යන්න මගේ අන්ද නෙත් තාම නොපෙනේ ලඳේ
මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
දිළිඳු මේ අන්ද නෙත් වාසනාවන් ලඳේ
ලොවක හිරු එලිය සඳපාන දැක ගන්න හෝ
උරුම පිං මහිම නැති මා වගේ අන්දයෝ
කිමද නෙතු දිලිනේ අඟනුන්ට බැන්දේ සෙනේ
ඔබ නොවේ ලඳුනි මා අතිනුයි වරදක් වුනේ
ලොව පෙනේ ඔබද ලොව අඳුරු මට පෙම්බැඳි
එ යුගය අවසන්ද මගේ ලොව බිඳී
රත්තරන් පෙම් පුරණේ සිතුවම් මකා
යන්න මගේ අන්ද නෙත් තාම නොපෙනේ ලඳේ
මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
දිළිඳු මේ අන්ද නෙත් වාසනාවන් ලඳේ
තේජ අසමාන බලධාරී දෙවියන් පවා
දෑස නැති උන්ට කිව්වේද සැනසුම් දෙවා
දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ
ලඳුනි ආදරය අද අපට නැතිදෝ අනේ
ලොව පෙනේ ඔබද ලොව අඳුරු මට පෙම්බැඳි
එ යුගය අවසන්ද මගේ ලොව බිඳී
රත්තරන් පෙම් පුරණේ සිතුවම් මකා
යන්න මගේ අන්ද නෙත් තාම නොපෙනේ ලඳේ
මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
දිළිඳු මේ අන්ද නෙත් වාසනාවන් ලඳේ
පෙර ගායනය H .Rජෝතිපාල
නව ගායනය T .M ජයරත්න
http://snd.sc/HcyNTl
http://soundcloud.com/chamara54/jothi-upahara-tm-rathatharan
Last edited: