Jurassic World (2015)

wiki

Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    සිංහල උපසිරැසි සමඟ,,,, උද්‍යානය නැවත විවෘත වූ වගයි ! :shocked:


    තවත් සුපිරි ගනයේ සහ ලොකු පොඩි අපි හැමෝම බලාගෙන හිටපු දැවැන්ත සිනමා නිර්මාණයක් සමඟිනුයි මේ එකතු වෙන්නේ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ 1993 වර්ෂයේදී අපි හැමෝම බලපු Jurassic Park චිත්‍රපටය ගැන. මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ දෙවැන්න හෙවත් ජුරාසික් ලෝකය. ඇත්තටම මේ චිත්‍රපටය නිර්මණය වෙන්නේ පළමු වැන්නෙන් වසර විසි දෙකකට පසුවයි. ඉතින් මේ චිත්‍රපටයේ වටපිටාව ගැන නොකියම බැහැ. මොකද යුනිවර්සල් ආයතනයට මේ අවුරුද්ද නම් ඩොලර් ඉතිරෙන අවුරුද්දක් නිසා. මුලින්ම Fifty Shades of Grey චිත්‍රපටය දුන්නු ආරම්භය තුන්ගුණයක් කරලා දුන්නේ Furious 7 චිත්‍රපටය මගින්. දැන් ඒ පස්සෙන් එලවාගෙන එන්නේ Jurassic World චිත්‍රපටය. මම කලින් ලිපියකින් කිව්වා වගේම ලෝකයේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතරින් සිව්වන ස්ථානයේ රැඳෙන්නේ Furious 7 චිත්‍රපටය. දැන් එහි පස්වෙනි ස්ථානය ලබාගෙන ඉන්නේ Jurassic World චිත්‍රපටයි.

    ඒ හැමෝම ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු Avengers: Age of Ultron චිත්‍රපටයේ ආදායම් වාර්තාවත් බිඳගෙන. බොහෝ දුරට ජුරාසික් ලෝකය චිත්‍රපට ලෝකයේ තෙවන වැඩිම ආදායමට හිමිකම් කියන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා. දැනට මේ චිත්‍රපටය ඩොලර් මිලියන 1,422ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම IMDb දර්ශකය තුල 7.4 ක අගයකුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමා දක්ෂ ඉන්දියානු නළුවෙක් මේ චිත්‍රපටය තුල සහය නළුවෙකුගේ චරිතයක් රඟපානවා. ඔහු තමයි ඉර්ෆාන් කාන්. මෙහි ප්‍රධාන චරිතය ගාඩියන් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක උන Chris Pratt කියන නළුවා දායක වන අතර Bryce Dallas Howard ප්‍රධාන නිළිය වශයෙන් දායක වෙනවා. ඒ වගේම කලින් චිත්‍රපටයේ යම් යම් අභාෂයන් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා කියල ඔයාලට දැකගන්න ලැබේවි. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තියෙන්නේ Colin Trevorrow අධ්‍යක්ෂකවරයා විසින්. එහෙනම් කතාව ගැන කියනවා නම් මෙහෙම කියන්නම්.


    1993 දී විවෘත කරලා විනාශ වෙලා ගිය මේ උද්‍යානය හොර රහසේම නැවත විවෘත කරන්න පිරිසක් මුදල් වියදම් කරලා. ඒ කලින් උද්‍යානය තිබුන ස්ථානයෙමයි. හැබැයි ඊටත් වඩා ගොඩක් තාක්ෂණික වශයෙන් දියුණු උද්‍යානයකට තමයි 2015 වසරේදී අපි පය තබන්නේ. කලින් උද්‍යානයේ දියුණුවට තිත තිබ්බේ ටී රෙක්ස් වර්ගයේ ලොකු ඩයිනොසරයෙක් කියල හැමෝටම මතක ඇති නේ. හැබැයි මේ සැරේ එන ඩයිනොසර් හාදයා ඊට වඩා දරුණු සහ දියුණු කෙනෙක් කියල තමා ආරංචිය. මොකද මෙයා ටී රෙක්ස් කියන ඩයිනොසර විශේෂය මූලික කරගෙන නිර්මාණය කරපු දෙමුහුන් වර්ගයේ විශේෂ හැකියාවන් සහිත විශාල සත්වයෙක්. එතනින් එහාට මොකුත් නොකියම ඉන්නම්. 😀. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්!! ජය වේවා !!!


    සිංහල උපසිරස සහ ටොරෙන්ට් ලින්ක් සිංහල උපසිරස බා ගන්න :lol:

    jurrasic-world.jpg
     
    Last edited:
    • Like
    Reactions: kalupusa007

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    මචන් මේ කොපිය කොරියන් සබ් එක තියන එකද
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    මචන් මේ කොපිය කොරියන් සබ් එක තියන එකද

    https://kat.cr/jurassic-world-2015-hc-1080p-hdrip-2gb-shaanig-t10919182.html

    මේක බලන්න බ්ලුරේ කොලිටීම තමා :shocked:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    https://kat.cr/jurassic-world-2015-hc-1080p-hdrip-2gb-shaanig-t10919182.html

    මේක බලන්න බ්ලුරේ කොලිටීම තමා :shocked:

    බ්ලුරේ වල කවදාවත් හාඩ්කෝඩඩ් කොරියන් සබ්ස් එන්නේ නෑ බන්.
    එච් ඩි වෙනයි බ්ලු රේ වෙනයි.

     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    බ්ලුරේ වල කවදාවත් හාඩ්කෝඩඩ් කොරියන් සබ්ස් එන්නේ නෑ බන්.
    එච් ඩි වෙනයි බ්ලු රේ වෙනයි.


    ඒක ඇත්ත :lol: මන් කිවේ බ්ලුරේ සමාන කොලිටි එකක් තියෙනවා කියලා
    මේක වෙබ් රිප් එකක් :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බ්ලුරේ කොලිටිය උනාට බ්ලූරේ
    නෙවේ නෙ බන් එහනම් බ්ලූරේ කියලා කොපියක් දුම් අල්ලලා එවන්නේ
    නෑනේ වීඩියෝ එකේ තැන් කීපයක් තියනවා බන් සවුන්ඩ් නම් ඒතරම්
    අවුලක් නෑ ඒත් බ්ලූරේ එකේ තියන ලල් එකම නෑ ඩෝ :growl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    https://kat.cr/jurassic-world-2015-hc-1080p-hdrip-2gb-shaanig-t10919182.html

    මේක බලන්න බ්ලුරේ කොලිටීම තමා :shocked:

    ඒක ඇත්ත :lol: මන් කිවේ බ්ලුරේ සමාන කොලිටි එකක් තියෙනවා කියලා
    මේක වෙබ් රිප් එකක් :)


    බොරු කියන්න එපා ඩෝ.
    උබ කිව්වේ බ්ලුරේ කොලිටිමයි කියලා.
    :lol::lol:
    ජුරාසික් වර්ල්ඩ් එකේ බ්ලුරේ රිලීස් කරන්නේ ඔක්තෝම්බර් 19.
    ඊට කලින් ලීක් වෙයිද දන්නේ නෑ ඇතුලෙම ඉන්න එකෙක්ගෙන්.

     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    බ්ලුරේ කොලිටිය උනාට බ්ලූරේ
    නෙවේ නෙ බන් එහනම් බ්ලූරේ කියලා කොපියක් දුම් අල්ලලා එවන්නේ
    නෑනේ වීඩියෝ එකේ තැන් කීපයක් තියනවා බන් සවුන්ඩ් නම් ඒතරම්
    අවුලක් නෑ ඒත් බ්ලූරේ එකේ තියන ලල් එකම නෑ ඩෝ :growl:

    :lol::lol::lol::lol::lol: