JVP සීනුව_හලයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,838
    48,547
    113

    ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරඟ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .ඩී. ලාල්කාන්ත පැවසුවා.

    ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ අපේක්ෂාවේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවමු සංවාදශීලී ජනහමුව මැයෙන් සූදානම් කර තිබූ ජනබලවේගය සංවිධානය කරන ජනහමුව අමතමින් ඊයේ (15) ඔහු මේ බව සඳහන් කළා.

    ස්වේච්ඡා සංවිධාන 30 ක එකමුතුවෙන් තම සංවිධානය බිහි වී තිබීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ලකුණ සීනුව ඉවත්කොට වෙනත් ලකුණකින් තරගයට පැමිණෙන බවත් සඳහන් කළා.

    එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුණ ද පත්වන ජනාධිපතිවරයා පවතින ආණ්ඩුව විසුරුවා හැරීම සිදුකරන බවත් මාර්තු මාසය පමණ වන විට අනිවාර්යෙන්ම මහ මැතිවරණයක් රට තුළ පැවැත්වෙන බවද අවධාරණය කළා.

    පාර්ලිමේන්තු මහ මැතිවරණයට ද ජනතා විමුක්ති පෙරමුණ තරග වදිනු ලබන්නේ ජාතික ජනබලවේගය නැමැති දේශපාලන ව්‍යාපාරයෙන් බවද හෙතෙම කියා සිටියා.

    Neth
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සීනුව ඉතින් කොහොමත් හැලුනනෙ දැන් තියෙන්නෙ ටකේ...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Kawda kiwwe, lapayada?

    70694407_10157666706097996_3961224847924658176_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    1767.jpg


    මේ මීට අවුරුදු 8කට පෙර තත්ත්වය, දැන් කියලත් ඒකෙ වෙනසක් නෑ...
    ​
     

    Similar threads