පත්තර වල ලොකු පඩි වලට දැන්වීම් දාන එක ගැන මම ඉස්සෙල්ල ලිපියක් දැම්මා.
ඒකෙ කියපු සමහර දේවල් දාල ආයෙම මේක ලියනවා අද දැක්ක ත්‍රෙඩ් එකක් නිසා.
කවුරුත් දැකල ඇති හිතා ගන්න බැරි ලොකු පඩියකට පිට රට රස්සාවල් දාල තියනවා. ඔය ජෝජ් ස්ටුවර්ට් වගේ ඒවායින් ඇරෙන්න අනික් ඒවා දාන්නේ ගොඩක් බොරු. ඒ ගොල්ලන්ගේ වැඩ සටහන මෙහෙමයි:
1. සමහරු කියයි "ඔයාට හොඳට කොලිෆිකේෂන් තියනවා. ඒත් එක්ස්පීරියන්ස් නෑනේ. ඒ හින්ද අපි මෙහෙ එක්ස්පීරියන්ස් ගන්න ටෙම්පරි තැනකට දානවා මාස හයකට " කියල. එච්චරයි. එතන තුට්ටු දෙකට වැඩ කරලා ඉවර වෙද්දී අර රස්සා කොම්පැනියත් නෑ. නැත්නම් "ආ ඒකට දැන් ලංකාවෙන් ගන්නෙ නෑනෙ."
2. "මේකට යවන්නේ පිළිවෙලට. ඔයා රෙජිස්ටර් වෙලා ඉන්න. වේකන්සිය ආපු ගමන් යවනවා." රෙජිස්ටර් වෙන්න 10,000 ක් විතර. ඉතින් රෙජිස්ටර් වෙලා බලන් ඉන්නවා. අහන අහන සැරේට "තවම වේකන්සියක් ආවේ නෑ. පොඩ්ඩක් ඉන්න."
ඔහොම ඉඳල අන්තිමේදී අවුරුද්දකට විතර පස්සේ සල්ලි ඉල්ලුවහම 10,000 සතයක් අඩු නැතුව දෙනවා. එතකොට මොකද උන් ඒ කරේ? ලක්ෂ ගානක් එකතු කරන උන් බිස්නස් කරලා ලාබත් අරන් ලක්ෂ ගානක. බැංකුවෙන් ණය ගන්නවට වැඩිය කොච්චර ලේසිද? 10,000 දීපු එකාට දැන් වටිනාකම 5,000 යි. පොලියක් වත් නෑ.
3. "ඔයා ට පුළුවන්. ඒත් සුදුසු කම් හදාගන්න ඕන. අපේ සිස්ටර් කම්පනිය බ්‍රිටිෂ් ඩිග්‍රී එකක් කරනවා. ඒකට ජෝන් වෙන්න. අපිම රට යවනවා ඊට පස්සේ. ඩිග්‍රී එකේ ෆයිනල් එකට. බය වෙන්න එපා."
ඔන්න ඉතින් ලක්ෂ ගානක් දීල ඒක කරනවා. කිසිස්ම පිළිගැනීමක් නැති ගුබ්බැයමක. ඉවර වෙලා ෆයිනල් අවුරුද්ද රට යන්න සෙට් වෙනවා. "බෑන්ක් බැලන්ස් නම් ඕන. පුළුවන් ද? බැරි නම් ඉතිං කරන්න දෙයක් නෑ."
තව සමහරු ඉන්නව බෑන්ක් බැලන්ස් පෙන්නනවා. ඒකට ලක්ෂ 3-5 අතර ගන්නවා. අන්තිමේදී රිජෙක්ට්. කතාව ඉවරයි.
4. මේසන් බාස්ලට ඉහල පඩි. මාසෙට ලක්ෂයයි. දවසට පැය 5 යි වැඩ. සියලු පහසු කම් ඇතුව. ඔන්න ඉතිං ඉන්ටවීව් එනවා."ඔයාට පුළුවන් බව පේනවා. ඒත් අපි බලන්න ඕන වැඩ කොහොමද කියල. මම දන්නා කෙනෙක්ගේ බිල්ඩිමක් හදන තැනට ගිහින් බලමු."
ඔන්න ගිහින් මේ මනුස්සය (එක්කෙනෙක් නෙවෙයි පෝලිමක් ඉන්නවා) දන්නා ශිල්ප ඔක්කොම දාල වැඩේ කරනවා. "ආ හොඳටම හොඳයි. යන්න ඕන දවස් දන්වල එවන්නම්." ඉතින් අර මනුස්සය ගෙදර යන්නේ කුකුලෙකුත් අරන්.
එතකම් මොකද්ද අරූ කරේ? ඌ කොන්ත්‍රාත් ගන්නවා අඩු ගානට කපරාරුව. අර ඉන්ටවීව් කියල මිනිස්සු දමල නොමිලේ වැඩේ කරගෙන බිල්ඩර් ගෙන් සල්ලි ගන්නවා.
අත රිදෙනවා. පස්සේ තව ලියන්නං
කලින් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1599263

Last edited: