කේ. පී. චැනල් 4 ඔස්සේ ජනාධිපතිට තර්ජනය කරයි
රජය බ්‍රිතාන්‍ය බලධාරීන්ට විරෝධය පායි
නව කොටි නායක බව කියන කේ. පී. නමැත්තා චැනල් 4 නමැති රූපවාහිනිය ඔස්සේ ජනාධිපතිවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය බ්‍රිතාන්‍ය බලධාරීන්ට දැඩි විරෝධය දක්වා ඇත.
මෙම රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කළ කේ. පී. නමැත්තා වහාම අවතැන් වූවන්ගේ කඳවුරුවල සිටින පිරිස නිදහස් කරන ලෙසත් නැත්නම් ප්‍රහාර එල්ලකරන බවත් ජනාධිපති වෙත කියා සිටින බව දන්වා තිබේ.
බ්‍රිතාන්‍ය රජය කොටි සංවිධානය තහනම් කර තිබියදී චැනල් 4 රූපවාහිනිය ත්‍රස්තවාදී නායකයකුට ප්‍රචාරය දුන්නේ කෙසේද යන්න රජය බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් ප්ර්රශ්න කර ඇත.
Source:
http://www.divaina.com/2009/07/25/news19.html
sorry if repost
මෙයට සති කීපයකට පෙර රජය චැනල් 4 රූපවාහිනි කණ්ඩායමක් මෙරටින් පිටුවහල් කර තිබේ.