Kübler-Ross මොඩලය
පසුගිය දින කිහිපයේම විශාදය පිලිබඳ සෑහෙන කරුණු කාරණා කතා බහ වූ නිසා මනෝචිකිත්සාවේ භාවිත කෙරෙන Kübler-Ross මොඩලය පිලිබඳ යම් සටහනක් තැබීමට සිත්විය.
ප්‍රථමයෙන්ම මේ ලිපිය ලියන මා මනොචිකිත්සාවේ නොදෙන බවත් මේ පිළිබඳව යම් ගවේෂණයක් කල අයෙකු බවත් කරුණාවෙන් සලකන්න. මානසික ගැටලුවකට මා හට දිය හැකි එකම උපදෙස නම් සුදුසුකම්ලත් විශේෂඥ වෛද්‍ය වරයෙකු මුණ ගැසී ඒ පිළිබඳව උපදෙස් ලබාගැනීමයි. සමාජ මාධ්‍යතුල එවැනි කතා බහ සිද්ධකිරීමෙන් සිදු වන්නේ තමන්ගේ ප්‍රශ්නය තවත් නරක අතට හරවා ගැනීමක් පමණි. මන්ද පෞද්ගලිකව මාගේ අත්දැකීමට අනූව කොපමණ උගත් පුද්ගලයෙකුට වුවත් මානසික ගැටලුවලදී හරවත් පිළිතුරු ලබාදීමට අපහසු යන්නයි. මානසික ගැටලුවක සිටින පුද්ගලයෙකුට 1 + 2 = 3 නම් 2 + 1 = 3 ද බව වැනි කාරණා තාර්කිකව ඔප්පු කිරීමට යාම අනුවණ කමකි. අප ඔවුන්ගේ ප්‍රශ්නය දෙස ඔවුන්ගේ කෝණයෙන් බලනවා විනා අපගේ කෝණයෙන් බැලීම තරම් මුග්ධකමක් තවත් නැත. එම නිසා නොදන්නා දේ ගැන කිසිඳු කරුණක් සඳහන් නොකර අදාළ පුද්ගලයා වෙත විධිමත් වෛද්‍ය ආධාර ලබාදීම නුවණට හුරුය.
හොඳයි, මා කලින් සඳහන් කල Kübler-Ross මොඩලය යනු කුමක්ද?
මෙම මොඩලය ස්විස් ජාතික මනෝචිකිත්සකවරියක් වන Elisabeth Kübler-Ross විසින් 1969 වසරේදී ප්‍රකාශයට පත් කල “On Death and Dying” කෘතියෙන් ප්‍රථමවරට හඳුන්වාදෙන ලදී. මෙහිදී ආකෘතිගත කර ඇත්තේ පුද්ගලයෙකු මාරාන්තික ලෙඩකින් පෙලීමේදී හෝ අතිශය කණගාටුදායක වෙන්වීමකදී ඔහු තුල ඇතිවන හැඟීම් සමුදායයි.
වැදගත්: මෙය හුදු ආකෘතියක් බැවින් මෙහි සියලු ලක්ෂණ රෝගියාගෙන් විද්‍යාමාන වේ යැයි සැලකීම තේරුමක් නැත. නමුත් මෙහි සඳහන් ලක්ෂණ අනුව එම පුද්ගලයා සිටින අවධිය කුමක්ද ඔහුගේ මනොභාවයන්ගේ හැසිරීම මොනවාගේ ද යන්න පිලිබඳ දැනීමක් ලබාගත් හැකිය.
Stages of grief (තැවුලට පත්වීමේ අනුපිළිවෙළ):
මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ DABDA මොඩලය ලෙස හඳුන්වනු ලැබේ.
Denial (ප්‍රතික්ෂේපය) : මෙහිදී අදාළ පුද්ගලයා එම තත්ත්වය සිදුවුණු දෙයක් බවට පිළිගැනීමට අකමැති වෙයි. මාරාන්තික රෝගයක් නම් එය වැරදි රෝග විනිශ්චයක් ලෙස සැකකරයි. අහිමි වී නම් එය අහිමි වූ බව ප්‍රතික්ෂේප කරයි.
Anger (තරහව) : තවදුරටත් සිදුවූ දෙය ප්‍රතික්ෂේප කිරීම අපහසු වූ විට අවට සිටින පුද්ගලියින් මත මෙම පීඩනය මුදා හරි. “ඇයි මට මෙහෙම උනේ?”, “මට විතරද මෙහෙම උනේ?” වැනි දෑ අසමින් තරහව ඇතිකරගනී.
Bargain (කේවල් කිරීම): මේක මේ බඩු ගන්න ගියාම අඩු කරලා ඉල්ලනවා වගේ දෙයක් නෙමෙයි. මානසිකව කරන දෙයක්. සිද්ධිය නැවත යථා තත්වයට ගැනීමට උත්සාහ කරයි. මේවගේ දෙයක් කරොත් වෙනස් වෙයිද වගේ දේවල් හිතමින් කාලය ගත කරයි.
Depression (විශාදය): මෙන්න අපේ කතාවේ වැදගත්ම කොටස. මේ අවස්ථාවේදී තමන්ට මේ දේ සිදුවූ නිසා තවදුරටත් කිසිවක් කර පලක් නැතැයි සිතන්නට පෙළඹෙයි. ක්‍රියාකාරකම් අඩු වේ. අන්‍යොන්‍ය සමබඳතා අඩුවේ/නැතිවේ.
Acceptance (භාරගැනීම): සිදුවූ සියල්ල සිදුවී හමාර වී ඇති බව වටහා ගෙන ඉදිරිය ගැන සිතන්නට පෙළඹේ. මෙහිදී සිදුවූ දෙය ගැන කණගාටුවක් තිබුනත් එහි බලපෑම අඩු වී ඇත.
මේ මොඩලය මෙසේ විස්තර කෙරුනද මෙහි ඇති පියවරවල් මෙසේ අනුපිළිවෙලට සිදුවීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැත. කෙනෙක් මෙලෙස සුව වීමටද වෙනත් කෙනෙක් සිය දිවිනසා ගැනීම වැනි දෑ සිදුකරගන්නටද ඉඩ ඇත.
මේ මොඩලය යටතේ දික්කසාදය, ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම, විශාල අනතුරු, ධනය අහිමි වීම, සිරගත වීම, මත්ද්‍රව්‍ය වලින් ඉවත්වීම වැනි අවස්තාවලදී අප මුහුණ දෙන හැඟීම් විස්තර කළහැක.
අපි උදාහරණයක් ගෙන බලමු.
දෙමව්පිය දික්කසාදයකදී ළමයින්ගේ වියෝගය
Denial: තමන්ගේ මව සහ පියා කෙලෙසක හෝ නැවත එක් වේ යයි සිතයි.
Anger: දික්කසාදය ඉල්ලු මවට හෝ පියාට හෝ දෙදෙනාටම වෛර කරයි.
Bargain: තමන් මෙසේ වෙනස් වුවහොත් ඔවුන් නැවත එක් වේ යයි සිතයි. ඒ සඳහා ඔවුන් පොළඹවා ගැනීමට යයි.
Depression: තත්ත්වය වෙනස් නොවන බව දැනී විශාද අවස්ථාවට පත්වේ.
Acceptance: දික්කසාදය සිදුවූ බව පිළිගෙන ඔවුන්ගේ වැඩ සඳහා යොමු වේ.
මෙලෙස අප අත්දකින බොහෝ දෑ මෙම ක්‍රමයෙන් විශ්ලේෂණය කලහැක. විශේෂයෙන්ම මාරාන්තික රෝගයක් නම් මෙම තත්වය බෙහෙවින් බරපතල විය හැක. නමුත් මෙය පරම සත්‍ය නොවේ. මෙයින් පරිබාහිර දෑ කොතෙකුත් සිදුවිය හැක. අවශ්‍ය වන්නේ මේ පිලිබඳ අවබෝධයයි.
මමද මෙසේ සටහන් කල නමුදු මීට වෙනස් යම් කණගාටුදායක අත්දැකීම් වලට මුහුණ දී ඇත්තෙමි. කොතරම් දැන සිටියද තමන්ට මෙය සිදුවූ විට තමන්ව මෙහෙයවා ගැනීම අතිශය අමාරු කටයුත්තකි. එබැවින් එවැනි ඉරණමකට මුහුණ දුන් කෙනෙක්ට ඔබගේ කරුණාව දක්වනවා විනා කලයුතු වෙනත් යමක් නැත.
කරුණු අන්තර්ජාලයෙනි.
බුද්ධික ප්‍රියසාද්.
අපරදිගන්තයේ සිට ලියමි.