Exactly most of Sri Lankans have no idea about democracy and human rights. Most of them live in bollywood mentality.
Check the following thread also. ( worst thing is below thread is shared by an educated professional .
https://elakiri.com/threads/dead-nigga-bad-nigga.1941107/
#JusticeForRaja
ගොනාකෝවිලේ ’රාජා’ පොලිස් වෙඩි පහරින් මරුට
පොලිස් නිලධාරීන් තිදෙනෙකුද ආරක්ෂාවට යොදවා සිටියදී ඇඳීරි නීතිය මැද පසුගිය 29 වැනිදා අලුයම රත්මලාන සොයිසාපුර ආපන ශාලාවකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර පලාගිය කල්ලියේ ප‍්‍රධාන සැකකරු බව කියන පාතාල කල්ලි නායකයා අද (07) අලුයම දිවුලපිටිය බල්ලපාන ප‍්‍රදේශයේදී පොලිස් වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අංක 37 - 21 තිස්හතේවත්ත ජයසුමනාරාම මාවත රත්මලාන ලිපිනයේ පදිංචිව සිටි රාජා විමලධර්ම නොහොත් ‘‘ගොනා කෝවිලේ රාජා ‘‘ නැමැති 50 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා ඇතුලු කල්ලියක් ඉකුත් 29 වැනිදා රත්මලානේ හෝටලයකින් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා එය ලබා නොදීම නිසා වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර පලා යාමෙන් පසු එය මෙහෙය වූ ප‍්‍රධාන සැකකරු බව කියන ගොනාකෝවිලේ රාජා නැමැත්තා දිවුලපිටිය ප‍්‍රදේශයේ සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ හා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් අද අලූයම බල්ලපාන මරදගහමුල මාර්ගයේ පාලු නිවසක් වටලා ඇත.
මෙම මාර්ගයේ පිහිටි හෝටලයක් ඉදිරිපිට මෙම පාලු නිවස පිහිටා ඇති අතර පොලිසිය මෙම නිවස වටලා සැකකරු අත් අඩංගුවට ගැනීමට සැරසෙද්දී පොලිසියට වෙඩි තබමින් සැකකරු පලා යාමට උත්සාහ කළ බව පොලිසිය පැවසීය.
මේ අවස්ථාවේ ඇතිවූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදුනු සැකකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් සැකකරු මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.
සැකකරු පොලිසියට වෙඩි තබා ඇත්තේ බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලයකින් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත එම ගිනි අවිය පොලිස් බාරයට ගෙන ඇත.
සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වා මියගිය පාතාල කල්ලි නායකයාගේ මරණයට හේතුව ලබා ගැනීමට අධිකරණ වෛද්‍ය පරීකෂණයක් සිදු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.
ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.කේ. ඉන්දික ද සිල්වා මහතාගේ මෙයෙවීම යටතේ මිනුවන්ගොඩ පොලිසිය , පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ හා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිද්ධිය සම්න්ධය පරීක්ෂණ පත්වන බව පොලිසිය සඳහන් කළේය.
Last edited: