JVP Aka Deewarayo Issaraha Balu Wei.

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
ජවිපෙ මන්ත්‍රීට ධීවර විරෝධය

වැලිගම - රන්ජන් ජයවර්ධන

ජනතා විමුක්‌ති පෙරමුණු මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා ඊයේ (15 වැනිදා) උදෑසන මිරිස්‌ස වරායට පිවිස එහි ධීවර ජනතාවට තම පක්‍ෂයේ දේශපාලන පත්‍රිකා බෙදාහරිමින් සිටියදී මිරිස්‌ස ධීවර ප්‍රජාවගෙන් ඊට දැඩි විරෝධයක්‌ එල්ල විය.

සමස්‌ත ලංකා සුළු ධීවර සම්මේලනය නමැති සංවිධානයේ සභාපති වන මානගේ මන්ත්‍රීවරයා නව ධීවර අණපනත් සම්බන්ධයෙන් ධීවර ජනතාව දැනුවත් කිරීමේ හමුවක්‌ ඊයේ උදෑසන 7.00 ට පවත්වන බැවින් ඊට සහභාගි වන ලෙස මාතර පිහිටි ජ.වි.පෙ. පක්‍ෂ මූලස්‌ථානයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසකටම දුරකථනයෙන් ආරාධනා කර තිබිණි. ඒ අනුව ඊට සහභාගි වූ මාධ්‍යවේදීන් හට ද මිරිස්‌ස ධීවර ජනතාව විරෝධය පළ කළහ. පසුගිය සුනාමි වෙලාවේ මිරිස්‌ස ධීවර වරාය පළාතෙවත් ඔබතුමාලා ආවාදැයි එහිදී ධීවර ජනතාව මානගේ මහතාගෙන් විමසා සිටියහ.

එම අවස්‌ථාවේ මාළු මිලදී ගැනීමට පැමිණ සිටි ධීවර වෙළෙඳුන් ද එම විරෝධයට සහයෝගය දක්‌වන්නට වූ බැවින් පත්‍රිකා බෙදාහැරීම නතර කළ මන්ත්‍රීවරයා සහ වැලිගම නාගරික මන්ත්‍රී (ජ.වි.පෙ.) උපුල් සමරනායක මහතා ඇතුළු අටදෙනකුගෙන් පමණ සමන්විත කණ්‌ඩායම වෑන් රථයක නැගී වරාය භූමියෙන් පිටව යනු දක්‌නට ලැබිණි.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ මිරිස්‌ස වරාය කළමනාකරු ඩී. එම්. කේ. වී. දිසානායක මහතා පැවැසුවේ මානගේ මහතා තම වරාය භූමියට පිවිස එබඳු මහජන හමුවක්‌ පවත්වන බවට කිසිදු වාචික හෝ ලි�ත දැනුම් දීමක්‌ සිදු නොකළ බවයි. මීට පෙර අවස්‌ථා දෙකකදීම ඒ මහතා එසේ ක්‍රියා කළ බව සඳහන් කළ කළමනාකාරවරයා මහජන නියෝජිතයකු වශයෙන් ජනතාව මුණගැසීමට මන්ත්‍රීවරයාට අයිතියක්‌ ඇති නමුත් රාජකාරි පරිසරයක්‌ තුළට එහි ආයතන ප්‍රධානීන්ට නොදන්වා පිවිසීම මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ආරක්‍ෂාවට මෙන්ම ආයතනයේ දේපළ සම්බන්ධයෙන් ද ප්‍රශ්නයක්‌ බවයි.

කිසිදු දේශපාලන ප්‍රචාරක කටයුත්තක්‌ සඳහා වරාය භූමිය හෝ දේපළ යොදා නොගන්නා ලෙසට සියලුම ප්‍රාදේශීය දේශපාලනඥයන් දැනුවත් කොට තිබෙන බවත් මෙහිදී මානගේ මහතා පත්වූ අපහසුතාව ගැන තමා කනගාටු වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.