Jawan බැලුවෙමි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් එහෙමත් නැත්තම් කින් ඛාන් ගෙ අළුත්ම චිත්‍රපටය ජවාන් ය .
    ශාරුක් ගෙ උපන්දිනය පසුගිය සතියෙ යෙදි තිබුන නිසාදො නෙට්ෆ්ලික්ස් ඔහුගෙ අළුත්ම චිත්‍රපටය ඌ ජවාන් උඩුගත කර තිබිණි .

    නිවාඩුවෙ ඉන්න වෙලාවෙ චිත්‍රපටය බැලිමට මා තීරණය කළෙමි (නෙට්ෆ්ලික්ස් එකෙ හින්දි බලනවා කියලා අනං මනං කියන්න ඔට්ටු නැහැ ඕං )

    මුලදි සටන් ජවනිකාවෙන්ම මා චිත්‍රපටය කොයි වගෙ එකක් දැයි තීරණය කලෙමි .
    වෙන වැඩක් නොමැති නිසා මා චිත්‍රපටය බැලිමට සිතා ගතිමි .

    පටන් ගැන්මේදීම සුපුරුදු දමිල තෙලුඟු ඇතුලු දකුණු ඉන්දීය භෞතික විද්‍යාවට අභියොග වන සිනමා සටන් ජවනිකා වලින් සමන්විත විය. නමුත් චිත්‍රපටයෙ කතාව කුමක්දැයි තෙරුම් ගැනිමට එකවරම නොහැකි විය.
    නමුත් පලවෙනි සටන් ජවනිකාව අවසන් වීමෙන් පසුව ශාරුක්ඛාන් සහ කෙල්ලන් පිරිසක් කොච්චියක් හයිජැක් කරන කොටසෙන්ම චිත්‍රපටයෙ කතාව සම්පූර්ණයෙන්ම තේරුම් ගතිමි .

    මා හට මතකයට නැඟුනෙ කුඩා කල අප නරඹා ඇති ශංකර් වැනි දමිළ සිනම අධ්‍යක්ෂවරුන්ගෙ චිත්‍රපට වල ඇති
    දූෂිත දේශපාලනයෙන් බැට කන ,ධනපතින්ගෙන් පීඩාවට පාත්‍රවන සමාජයක අසාධාරණකම් වලට විරුද්ධ පීඩිත පන්තිය වෙනුවෙන් පෙනි සිටින දුප්පතාගෙ හිතවතාගෙ ටයිප් එකෙ ස්ටොරි එකක් ය.
    නමුත් ශංකර්ගෙ අප නරඹා ඇති අන්නියන් ,ඉන්දියන් ,මුදලාවන් චිත්‍රපට තරම් මා හට ජවාන් හිතට වැදුනේ නැත.

    මෙම චිත්‍රපටයෙ අධ්‍යක්ෂක ඇට්ලී කුමාර් ඔහුගෙ චිත්‍රපට ගමන අරඹන්නෙ උක්ත ශංකර් යටතෙ සහාය අධ්‍යක්ෂක වරයෙක් වීමෙන් බව විකීපීඩියාවෙන් මා කියවා දැන ගතිමි .
    එම නිසා ජවාන් චිත්‍රපටයට ඉහත කී ශංකර් ගෙ චිත්‍රපට වල ආභාසය ලැබන්නට ඇතැයි අනුමාන කල හැක .

    තනි වැකියකින් චිත්‍රපටය ගැන විග්‍රහ කරතොත්
    දෙමල-තෙලුඟු චිත්‍රපටයක ශාරුක් ඛාන් සිටියා වාගෙ .

    සමස්ථය වශයෙන් ගත් කල චිත්‍රපටය අමු ගොන් ගොන් පාට්ය ගොබ්බය .
    නමුත් බොක්ස් ඔෆිස් වාර්තා නම් බිඳ දමා ඇත.
    පොඩ්ඩක් ඉන්දීය සිනමා බොක්ස් ඔෆිස් වාර්තා ලිස්ට් එක බැලුවහොත් ඉන්දියානු ප්‍රක්ෂකයන්ගෙ සිනමා රසවින්දනය ඇත්තෙ කොතනද කියා තෙරුම් ගත හැක .

    ජවාන්, පතාන් ,කේ ජී ඒෆ් චැප්ටර් ටු ,ආර් ආර් ආර් බාහුබලි වැනි චිත්‍රපට ලිස්ට් එකෙ ටොප් තැන් වලය.
    දන්ගල් චිත්‍රපටය බොක්ස් ඔෆිස් වලින් ෆර්ස්ට් ය ඒ චීනයෙ ආමීර් ඛාන්ගෙ ෆැන් බේස් එක නිසාය.
    ඉන්දියාව තුල පමණක් ගත්තොත් දන්ගල් සිටින්නෙ 7 වෙනි ස්ථානයේ ය.

    අප කුඩා කල දුටු බොලිවුඩ් දැන් දකින්නට නැත.
    අප කුඩාකල ශාරුක් ඛාන් බොලිවුඩ් රිදි තිරයේ ආදරවන්තයාය.
    දැන් බොලිවුඩ් තෙලුඟු-දමිල සිනමව දෙසට කෙමෙන් කෙමෙන් ගමන් කරන බව පෙනෙ .
    ශාරුක් ඛාන් ද පසුගිය කාල වකවානුවක දරුණු පසුබෑමක සිටියේය.
    ඔහුගෙ චිත්‍රපට එක පෙලට අසාර්ථක ගොන්නෙ සිටි නිසාය.
    සමහරක් චිත්‍රපට මුදල් පැත්තෙන් ජාමෙ බේරගත්තත් එතරම් කතා බහට ලක් වන මට්ටමෙ එව්වා නොවීය.

    චල්තෙ චල්තෙ ,කල් හෝන හෝ,වීර් සාර ,මේ හු නා චිත්‍ර පට වල සිටි ආදර ශාරුක් ඛාන් තව දුරටත් දැක ගනු නොහැක .
    ස්වදේස් ,අසෝක ,චක් දෙ ඉන්දිය වගෙ චිත්‍රපට වල සිටිය සීරියස් ශාරුක් ඛාන් ද තව දුරටත් නැත.
    දැන් දක්නට ලැබෙන්නෙ තෙලුඟු,දමිල සිනමාවට ගලපගන්න හදන ශාරුක් ඛාන් ය.

    එහි අරම්භය චෙන්නයි එක්ස්ප්‍රස් හී දුටිමි.

     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,884
    2
    115,927
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dilwale_Dulhania_Le_Jayenge_poster.jpg


    මේ වගේ නෑ අලුත් ඒව..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,929
    113
    Summary

    සමස්ථය වශයෙන් ගත් කල චිත්‍රපටය අමු ගොන් ගොන් පාට්ය ගොබ්බය .