Java Speech Recognition System

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    හලෝ මචන්ලා ඔන්න අද මන් ආවේ මන් කලින් දුන්න Speech Recognition System එකේ upgraded version එකක් අරගෙන .මේ පහලින් තියෙන්නේ ඒ upgraded version එකයි.

    මන් කලින් දාපු Thread එක

    http://www.elakiri.com/forum/showthread.php?p=17031165#post17031165



    104rq00.jpg



    මන් ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම් අංක පිළිවෙලට .

    0.Close Button (Command :- "exit")

    ඕගොල්ලෝ කව්රුත් දන්නවා වගේ මේකෙන් කරන්නේ මෘදුකාංගය close කරල දාන එක.ඒකට voice command එක තමයි "exit".

    01.Command List Button (Command :- "show commands")

    මේකෙන් බලාගන්න පුළුවන් ඕගොල්ලෝ දීල තියෙන custom commands සහ system commands ටික.

    02.Video Player (Commands :- "start video" / "dispose video")


    මේක මන් අලුතින් එකතු කරපු feature එකක්.හැබැයි තාම 100% හොදටම නැහැ .තාම under developing.වීඩියෝ player එක open කරන්න "start video" කියන command එකෙන්ද close කරන්න "dispose video" කියන command එකෙන්ද පුළුවන්.

    03.Mail (Commands :- "check mail" / "close mail")

    මේකෙන් පුළුවන් ඕගොල්ලන්ට ඕගොල්ලෝ settings වලදී දුන්න e mail address ඒකට ඇවිත් තියෙන unread mails බලාගන්න.මේකෙන් mails read කරන්න විතරක් නෙමේ ඒ mail එක forward කරන්න වගේම ඒකට reply කරන්නත් පුළුවන් .ඒ වගේම එකේ තියෙන attachments ඕගොල්ලෝ settings වලදී දුන්න attachment folder ඒකට බාගත කරගන්නවා .

    04.Weather button (Commands :- "show weather" / "close weather")

    මේකෙන් පුළුවන් ඕගොල්ලෝ settings වලදී දුන්න city එකේ weather එක බලාගන්න.උෂ්ණත්වය සෙල්සියස් හා ෆැරන්හයිට් වලින් වගේමhumidity එකත් බලාගන්න පුළුවන්.

    05.Listening Indicator.

    මේක button එකක් නෙමේ indicator එකක්.ඕගොල්ලෝ මොනාහරි කියද්දී ඒ වචනය ග්‍රහණය කරගත්ත කියල පෙන්නන්න indicator එකක් තමයි මේ.

    06.Internet Connection Indicator.

    මේකත් button එකක් නෙමේ .අන්තර්ජාල සම්බන්දතාවය තියෙනවද නැද්ද කියල පෙන්නන්න indicator එකක්.අන්තර්ජාල සම්බන්දතාවය තියෙනවනම් කහ පාටින්ද නැත්තන් කොළ පාටින්ද පෙන්නයි.

    07.Settings Window Button (Commands :- "show settings" / "close settings")


    මේකෙන් තමයි ඕගොල්ලන්ට මේ system ඒකට අලුත් commands දෙන්න වගේම තියෙන commands delete කරන්නත් පුළුවන්.ඒ වගේම e mail address එක මාරු කරන්න , music folder (source) එක වෙනස් කරන්න , video folder (source) එක වෙනස් කරන්න වගේම weather එකේ city එක වෙනස් කරන්නත් පුළුවන්.

    08.Playlist (Commands :- "show playlist" / "close playlist")


    මේක තමයි ඔයා දීල music folder තියෙන video folder හා එකේ තියෙන සිංදු හා වීඩියෝස් ගබඩා කරගෙන ඉන්නේ.ඔයා video player button එක click කරල playlist එක open කලොත් ඔයාට පෙන්නන්නේ වීඩියෝ files ටික එහෙම නැත්තන් (වීඩියෝ එක කරලනම් ) පෙන්නන්නේ audio files ටික .ඔයාට අවශ්‍ය සින්දුව හෝ වීඩියෝ එක playlist එකේ search bar එකේ ටයිප් කරල(සම්පුර්ණ වචනයම අවශ්‍ය නැත ) search කරහම එකේ list එකේ පෙන්නනවා .එක click කරහම play වෙනවා.

    09.Shuffle button (Commands :- "shuffle on" / "shuffle off")



    මේ button එක click කිරීම මගින් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා playlist එකේ තියෙන සිංදු හෝ වීඩියෝස් කලවම් කරගැනීමට.ඒ වගේම shuffle on කරල තියෙද්දී සිංදු හෝ වීඩීයෝස් අහඹු ලෙස player එක විසින් play කරනු ලබයි.එක පාරක් button එක click කිරීමෙන්ද නැවත වරක් click කිරීමෙන් shuffle off ද වේ.

    10.Next Button (Commands :- "next" / "skip")

    මේ button එක click කිරීම මගින් ඊලග සින්දුව හෝ වීඩියෝව play කරගත හැකි.

    11.Play Button (Commands :- "play" / "resume" / "music").

    මේ button එක click කිරීම මගින් සින්දුව හෝ වීඩියෝ එක කරගත හැකියි .

    12.Pause Button (Commands :- "pause" / "hold")


    මෙම button එක click කිරීම මගින් play වෙන වීඩියෝ එක හෝ සින්දුව තාවකාලිකව නැවැත්විය හැකියි.

    13.Back Button (Commands :- "back" / "previous")

    මේ button එක click කිරීම මගින් පෙර සින්දුව හෝ වීඩියෝව play කරගත හැකි.

    14.Stop Button (Command :- "stop")


    මෙම button එක click කිරීම මගින් play වෙන වීඩියෝ එක හෝ සින්දුව නැවැත්විය හැකියි.

    15.Volume Decrease Button (Command :- "decrease volume")

    මෙම button එක click කිරීම මගින් Software එකේ volume එක අඩු කරගත හැකියි.

    16.Volume Increase Button (Command :- "increase volume")

    මෙම button එක click කිරීම මගින් Software එකේ volume එක වැඩි කරගත හැකියි.

    17.Player Display

    මෙය මගින් play වෙන සින්දුවේ title එක පෙන්වනු ලබයි.

    තව "stop listening" / "sleep" කියන Commands මගින් ඔයා කියන දේවල් වලට සවන් දෙන එක නවත්වනවා වගේම "start listening" / "wake up" කියන විදාන දුන් විට නැවත ඔයා කියන දේවල් වලට සවන් දීල එම විධානයන් ක්‍රියාත්මක කරනු ලබනවා.

    මේකේ තව තියෙන feature එකක් තමයි,ඕගොල්ලන්ට අවාශ්‍ය text එකක් select කර "read" කියන විධානය දුන් විට ඒ ඔයා select කරපු text එක මෙය කියවනවා.ඒ කියවන එක නැවත්වීමට "stop reading"කියන විධානය ලබා දිය යුතුයි.
    තව mail window එක open කරල අවශ්‍ය mail එක click කරල "read" කියන command එක දුන්නම මෙය ඒ click කරපු mail එක read කරනවා.එහෙම නැතුව mail window එක open කරල "read" කියන එක command එක දුන්නොත් තියෙන ඔක්කොම mails පිළිවෙලට read කරනවා.

    තව feature එකක් තමයි මෙය අපි කියන දේ type කරනවා , හැබැයි තාම මන් එක හරියටම develop කලේ නැහැ , ඒ feature එක on කිරීමට නම් "type mode on" කියන command එක මගින්ද එක off කිරීමට නම් "type mode off" කියන command එක මගිනද අපිට කියවන විට type කිරීම කරගත හැක.

    මේ link එක මගින් ඕගොල්ලන්ට software එක බාගත කරගත හැක.

    http://www.mediafire.com/download/iuxrkv1rsoc0s0i/H.B.S.N.rar

    පහල ඇති වීඩියෝ එක මගින් software එක install කරගැනීම හා config කරගැනීම ගැන අවබෝධයක් ලබාගත හැක.




    ඔගොල්ලනුත් කරල බලල වැරදි අඩුපාඩු එහෙම තියෙනවනම් පෙන්නලා දෙන්න , මන් මේක තාම develop කරන ගමන්.:Dතව මේක හදන්න අත දුන්න DjVodka සහෝදරයට විශේෂ ස්තුතිය පල කර සිටිනවා

    කව්රුහරි ඉන්නවනම් මේ project එක ගැන interest එකක් තියෙන අය මට PM එකක් දාන්න මන් එක download කරගන්න link එක දෙන්නම්.:yes::yes:

    සැමට ජය.සින්හලයා වැජබේවා .:D:D


     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    පට්ට මචෝ.. සුපිරි වැඩක්. උබ පාවිච්චි කරපු Libraries මොනාද? මට පුලුවන් නම් project එක දෙනවද.. මාත් ඉස්සර Eliza project එක Java වලින් Redevelop කලා. ඒත් ඒක මග නැවතුනා. මගේ speech recognition library එක එච්චරම සාර්තක නෑ. text to speech එකත් එහෙමයි. google එක තමා දැන් use කරන්නෙ. ඒකෙත් offline දෙන්නෙ නෑනෙ.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    පට්ට මචෝ.. සුපිරි වැඩක්. උබ පාවිච්චි කරපු Libraries මොනාද? මට පුලුවන් නම් project එක දෙනවද.. මාත් ඉස්සර Eliza project එක Java වලින් Redevelop කලා. ඒත් ඒක මග නැවතුනා. මගේ speech recognition library එක එච්චරම සාර්තක නෑ. text to speech එකත් එහෙමයි. google එක තමා දැන් use කරන්නෙ. ඒකෙත් offline දෙන්නෙ නෑනෙ.

    meke libralies godak thiyenawa ban.

    Speech recognitoin ekata - Sphinx & cgjsapi
    Text to speech ekta - java free TTS.
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    නියමයි මචං වැඩේ සුපිරියට තියෙන්නෙ. softpedia එකට අප්ලෝඩ් කරන්න ඇප් එක. එතකොට ගොඩක් අය අතරට යනව. මේටික වැඩ මචං ටිකක්. ඉඩක් ලැබිච්ච ගමන් දාලා බලල feedback එකක් දෙන්නම් :D
     
    • Like
    Reactions: Hasistranger