den inna eka startup ekakda , yanna inna eka stable da?
same type thamai company ekath
හොදම දේ තමයි යන එක .
උබේ තැනට වෙන එකෙක් හොයාගන්නකන් 1.5ගෙවයි .
ඊටපස්සේ පලාබෙදන්න ගන්නවා
මම නම් හිතන්නේ නැ එහෙම වෙයි කියලා.
wayasa 35+ panala nam loku risks ganna epa machan salary nisaa. inna thana hodaiyi nam aiyin wenna epaa.
salary nam prashane eka hoyanna online dewal walin. padi balagena honda jobs nathi karganan epaa
danna sahenna un innawa regret karana un gatha decsion rupiyal 10,000 wage wadi salary ekake gana hithala gihilla.
company eka hodaiyi nam, polcits nathnam aniwa inna. hari adui ehama ewaa bung.
Salli nam prashnae eka hoyanna online wath deyak karalaa
Thanks bro advice එකට.
comfort zone එක අවුල් වෙන්නේ එතන චාටර් නම් තමයි...උදාහරනෙකට මම එක කම්පැනි එකක වැඩ කරා දැන් අවුරුදු කිහිපෙකට කලින්..මහා කාලයක් නෑ වැඩිම උනොත් අවුරුදු 4ක් ඇති...එතන මට මාර සැප තිබ්බේ..ගෙදර ඉදන් විනාඩි 10යි ඔෆිස් එක,,මට රිපෝර්ට් කරන්න තිබ්බේ මෙහෙ හිටපු එකම ලොක්කට..මිනිහ මගේ හෙන ෆිට් එක...ඔක්කොම අනිත් ලොක්කෝ හිටියේ US...උනුත් මා එක්ක හෙන ෆිට්..මම ඔෆිස් ටයිම් එකේ ෆිල්ම් බලන්නත් යනවා..සැලරි එක හැබැයි ලොකුවට හම්බුනේ නැහැ..සාමාන්‍ය සැලරි එකක්..industry එකත් එක්ක බැලුවම below තිබ්බේ..එත් ඉතින් ෆුල් ආතල්..මොකෙක්වත් නැහැ ඇගිලි ගහන්න..එත් මොකක්දෝ අවුලක් තිබ්බ..දවසක් ඔෆිස් එකේ මොටිවේෂන් ස්පීච් එකක් කරා එකෙක් ගෙන්නලා..එකේ කිව්වා comfort zone එකේ ඉන්නෙපා... ඔයාට දියුණු වෙන්න ඕනේ නම් බය නැතුව එලියට අඩිය තියන්න කියල..මට එක හිතට වැදුනා...ඒ නිසා මන් එලියට බැස්ස..දැන් මට ඒ වගේ x5 වැටුපක් ලැබෙනවා..අරකෙ තරම් නිදහසක් නම් නැහැ..යන්න එන්න ඕනේ කට්ට..එත් ඉතින් හොද දේවල් තියෙනවා..ඒ නිසා සංසන්දනය කරලා බැලුවම ගත්තු තීරණේ හොදයි..තමන්ට චැලේන්ජ් එකක් එන්නේ නැත්තම් දියුණුවක් වෙන්නේ නැහැ..
උබට ඉතින් මේ බයිලා වැඩක් නැහැ...කාටහරි වැදගත් උනොත් කියල කිව්වේ...යන්න හේතුවක් නැත්තම්, එකම පඩිය හම්බෙනවානම් යනවට වඩා ඉන්න එක හොදයි...මොකද උබ අලුත් තැනට ගිහින් එතන සෙට් නැහැ වගේ කියල හිතිලා මාස 6ක් ඉදල අලුත් තැනකට ගියොත් උබ මාස 6ක් ඉදල අයින් වුනා වෙනවා..එහෙම නැතුව මේ ඉන්න තැන තව අවුරුදු 2ක් වත් හිටියොත් උබ අලුත් ඔප්ෂන් එකක් වේස්ට් කරගෙනත් නැහැ...සලරි එකත් වැඩිවෙලා..අර කම්පනියටම උනත් ආයේ ඇප්ලයි කරන්න පුළුවන් මෙතන ඉන්න බැරි තත්තවයක් උදා උනොත්...මන් නම් පර්සනලි හිතන්නේ ඉන්න බැරිම තත්ත්වයක් නැත්තම් යන්න නරකයි..
උබේ කම්පනියේ ආර්ථික තත්ත්වය දන්නේ උබනේ...උන්ට ඔය 1.5X එක ගානක් නැත්තම් ඉතින් ඉදපන්...
එක තමයි මචන්. දැන් ඉන්න තැන දැන් අවුරුදු 6ක්. එක දවසක් වත් පඩි පරක්කු වෙලා නැ. හවස 6 වගේ වෙනකොට බොසාම ඇවිත් දැන් වැඩ කරා ඇති ගෙවල් වලට යන්න කියලා. (රෑ 8 වගේ වෙනකම් වැඩ කරන දවසුත් තියෙනව. මාස තුනකට හතරකට දවසක් වගේ ). සෙනසුරාදා ඉරිදා වැඩ කරන්න දෙන්නේ නැ. ඔෆිස් එකට පරක්කු වෙලා ගියාට අවුලක් නැ. අවුරුදු 6 ට ම ඉල්ලපු නිවාඩුවක් නොදී ඉදලා නැ තාම. නිවාඩු 10ක් විතර එක දිගට දාල තියෙනවා. අනික බොසාම ඇවිත් කියලා ජිම් පලයන්. sugar, cholesterol check කරගනින් healthy විදියට හිටපන්.
අනික මට මෙතන freelancing කරන්න කිසිම අවුලක් නැ. ඒවාට encourage කරනවා. මටත් තියෙන බය අලුත් තැන මොන වගේ එකක් වෙයි ද කියලා ? freelancing කෙල වෙලාම යයිද දන්නේ නැ. වැඩ වලට හිර වෙලා. උබ කියන විදියටම නම් මටත් මෙතන ඉන්න එක හොදයි. මානසික සුවය තියෙනවා උපරිමේටම.
mama nam personally ohoma company walata kamati naha
ubata 1.5 salary denna puluwan kama tiyagena ubata dila nahane mechchara dawas,
dan denna hadanne uba yanna hadana nisane
මේක මචන් startup company එකක්. මම ටොප් level එකේම ඉන්න නිසා දන්නවා අපි ගිය අවුරුද්දේ කිසිම project එකක් කලේ නැ. ගිය මාසේ මගේ සැලරි 20% වලින් වැඩි කරා. තව project wise incentive දෙනවා කිව්වා ඉස්සරහට. මම නිකන් ඉන්න ගමන් දැම්මේ CV එක. CV දාල පැය ක් වගේ යනකොට මට කතා කරලා interview එකකට එන්න කිව්වා online. සැහෙන්න ඉක්මනට වැඩ ටික උනා.
a ganama denawa kiyala written illaganne...nettam passe adahasa wenas kaloth ehema...
එහෙම එකක් නැ මචන්. මේක startup company එකක්. කිසිම document එකකට sign නොකර මන් ලග දැන් ලක්ෂ 4.5 ක විතර ඔෆිස් එකේ බඩු මම ලග තියෙනවා. trust එකේ නම් ප්‍රශ්නයක් නැ.