mchnla mata job ekak labuna.
mage palaveni job eka,, kattiya mata meka poddak kiyanna...
secuirty, labours lata kohomada ogollo katha karanne ? mama aiye kiyala palaveni davase katha kala...manager kiwwa ehema kata karanna epa nama kiyala kata karanna kiyala, kohomada bn vayasa 50 vitara kenekta nama kiyala kata karanne ?
advice me...
නම කියල කතා කරපන් බන්, පළවෙනි ජොබ් එකේදී අපිත් ඔහොම තමා , ෆුල් අන්දුන් කුන්දුන් . බට් , ඒක company culture එක. හුගක් MNC / පිටරට investment / shares තියෙන company වල එහෙම තමයි. තව දෙයක්, නම කියල කතා කරන්න කියුව නම්, sir / madam කියන්නත් එපා කියයි. Mr / Mrs /Miss වගේ කියන්න කියයි, seniorම officer කෙනෙක්ට කතා කරද්දී. (අවශ්‍ය නම් )
මට නම් ඕක කියල දුන්නේ බොසාගේ සෙකට්‍රි, එතකොට department එකටම හිටිය පොඩිම එකා මම, ඉස්කෝලෙන් අවුට් උනා විතරයි. මන් පොඩි එකා හින්ද වැඩ පුරුදු වෙන කොට මොකක් හරි එකකට බොසාගේ සෙකට්‍රි , හම්බෙන්න ගිහින් , නම අගට අක්කේ කියල කතා කරා. අක්ක කියුවට ඇන්ටි තමා කියන්න ඕන හරිනම් වයස ගැන බලල . රැව්ව රැවිල්ලක් . හම්මේ....
මේකී කඩ්ඩෙන්ම දුන්නනේ මෙහෙ අක්කල , නංගිලා , අයියල, මල්ලිලා නැහැ. office එකක් , නම කියල කතා කරන්න, induction එකේදී කියල දුන්නේ නැද්ද අරකද මේකද කියල. මට හෙනම අප්සට් . ඇයි යකෝ, ඇවිල්ල දවස් කීයද, මේකිගේ රෙස්පෙට්. මන් sorry කියල, මට ඕන ෆයිල් එකත් අරන් ආවා (මට induction එකක් තිබ්බෙත් නැහැ ).
පස්සේ , lunch ගන්න වෙලාවේ, මේකි ඉන්නවා. මන් ශේප් එකේ මාරු වෙන්න යනකොටම මෙකි දැක්ක. ඊට පස්සේ, ඒ table එකටම මටත් අඩ ගහල , විස්තර ඇහුව. මමත් බයෙන් බයෙන් කතා කරේ, අයෙත් බනියිද කියල. බොසාගේ සෙකට්‍රි නේ , බොස්ට වඩා රෙස්පෙට් . කෑම කාල ඉවර වෙනකන් සිංහලෙන් කතා කරේ, ඒ අතරේ තම company culture එක ගැන කියල දුන්නේ. (මේකිට පස්සේ ආරංචි වෙලා තියෙන්නේ මට HR එකෙන් induction ඒක කරේ නැහැ කියල .)
සතියක් විතර යනකොට ඉතින් පට්ට fit . නම කියල කතා කරන්නත් මම පුරුදු උනා , ටොප් Management අයට විතරක් නමේ මුලට Mr . Miss කියල කතා කරා .