super16

Member
Feb 26, 2016
767
56
0
ඕං සීයේ මගේ වැඩ

ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු 10 ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා.

මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත්, ඉදිරියෙන් වූ මහා මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු ස්ථානයක් වුණා. මොකද කන්ද උඩට තරමක මහන්සියෙන් බයිසිකලය පැදගෙන යායුතු වුනත්, පහලට බොහොම පහසුවෙන් සහ වේගයෙන් එය පදවාගෙන යා හැකිවූ නිසයි.

දැන් ඔන්න කොළුවා තමන්ගේ හැකියාවන් පෙන්නනවා. පලමු වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගෙන ගියේ සිය දෙපා, බයිසිකලයේ පැඩල වලින් ඉවත් කොට "සීයේ.... මේ... කකුල් නැහැ.." යනුවෙන් මොරදෙමිනි.

දෙවෙනි වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගියේ සිය දෑත්, බයිසිකලයේ හැඩලයෙන් ඉවත් කොට "සීයේ.. සීයේ... මේ... අත් නැහැ.." ලෙසින් හඩදෙමින් සීයාගේ වැඩි අවධානයක් දිනාගනිමිනුයි.

ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවෙහි උද්දාමයට පත්වෙච්ච අපේ කථානායකයා තුන්වෙනි වටය පැදගියේ සිය දෑත්,දෙපා සියල්ල හැඩල් සහ පැටල් වලින් ඉවත් කොට "සීයේ. සීයේ.. සීයේ... මේ... අත්, කකුල් එකක් වත් නැහැ.." යනුවෙන් හඩතලමිනි.

සංදර්ශණයෙන් විශ්මයට පත්වෙච්ච බවක් පෙන්නපු සීයා, මුණුබුරාගේ මීලඟ වටය නැරඹීමේ රිස්සේන් මාර්ගය දිහාවට ඇස් දල්වාගෙන බලාගෙන උන්නත් විනාඩි ගනනාවකට පස්සේ සීයාට දකින්නට ලැබුනේ බෙරිවූ මුහුණකින් යුක්තව බයිසිකලය තල්ලුකරන් තමන්වෙත එන මුණුබුරායි. විමතියට පත්වෙච්ච සීයා තම කටහඩ අවධිකලා.

"
මොකො කොළුවෝ උනේ ? "

"
අය්යෝ සීයේ....." හොටු පෙරමින් කොළුවා තතැනුවා.

"
ඇයි...ඇයි මොකක්ද උනේ කියාපිය.?"

"
දත් නැහැ" ඌ සිය ඉදිරි දත් පෙල පෙන්නා සිටියා.


නිගමනය


1886 වසරේ සැප්ත්ම්බර් මස දිනක සන්ද්‍යා කාලයයි..මිට සති කීපයකට පෙර මාගේ මිත්‍ර හෝම්ස් සහ මා ලංකාවට පැමිණියේ,පසු ගිය මාස කිහිපය අපට ඉතා කාර්යබහුල වූ බැවින් කිසියම් විවේකයක් ගත කිරීම අරමුණිනි.

මෙහි ඉතා සුන්දර වනාන්තරයක් වූ සිංහරාජ නම් වූ වනයේ දින දෙකක සංචාරයක් ගත කිරීමට හෝම්ස් හට සිතුනේ ඔහු පරිසරය ඉතා ඇල්මක් දක්වන නිසා යයි මට හැගී ගියේය..එම නිසා මමද ඔහුගේ කැමැත්ත ප්‍රතික්ෂේප නොකට ගමනට සුදානම් විය..

පැය කීපයක දුම්රිය ගමනකින් සහ පැය කීපයක පා ගමනකින් පසු අප සිංහරාජ වනයට පිවිසුණු විට ඇදිරි වැටෙන්නත් පටන්ගෙන තිබුණි..දීර්ග ගමනක විඩාවත් සමග අපට බඩගින්නත් ඇති වූ හෙයින් රාත්‍රී ආහාරයද අප වනය තුලම ගෙන ගිනි මැලයක් ද අටවා නින්දට යාමට සිතුනි.. එහෙයින් කුඩාරමක් අටවා අප එය තුලට විත් විනාඩි 5 ක් තුල නින්ද ගියේ අප ගමනේ තිබු විඩාපත් බව නිසාමය...

පැයකට පමණ පසු ෂලොක් හදිසියේම නැගිට මා අවදි කළේය...ඉන් පසු ඔහු සුපුරුදු ලෙස ඔහුගේ කටහඩ අවදි කළේය..

"
වොට්සන් ඔබට මේ රාත්‍රී ආකාසයේ තියෙන තරු දිහා නිරීක්ෂණය කලාම, කුමක්ද ඔබේ නිගමනයට එන්නේ.."

"
මගේ නිගමනය හෝම්ස් අපේ කුඩාරම කව්දෝ ගලවාගෙන ගිහින්"

උපුටා ගැනීම - නෙට් එකෙන්
 
  • Like
Reactions: thilina91

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    attachment.php