බල්ලා බැඳල ද?
එක් ගෙදරක බල්ලකු යාබද නිවසේ බැල්ලියක සමඟ හාද ව සිටියේ ය. දිනක් තම නිවසේ වැට අද්දරට ගොස් බල්ලා සමඟ සංවාදයක යෙදුණු බැල්ලිය මෙසේ කීවාය.
“බලන්ඩකො අනේ, මේ ගෙදරට එන හැමෝම මුලින් ම අහන්නේ මං මැරි කරලද කියලනෙ.”
“මොනවා මිනිස්සුන්ට මොකටද අපේ වගක්? ඔය ඇත්තම ද?” බල්ලා කෝපයට පත්ව මහ හඬින් බිරුවේය.
“මං මොකටද බොරු කියන්නේ. මෙහාට එන හැමෝම ගේට්ටුව ළඟ ඉඳන් හයියෙන් අහනව ‘බල්ලා බැඳලද’ කියල.” බැල්ලිය පිළිතුරු දුන්නා ය.
හැමදාම ඇඳුම් මැදීම
හවස් යාමයේ තම පෙම්වතිය නිලන්ති සමඟ මුහුදු වෙරළට ගිය කරූ, එහි ගලක් මත වාඩිවී, තමා සමීපයේ සිටින ඇය සමඟ පෙම් බස් දොඩවන්නට වූවේය.
අල්ලාප සල්ලාපය මැද ඔහු, ඇයට මෙසේ කීවේය.
’ඔයා දන්නවද බබෝ වැඩක්. මම හැමදාම ඇඳුම් ගොඩාක් මදිනවා.’
’ඇයි අනේ ඔයා ඔය තරම් ඇඳුම් පොඩි කර ගන්නේ, හරියට පොඩි බබෙක් වගේ?’ නිලන්ති තොදොල් වෙමින් ඇසුවේ කරූට තවත් තුරුළු වෙමිනි.
’නෑ ළමයෝ, මම වැඩ කරන්නේ ලොන්ඩරියක.’ කරූ, පණුවන් කෑ දත් දෙපෙළ පෙන්වමින් සිනාසුණේය.
නොලිව්වා නං නේද හොඳ?
දිනක් කීර්ති පුවත්පතක පළ කිරීම සඳහා ලිපියක් ලියාගෙන ගොස් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හමුවී එම ලිපිය ඔහුට පිළිගැන්වීය. එම ලිපිය පෙරළා බැලූ කතුවරයා කට ඇද කර ගත්තේය.
”පත්තරවලට ලිපි ලියන කොට අනුගමනය කරන සම්මත ක්‍රමයක් තියෙනවා. එහෙම ලිපියකදී කඩදාසියේ එක පැත්තක විතරයි ලියන්නේ. ඔහේ කොළේ දෙපැත්තෙම ලියලනෙ. කරුණාකරලා මේක ආන්න එහෙම නිවැරැදි විදියට ලියාගෙන එන්නකො.’ කියූ කතුවරයා ලිපිය කීර්ති අතට දුන්නේය.
ඊළඟ සතියේ නැවත එම ලිපිය රැගෙන කීර්ති කර්තෘ තුමා ඉදිරියේ පෙනී සිටියේය.
’ඔන්න සර් කියාපු විදියටම ලිපිය, කොළේ එක පැත්තක විතරක් ලියා ගෙන ආවා.’
ලිපිය අතට ගෙන පුටුවේ හරිබරි ගැහී, එය කියවා බැලූ කතුවරයා අවඥායෙන් කට ඇද කොට මෙසේ කීවේය.
’මේක කොළේ එක පැත්තක වත් නොලිව්වා නං තමයි වැඩිය හොඳ.’
බෝම්බය
එක් සවස් වරුවෙක මැදිවියේ ගැහැනියක් තමන් දන්නා හඳුනන නිවෙසකට පැමිණෙමින් සිටියා ය. නිවසේ දොරකඩ එහි නිවැසි දරුවෙක් සෙල්ලම් කරමින් සිටියේ ය. එම කාන්තාව නිවසට ළඟා වත්ම ඇය දෙස කුහුලින් බැලූ දරුවා ඇගෙන් මෙසේ විමසීය.
“ඇන්ටි, ඔයා ළඟ පුපුරණ ජාති මොනවා හරි තියෙනවද?
“නෑ. ඇයි පුතා එහෙම ඇහැව්වේ?” කාන්තාව පෙරළා ප්‍රශ්න කළේ විමතියෙනි.
“එහෙනං ඇන්ටි දුර එද්දී අම්මා කිව්වේ ‘අන්න අර බෝම්බෙ අදත් එනවා’ කියල.”
පොඩි එකා පිළිතුරු දුන්නේ ය.
කොණ්ඩෙ පීරන්නත් පුළුවන්ද?
පදික වේදිකාවේ ගමන් කරමින් සිටි කාන්තාවක් වෙතට යොමු වුණු පදික වෙළෙන්දෙක් තමා විකුණමින් සිටි පනා තොගයෙන් එකක් අතට ගෙන රවුමට නවා පෙන්වමින් මෙසේ කීවේය.
“නෝනා, ගන්නවා නං මෙන්න නියම පනාවක්. මේකට මිටියකින් ගැහැව්වත් කැඩෙන්නෙ නැහැ. නෝනට ඕනෙ නං පුළුවන් මේක දෙකට නමන්න. ඕනෙ නං අඹරන්නත් පුළුවන්. ගලේ ගැහුවත් කැඩෙන බඩුවක් නෙමෙයි මේක.”
කාන්තාව මදක් නැවතී, වෙළෙදාමේ නියුතු තරුණයා දෙස විමසුම් බැල්මක් හෙළා මෙසේ ඇසුවා ය.
ළමයා ඕකෙන් කොන්ඩේ පීරන්නත් පුළුවන් ද?”
මළේ කවුද?
ගමේ රාලහාමි රාජකාරියක් සඳහා ගම මැදින් යමින් සිටියදී දන්නා හඳුනන මහලු ගැමියකු අතරමඟකදී හමු විණ. ගැමියා පාරේ පසෙකට වෙමින් බයාදු ලෙස රාලහාමි සමඟ සිනාසුණේ ය.
“ඈ බං සියදෝරිස්... බෑරක් ද මේ උදේ ම?” රාලහාමි මඳකට නැවතී ගැමියා විමසීය.
“මම මේ අපේ පුතාලගෙ දිහා යනවා රාලහාමි. ඒක නෙමෙයි පහුගිය දවසක මළයි කිව්වේ රාලහාමි ද, එහෙම නැත්තං රාලහාමිගෙ මල්ලි ද?” ගැමියා බැරෑරුම් ප්‍රශ්නයක් නැඟීය.
රාලහාමි උඩ බලාගෙන මොහොතක් කල්පනා කළේය. අනතුරුව ගැමියා දෙස බලා මෙසේ කීවේය.
“ම්...ම්, මල්ලි නං මට ඊයේ හවසත් හම්බ වුණා. එහෙම නං මං වෙන්ඩ ඇති.”