Jokes..!!

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    නඩු ගාස්තු
    මර්සිඩීස් බෙන්ස් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ජෙරී චෝදනා ලැබ සිටියේ ය. දීර්ඝ නඩු විභාගයකින් පසුව ජූරිය එම චෝදනාවෙන් ජෙරී නිදහස් කළේ ය.
    නිදහස ලැබූ දිනයේ සවස් යාමයේ ම ජෙරී තමාගේ නඩුව ඇසූ විනිශ්චයකාරවරයා හමුවීමට පැමිණියේ ය.
    “උතුමාණනි! මගේ අර ජරා නීතිඥවරයාට වරෙන්තුවක් නිකුත් කරන්න කියා මා ඉල්ලා සිටිනවා” ජෙරී කියා සිටියේ ය.
    “ඇයි?” විශ්මයට පත් විනිශ්චයකාරවරයා විමසා සිටියේ ය. “එයා ඔයාගේ නඩුව දිනුවා නේ. එයාව අත්අඩංගුවට ගැනීමට ඔබට වුවමනා ඇයි?”
    ජෙරී මෙසේ පිළිතුරු දුන්නේ ය.
    “එයාගේ නඩු ගාස්තු ගෙවන්න මට සල්ලි තිබුනේ නැහැ. ඒ නිසා ඒ ජරා මිනිහා ගිහින් මම හොරකම් කරපු කාර් එක ගත්තා.”

    මිථ්‍යාව හා සත්‍යය
    නත්තල් සීයා, සුරඟනක්, අවංක නීතිඥවරයෙක් හා බේබද්දෙක් බාර් එකක සිටින විට එහි බිම වැටී තිබෙන පවුම් 100 නෝට්ටුවක් ඔවුහු දකිති.
    ඒ නෝට්ටුව අහුලා ගන්නේ කව්ද ?
    බේබද්දායි. අනෙක් තිදෙනා මිථ්‍යා ප්‍රබන්ධවල එන ප්‍රාණීන් පමණි.




    මහළු වයස

    • ඔබ දරුවන්ට කාරුණික වන්න. ඔබේ සාත්තු නිවාසය තෝරන්නේ ඔවුනුයි.


    • ඇය කොතරම් මහළු ද කිවහොත් දෙවියන්ගේ ජංගම දුරකථන අංකය ඇය ළඟ තිබේ.


    • බර්ට් සහ එතල් විවාහ වූහ. ඔහුට වයස 98කි. ඇයගේ වයස 87කි.
    මංගලෝත්සවයට පැමිණියවුන් විවාහ යුවළ වෙත කුඩා කඩදාසි කැබලි වීසි නොකළහ. ඔවුන් විසි කළේ විටමින් පෙති ය.



    නීතිඥවරයාට පිහිට වීම
    පුද්ගලයෙක් වාහන තදබදයකට මැදිවී සිටියි.
    සිය මෝටර් රථයේ ජනේලයෙන් පිටත බලන ඔහුට ඉතාමත් කඩිසරව තමන් වෙත දිව එන ළමයෙක් දුටුවේය.
    ‘ඒයි ! . . . මොකක්ද පරක්කුව ?’ ඔහු ඇසුවේය.
    ‘ඒ. . . පිස්සු ලෝයර් (නීතිඥවරයෙක්) කෙනෙක්’ ළමයා පිළිතුරු දුන්නේය.
    ‘එයා පාර මැද වැතිර ඉන්නවා. එයා ඇඟ පුරා පෙට්‍රල් වක් කර ගෙන ගිනි තියා ගන්නවා කියලා තර්ජනය කරනවා. අපි එයා වෙනුවෙන් එකතු කරනවා’.
    ‘මේ වෙනකොට කොච්චරක් එකතු වෙලා තියෙනවාද ?’ පුද්ගලයා ඇසුවේය.
    ළමයා මෙසේ පිළිතුරු දුන්නේය.
    ‘ගිනි පෙට්ටි 30කුයි ලයිටර් විසි තුනකුයි විතර. . . ‘
     
    Last edited:

    Similar threads