහට එම සින්දු වල file names rename කර අදාල output folder එකට genre පිළිවෙලට හෝ author පිළිවෙලට folders හදල ඒ folders වලට අදාල ගීතය පිටපත් කිරීමයි.

    12.මෙය player එකකි.අපි (2) select කරපු ගීතය මෙහි තිබෙන controls බාවිතා කර play කිරීමට හැකියාව තියෙනවා.

    13.මෙමගින් සිදු කරන්නේ අපේ songs library එකේ තියෙන ඔක්කොම සින්දු ටික අයින් කරලා දන එක.


    පහලින් මම පෙන්නනම් මෙම application එක වැඩ කරන හැටි වීඩියෝවක්.


     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Device Controller - Arduino

    මම දැන් පෙන්නනම් Device Controller එක ගැන.මේකෙන් වෙන්නේ මේ system එක Arduino පරිපථයකට සම්බන්ද වෙලා ඒ පරිපථය හරහා පිටින් තියෙන විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම සහ ක්‍රියා විරහිත කිරීමයි.

    අපි මෙම application window එක හරහා බාහිර උපකරණ හසුරවන්න නම්.මුලින්ම

    Automation on කියන විධානය මගින් system එක Arduino පරිපථය සමග සම්බන්ධතාව ඇති කරගන්න ඕනේ.

    ඊට පසුව අපි settings වලදී දුන්න විදිහට අදාල උපකරණය ක්‍රියාත්මක කිරීමට හා ක්‍රියා විරහිත කිරීමට අදාල විධාන ලබා දිය යුතු වේ.

    එසේ නැතිනම් මේ පහල ඇති Device Controller window එක මගින් අපිට බාහිර උපකරණ හැසිරවීමේ හැකියාව තියෙනවා.

    ඊට ප්‍රථමයෙන් අපිට සිද්ද වෙනවා අපගේ Arduino පරිපථයට මෙම පහලින් ඇති Arduino වැඩසටහන ඇතුලත් කරගන්න.

    https://www.dropbox.com/s/agncm8odxg53caq/Java.ino?dl=0

    එම Arduino වැඩසටහන ඇතුලත් කරගැනීම මගින් මේ system එකට Arduino පරිපථය සමග සම්බන්දතාවය ඇති කරගෙන නිසියාකාරව ක්‍රියාත්මක විය හැක.


    හරි මම දැන් විස්තර කරන්නම් පහල ඇති Device Controller application එක ගැන.

    picture.php



    0.system එක Arduino පරිපථයට සම්බන්ද කිරීමට නම් මෙයට tick එක දැමිය යුතුය.තව දෙයක් වෙන්නේ අපි පරිගණකයට Arduino පරිපථයක් සම්බන්ද නොකර මෙයට tick එක දැමීමට උත්සහ කලාට මෙයට tick එක වැටෙන්නේ නැහැ වගේම සම්බන්දතාවයක් ඇති කරගන්නේ නැහැ.



    මෙහි tick එක අයින් කලාම සම්බන්දතාව නැති කරගන්නවා වගේම සම්බන්ද කරලා තියෙන ඔක්කොම උපකරණ ටික ක්‍රියා විරහිත කරනවා.

    1.මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙන පලමු බාහිර උපකරණයයි.මෙම button එක එක පාරක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා.

    2.මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙන දෙවන බාහිර උපකරණයයි.මෙම button එක එක පාර2ක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා.

    3.මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙනතෙවන බාහිර උපකරණයයි.මෙම button එක එක පාරක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා.

    4.මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙන හතරවන බාහිර උපකරණයයි.මෙම button එක එක පාරක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා.

    5.මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙන පස්වන බාහිර උපකරණයයි.මෙම button එක එක පාරක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා.

    6.මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙන හයවන බාහිර උපකරණයයි.මෙම button එක එක පාරක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා.

    මන් මේ ත්‍රෙඩ් එකට පෙන්නන ඕන නිසා Arduino එකට LED Bulbs කීපයක් සම්බන්ද කරලා පෙන්නලා තියෙන්නේ.ඔය LED bulb එක වෙනුවට ට්‍රාන්සිස්ටර් එකක් මාර්ගයෙන් Relay එකක් සම්බන්ද කරලා අපිට 230V වලින් වැඩ කරන උපකරණ උනත් පාලනය කරන්න පුළුවන්.

    පහතින් තියෙන්නේ ඒ Arduino පරිපථ සටහනයි.

    2ahcn0p.jpg


    මෙහිදී , Arduino පරිපථයේ digital pin 2ත් ඇතුළුව 7 දක්වා , උපකරණ 6ක් සම්බන්ද කරගන්න පුළුවන්.

    292u0qa.jpg


    මේ පහල තියෙන වීඩියෝ එක බලන්න Automation system එක වැඩ කරන හැටි .




     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Picture Library

    දැන් මම විස්තර කරන්නම් Picture Library එක ගැන .අපි settings වලදී pictures folder කියන තැනට දුන්න පාත් එකේ තියෙන සියලුම පින්තුර ටික මෙය load කරගන්නවා.මම මේකේ පහල නොම්බර් කරලා තියෙන විදිහට විස්තර කරන්නම්.


    picture.php



    0. මෙමගින් අපිට පුළුවන් අපේ picture library එකට අලුතින් පින්තුර එකින් එක හෝ folders පිටින් add කරගන්න.

    1.මෙමගින් කරන්නේ library එකේ තියෙන ඔක්කොම පින්තුර ටික thumbnails ආකාරයට (5) ස්ථානයේ පෙන්නන්නවා.

    2.මෙමගින් කරන්නේ library එකේ තියෙන ඔක්කොම පින්තුර ටික slideshow එකක් ආකාරයට පෙන්වන එකයි.

    3.මෙමගින් කරන්නේ library එකේ තියෙන ඔක්කොම පින්තුර ටික ඉවත් කරන එකයි.

    4.මෙතන තමයි library එකේ තියෙන ඔක්කොම පින්තුර ටික පෙන්නන්නේ.

    5.මෙහිදී වෙන්නේ (4) ලිස්ට් එකේ තියෙන පින්තුරයක් click කරපුවහම මෙතන thumbnail එකක් විදිහට පෙන්නන්නවා , එහෙම පෙන්නන්න thumbnail එක click කරපුවහම පහත ආකාරයට එම පින්තුරය වෙනම window එකක පෙන්නන්නවා .


    picture.php



    ඉහත පින්තුරයේ ආකාරයට,

    0.මෙමගින් picture window එක close කරනු ලබයි.

    1.මෙය click කිරීම මගින් ලිස්ට් (4) තියෙන කලින් පින්තුරය මෙම window එකේම පෙන්නයි.

    2.මෙය click කිරීම මගින් මෙම open වී ඇති පින්තුරයෙන් පටන් ගෙන slideshow එක play වෙයි.

    3.මෙය click කිරීම මගින් ලිස්ට් (4) තියෙන ඊලග පින්තුරය මෙම window එකේම පෙන්නයි.

    පහලින් තියෙන්නේ slideshow එකක screenshot එකක්

    211otjn.png
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Alarm | Timer

    මම අද කියල දෙන්නම් එලාම් හා ටයිමර් එක වැඩ කරන හැටි .මේ පහලින් තියෙනේ ඒ window එක තමයි.

    picture.php


    මම ඔක්කොම පහල තියෙන විදිහට නම්බර ටික විස්තර කරන්නම්.

    picture.php


    0.මෙතන පෙන්නන්නේ ඔයාගේ system time එක.

    1.මෙතනින් ඔය select කරන්න ඕනේ එලාම් එක වදින්න ඕන වෙලාවේ පැය අගය.

    2.මෙතනින් ඔය select කරන්න ඕනේ එලාම් එක වදින්න ඕන වෙලාවේ මිනිත්තු අගය.

    3.මෙතනින් ඔය select කරන්න ඕනේ එලාම් එක වදින්න ඕන වෙලාවේ අවස්ථාව(උදේද / හවසද ) කියන එක.

    4.මෙතන ඔය type කරන්න ඕනේ මේ එලාම් එකට නමක් .

    5.මෙතනින් ඔයාල select කරන්න ඕනේ එලාම් එකට tone එකක් , ඔයාල tone එක select කරද්දී preview එකක් play වෙනවා.

    6.මෙතනට ඔයාල ටික් එක දැම්මම තමයි එලාම් එක activate වෙන්නේ.එලාම් එක activate උනහම අපේ main interface එකේ දිනය පෙන්නන තැනට පහලින් එලාම් එක වදින වෙලාව පෙන්නන්නවා.

    7.මෙතන පෙන්නන්නේ අපි ටයිමර් එක activate කලහම time countdown එක .

    8.මෙතනින් අපි select කරන්න ඕනේ ටයිමර් එක වදින්න ඕනේ පැය ගාන.

    9.මෙතනින් අපි select කරන්න ඕනේ ටයිමර් එක වදින්න ඕනේ මිනිත්තු ගාන.

    10.මෙතනින් ඔයාල select කරන්න ඕනේ ටයිමර් එකට tone එකක් , ඔයාල tone එක select කරද්දී preview එකක් play වෙනවා.

    11.මේ button එක click කරපු ගමන් timer එක countdown වෙන්න පටන් ගන්නවා.ටයිමර් එක activate උනහම අපේ main interface එකේ දිනය පෙන්නන තැනට පහලින් එලාම් එක වදින වෙලාව පෙන්නන්නවා.