JR, පළාත් සභා, ඉන්දියන් හමුදා, ප්‍රේමදාස සහ ජෙප්පෝ 88/89

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ලංකාවට ඉන්දියන් හමුදා ආවා කියල දන්නේ නැති ගොඩාක් අය ඉන්න බව පේන නිසා මේක දාන්නේ. කොටි සංවිධානය උතුරේ හැදෙනකොට ඒක විසඳන්න කියල තමයි ඉන්දියානු සෑම සාදක හමුදාව ලංකාවට එවන්නේ. මේ පහල තියෙන්නේ උන් ලංකාවට ආපු දවස්වල පොටෝ ලංකාවේ උතුරු කොටසේ

    troops-convoy-in-town.jpg


    IPKF3.jpg



    z7qiVujOIo37kJfzmqRJpzp8iUSOjT7nDFfRmPHTRI4.jpg


    IPKF4.jpg


    එතකොට JR තමයි ඉන්දියාවට ලංකාවේ උතුරු කොටස නිල නොවන විදියට බාර දෙන්නේ. ඔය කාලේ තමයි ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාවට අනවසරයෙන් ඇවිත් පරිප්පු දාන සීන් එහෙම වෙන්නේ. තහවරු කරන්න බැරි උනත් ඒ කාලේ කතා තිබුනා දෙමල ගෑනුන්ව ඉන්දියන් හමුදා සාමාජිකයෝ විසින් සමුහ දුෂණයට ලක් කරා කියල. ජෙප්පෝ ඒකට කෙලින්ම විරුද්ධ උනා. 13 වන සංශෝධනය ගේන්නේ 87 නොවැම්බර් මට මතක විදියට. එකටත් ජෙප්පෝ විරුද්ධ වෙනවා (ඇත්තටම පළාත්සභා ලංකාවට ඕන නෑ) මතකය අනුව ඊට පස්සේ තමයි ඉන්දු ලංකා ගිවිසුම ගේන්නේ. ජෙප්පෝ 87 ඉඳලම ගේමට බහිනවා. රජයට විරුද්ධව රජයේ ස්ථාන විනාශ කරනවා. JR පොන්නය රට ගිනිගන්න දීල බලන් හිටියා. 89 ජනවාරි තමයි ප්‍රේමදාස ජනාධිපති වෙන්නේ. එයා කෙලින්ම ජෙප්පෝ සමුල ඝාතනය කරවනවා. ජෙප්පෝ සන්නද්ධ වෙනවා. පක්ෂේ තහනම් වෙනවා. ගොඩාක් අය දන්නේ නෑ ඇයි ජෙප්පෝ 87 සන්නද්ධ උනේ කියල. ඒ JR ගේ රට පාවා දීමට විරුද්ධව. කොහොමහරි බර ගානක් මැරිලා රට අමු සොහොනක් උනාම තමයි ඉන්දියන් හමුදාව ආපහු යවන්න වැඩ සිද්ධ වෙන්නේ.
    අර ප්‍රසිද්ධ පොටෝ එකක් තියෙන්නේ ජේ ආර් මරමු කියල. ඇත්තටම ජේ ආර් මරන්න පුළුවන් උනානම් මේ රටට හොඳයි. ඒ අතින් ජේ ආර් ගේ පාලනයට විරුද්ධව ජෙප්පෝ සන්නද්ධ වීමේ කිසිම වැරද්දක් මමනම් දකින්නේ නෑ. එහෙම නොවුනානම් අද ලංකාවේ උතුරු කොටසේ ඉන්නේ ඉන්දියන් වාසගම් තියන මිනිස්සු වෙන්න පුළුවන්. හැබැයි එකෙන් ජෙප්පොන්ට මකන්න බැරි කළු පැල්ලමක් වැදුනා. අදටත් බයි පුතාල එහෙම උඩ දාගෙන කියන්නේ ඔන්න ඔය 88/89 ගැන තමයි. හැබැයි උන් එකෙක්වත් එහෙම වෙන්න හේතුව කියන්නේ නෑ . සිවිල් යුද්ධයක් කියන්නේ රාත්‍රී බෝජන සංග්‍රහයක් නෙමෙයි. එකේදී නොවිය යුතු දේ සිද්ධ උනා. ඇඹිලිපිටියේ මම ගියපු ඉස්කෝලේ ළමයි 31ක් මැරුවා. උන් ගැන මම වැඩි විස්තර කියන්නේ නෑ

    JVPInsurgency_Montage.png
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Who trained LTTE?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,810
    5,822
    113
    ඇත්තට ඉතිහාසේ කියවලා එන්න. 1972 මුලින්ම ජේවීපී ය විප්ලව කරනවා. කීයක් මලාද දන්නේ නැහැ. හැබයි 10000 ට අඩු ගානක්. ඊළඟට ජේර්ව දිනවන්න ජෙප්පෝ යටින් සපෝර්ට් කරනවා. ඒක හින්දා ජේ රූ ආපු ගමන් විජේවීර එලියට දානවා. ඒ කලේ තමා ඔය ප්‍රසිද්ධ නිදහස් පක්ෂ ගමනක් අවසාන එහෙම කියන්නේ. හැබයි හිටන් එනකම් ඒක බොරු වුනා. 1987 දී ප්‍රභාකරන් කොටු වෙනවා වඩමාරච්චි මෙහෙයුම හින්දා. මේක සාර්තක වුනොත් ඉතින් යාපනේ දෙමල සංවිධාන ටික හමුදාව අතුගාලා දාන හින්දා ඉන්දියාව පරිප්පු දානවා අහසින්. ඊට පහු වෙනිදා ජේර් ගේ ආරක්ෂක දැලේ හොඳ කමට අපි ඉන්දියාවට නැට්ට පුකේ ගහගේන යටත් වෙනවා. ඊළඟට ඉතින් ඉන්දු ලංකා ගිවිසුම බලහත් කාරයෙන් අත්සන් කරනවා. පලාත් සභා ගේනවා. එතකොට විපක්ෂයේ හිටපු හැම ලක්ෂණයක්ම විරුද්ධ වෙනවා. හැබයි කාටවත් ලොකු දෙයක් කරන්න බලයක් නැහැ. සමසමාජේ ලොකු ලොක්කෝ ටික මැරිලා. ඉන්න එවුන්ට සාමාන්‍ය මිනිස්සු අතරට යන්න තේරෙන්නේ නැහැ. නිදහස් පක්ෂයේ අන්ත මර්ධනයකට ලක්කරලා.ජේවීපියත් තහනම් කරනවා ජේ අර් උන්නැහේ. එතකොට තමා ඔය 88 89 විප්ලවේ පටන් ගන්නේ. ඕක වැඩි හරියක් වෙන්නේ සිංහල ප්‍රදේශ වල.අන්තිමට ජේවීපී කියලා අනිත් කොල්ලෝ කෙල්ලෝ ඔක්කෝම මරනවා. ගෙදර සෝවියට් දේශය සගරාවක් තිබ්බෝත් ඉවරයි. ග්‍රාම සේවක තරහනම් ඉවරයි. අන්තිමට ජේවිපීයේ ලොකු ලොක්කෝ ගොඩක් බේරිලා පැන ගත්තා. හැබයි හිටපු හොඳම මොල ටිකක් නැති වුනා. වෘත්තීය සමිති බිංදුවටම වැටුනා.කොටින්ට තව මොරල් එකක් ලැබුනා.
    අන්තිමට ඉන්දියන් හමුදාවටත් ඇල්ලූවේ කොටි වලිගයක් කියලා තේරුනා. සෑහෙන ගානක් මලා. අවිආයුධ නැති වුනා. අන්තිමට රජිව් ගාන්ධිට ජීවිතයත් නැති වුනා.
    ඔය මම දන්න විදිය. බබා පාර්ට් ඉතිහාසේ නෙමේ. ඉන්දියාව කවදාවත්ම කොටි පරදින්න වුවමනාවෙන් වැඩ කලේ නැහැ. ඇදන් යන්න තමා දැගලුවේ. හැබයි ඉන්දියාව කියන්නේ මහ බලවතෙක් නොවන මිනිසාත් ලංකා ආණ්ඩුව පලයන් කියන හින්දත් යාන්තමට යවා ගත්තා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    ඔවු උබ දන්නේ නෑ. ඒ කාලේ ඔය කොල්ලෝ එක්ක සෙල්ලම් කර කර හිටපු කෙනෙක් තාම ඉන්නවවා. මීට දවස් දේකකට කලිනුත් අපි ඔය ගැන කතාඋනා. එක එකා ගේ කුනු දේශපාලනයට උවමනා විදිහට එක එක කතා එක එක විදිහට ගොතලා කරලියට ආවත් ඔවාගේ ඇත්ත තත්වේ හුගක් වෙනස්.
     
    • Like
    Reactions: kasun_kbp

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මොනා උනත් අද ජෙබ්බන්ගේ දේශපාලනේ තියෙන්නේ මහින්දව පරාද කරව් කියලා විතරයි..අන්න ඒකයි මම ජෙබ්බන්ගෙන් අයින් උනේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මුලින්ම කියන්න ඉන්දියන් ආක්‍රමණයට විරුද්ධව JVP එකෙන් ඉන්දියන් Army එකේ කී දෙනෙක් මැරුවාද කියලා??????????????🤣