jvp - පෙරටුගාම් නොවේ සසප wsws සමාජිකයෙක් වෙමි !

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    jvp - පෙරටුගාම් නොවේ සසප wsws සමාජිකයෙක් වෙමි !



    communist_ussr_russian_hammer_and_sickle_classic_round_sticker-r9ae47ddda25940caaad2053469a8e7f3_v9waf_8byvr_324.jpg



    පසුගිය ත්‍රෙඩ් ගණනවක මා ව්‍යාජ දේශපාලන ව්‍යාජ වමේ පක්ෂ වල ඉත්තෙක් ලෙස සමහරුන් වර්ග කරමින් සිටින අතර කිසිදු හිරිකිතියකින් තොරව ධනවාදය උදෙසා පන් මල්ලක් ගෙන කඩේ යමින් සිටින අතර ඔහුන්ගේ සාර්ථකත්වය උදෙසා එකම හේතුව ලෙස දක්වන්නේ සෝවියට් රුසියාවේ බිදවැටීම තුලින් හුදෙක් සමාජවාදය නිමාවට පත් වී සියලු ප්‍රශ්න නිමයි ලෙස අගවයි :P

    December 26, 1991 සෝවියට් සංගමය බිද වැටීමෙන් පසුව සියලුම ලෝක යුද්ද නිමා වී ලෝකය සාමය කරා ගෙන ගියාද - දුප්පත්කම තුරන් වී දිලිදුන් නැති වුවාද :angry: නිමක් නැති අර්බුද වලට විසදුම කුමක්ද මේ ලිපි මාලාව හරහා සෝවියට් සංගමයේ මුල පටන් සෝවියට් සංගමය බිද වැටීම තෙක් දේශපාලනික තත්වය කුමක්ද යැයි සාකච්චා කරනු ලබන අතර

    ලංකාවේ පවතින ව්‍යාජ දේශපාලනික පක්ෂ වන පෙරටුගාම් , jvp වැනි පක්ෂ වල සත්‍ය අරමුණ ඔහුන් හා සමාජවාද කෙරෙහි ඇති සම්බන්දය සාකච්චා කරනු ලැබීමට උත්සහා කරයි - පිරිසිදු සමාජවාදයක් කෙරෙහි යන සමාජවාදී සමානතා පක්ෂයේ කාර්ය බාරය ගැන විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි :yes:

    එමෙන්ම ලියොන් ට්‍රොස්කි යනු කවුරුද ඔහු හා සමාජවාදය අතර ඇති සම්බන්දය ගැනත් සාකච්චා කරනු ලබන අතර

    ලෝක සමාජවාදී වැඩපිළිවෙලක් යටතේ ලංකාවේ කම්කරුවන්ට ශිෂ්‍යන්ට සමානය පිඩිත මහජනතාව උදෙසා ගත යුතු සමාජවාදී වැඩපිළිවෙල ගැන ගැබුරින් සාකච්චා කරනු ලබයි​