k_zone machn

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හොද රචනාවක් ලියන්න යනකොට දෙවනි පිටුවත් ගිහින්නෙ බං :(
    පුලුවන් පින්වතෙක් මේක පලවෙනි පිටුවෙ දානවා නම් වැදගත් වෙයි., , ,


    ඇත්තම කේස් එක මම කියන්නම්. .

    ඔව් මචො මම Software Development කරන්නෙ ඒ කියන්නෙ POS, ERP, PAY ROLL, Account, වගේ systems දැනට පොඩි කම්පැනි එකක් විදියට කරන් යනවා ඉස්සරහට ලොකු ගමනක් යන්න හිතාගෙන,

    පලවෙනි ප්‍රශ්නෙ, මචං ලංකාවේ පොරවල් සොෆ්ට්වෙයාර් සල්ලි දීල ගන්නවද බන් සිරාවටම?

    ඔව් මචො, Software එකක් හරියට පෙන්නුවා නම් ඕන ගානක් වියදම් කරන්න කැමතියි එයාලා. එක දවසින් පොඩි Software කැල්ලක් අමුනලා 30,40 ගනිපු වෙලවල් තියෙනවා මගෙ අද්දැකීම් වල, ඒ වගෙ ම සමහර Projects ඇදෙනවා අවවුරුදු ගනන් ඒවා ඉතින් අතින් පාඩුයි ඒත් කරන වෙනවා,

    පිලිතුර ඕව්, ලංකාවෙ නෙමෙයි තූත්තුකුඩියෙ උනත් බඩු විකුනන්න පුලුවන් මාකටින් හොදයි නම්.

    ඒ ගත්තත් තිස් හතලිස් දාහක් වගේ ගානක් දීල ගනියිද?

    30,40 දාහකට Software දානවා මචො මම Cheque Printing, Card Collection වගෙ චූ ප්‍රෝග්‍රම්, Cheque Printing කිව්වට අද උදේ කිරියෙ එකක් දාලා තිබ්බා වගෙ තනි form එකක් නෙමෙයි, Account පැත්තක් එක්ක, Post Dated Cheques එහෙම දාන්න, අවශ්‍ය විදියට Reports ගන්න පුලුවන් ඒවා,

    සාමන්යෙන් ලංකාවෙ දැන් Software එකක මිල අඩුම එක්ලක්ශ විසිදාහා පනිනවා, ඒ පොඩිම Shop එකකට, ලොකු ශොප් එකක් නම් අඩුම ලක්ශ 2 ඉදන් ලක්ශ 40 වගෙ ගනන් වලට ලංකාවෙ පොඩි පොඩි Software company වල ඒවා අලවි වෙනවා, ලොකු කම්පැනිවල ඒවා කෝටි ගනන් වලටත් යනවා,

    උබලට සාමන්යෙන් Super market එකකට System එකක් හදන්න පුලුවන් නම්, මුදලාලි ඉල්ලන 90%ක් දෙන්න පුලුවන් නම් උබට බය නැතුව ලක්ශයක් ඉල්ලන්න පුලුවන් එක workstation එකකට.

    කොහොමද බන් උබ ඔය සොෆ්ට්වෙයාර් ගැන මලෝ සසරක් දන්නෙ නැති, ටෙක්නොලජි ගැන දැනීමක් නැති ඔක්කොම CR පොතේ ලියන මුදලාලිලාගේ ඇගේ ඕව ගහන්නේ?


    එතනදි දෙවල් දෙකක් බලන්න ඕන,

    1. උබේ Software එකෙන් පුලුවන් වෙන්න ඕන මෙලො හසරක් දන්නෙ නැති එකක්ට උනත් වැඩ කරගන්න, මම විශ්වාස කරන දෙයක් තමයි
    The function of good software is to make the complex appear to be simple. පට්ටම සංකීර්න එකක් උනත් පාවිච්චි කරන උන්ට සරලව කරන්න පුලුවන් වෙන්න ඕන,

    ගොඩක් Complex UI එකක් තියෙන system ඇතුලෙන් ගොඩක් සරලයි, ඒත් අපි හදන සමහර System තියෙනවා පිටින් form එකේ controlls දෙකක් තුනක් තිබ්බට ඇතුලෙන් ලයින් 50,000 කට වඩා දුවනවා,

    2. මාකටින්, හරියටම නහරෙට ඇනෙන්න ටෝක් කරන්න අපි දැන ගන්න ඕන, මාකටින් කරන්න්න ගිහින් ගිරවා වගෙ කියෙව්වට කවුරුවත් ගන්නෙ නැ, බර වචන කිව්වට ගන්නෙත් නැ, කඩ්ඩ්න් නෙලුවට ගන්නෙත් නැ,.
    ඉස්සර වෙලා මිනිහට ඔලුවට වචනයක් දාලා මිනිහගෙන් වචනයක් ගන්න ඕන, හොද point එකක් අහු උනා නම් ඌරගෙ මාලු ඌරගෙම පිටේ තියලා කපන්න ඕන,

    උදාහරනකට, සමහර මුදලාලිලට cashier sure නැ ඒ වෙලාවට අපි පෙන්නන්නවා cashier ට හොර කරන බැ කියලා.
    තව සමහර තැනක බඩු හොරකම් කරනවා, ඒවගෙ අයට Stock එක පෙන්නන්නවා,
    තව සමහර අයට කඩෙ ඉන්න වෙලාවක් නැ, ඒ වගෙ අයට ලෝකෙ ඕනම තැනක ඉදන් System එක බලන්න පුලුවන් කියලා පෙන්නන්නවා
    තව සමහරුන්ට කොහොම වත් වෙලාවක් නැ, ඒයාලට Phone එකෙන් Report බලන්න පුලුවන් කියලා පෙන්නන්නවා,
    ඔය වගෙ නරි මොලයක් තියෙන්න ඕන ඉතින්

    ඒ වගේම මම දාපු එක සිස්ටම් එකක් කරනවා අංකල් කෙනෙක් දැන් පොරට 86 යි වයස ජීවිතෙට cal එකේ වත් ගනන් හදලා නැ, ඒත් එක දවසින් සිස්ටම් එක අල්ලගත්ත මාට මාර සතුටුයි, දෙවනි දවසෙ මම cashier එක ලගම ඉදන් බලන් හිටියා පොරට හිර වෙයි ද කියලා, එත් මිනිහා පට්ටට handle කරා, සිස්ටම් එකකට මිනිස්සුන්ගෙ වයස, අද්‍යාපන මට්ටම, පරිඟනක දක්ශතා නැති එකක්ට උනත් වැඩ කරන්න පුලුවන් වෙන්න ඕන, System එකක් දාන්නෙ වැඩ ලේසි වෙන්න මිසක් තව අනාගන්න නෙමෙයිනෙහ් :P

    මොකෝ ඕක විකුණනකොට කොම්පියුටරයකුත් ගන්න ඕනනේ.

    ඔව් Hardware වියදම Software වියදමට වඩා වැඩියි, අපි සාමන්යෙන් counter එකකට වගෙ අමතරව ගන්නෙ 25-40 වගේ අතර ගානක් ඒත් එකට Printer එකම විතරක් 36 k වෙනවා p4 එකක් දැම්මත් 20 ක් වත් වෙනවා,

    ඉතින් ඒවටත් උන් අකමැති මොකද අමතර වියදම් නේ.

    එවා asset හින්දා අපිට අදාල නැ පොරට system එක එපා නම් hardware විකුනන්න පුලුවන්, Hardware අපිට අදාල නැ, ලක්ශ දෙකක System එකකට අඩුම ගානෙ ලක්ශ 4 කවත් Hardware යනවා.

    Server එකක් ලක්ශයක් වෙනවා අඩුම
    POS printer එකක් 36,000
    Cashier drawer එකක් 15,000
    Barcode Printer 60,000
    Inline UPS 120,000
    Dual Core PC 25,000
    ඕය වගෙ තමයි ගනන් ඉතින් Software එක පොඩි ගානක්.

    හිටි ගමන් කොම්පුයටර් කූරිය ගහනව.

    අලුත් Custimers ලා මොනා උනත් පරන උන්ට වැදගෙන ඉන්න ඕන, කැඩුන ගමන් දුවන්න බලාගෙන ඉන්න ඕන, එකට පොඩි කොල්ලො සෙට් එකක් තියාගත්ත නම් හරි, ඒත් සාමන්යෙන් අපි System දැම්මම වෙන මොනාවත් කරන්න දෙන්නෙ නැ එ PC වල, අපි නම් User Policy Perant control ඔක්කොම දාලා ලොක් කරනවා නෙට් වත් යන්න බැරි වෙන්න USB block කරනවා.
    එත්කොට ලෙඩ අඩුයි, අපෙ සිස්ටම් එක අව්ල් නම් අපි හදලා දෙනවා ඒත් උන් කඩගත්තොත් අපිට service වලට වෙනම ගෙවන්න ඕන,

    එතකොට උබ අටවල ගිය සොෆ්ට්වෙයාර් ඩේට එක්ක උන්ට අයිමත් රීස්ටොර් කරන හැටි උන්ට තේරෙනවද?

    උන්ට ඕවා තෙරෙනවා නම් උනුත් Software කැලි හදයි නෙ යකො, එව අපි කරලා දෙන්න ඕන එහෙම නැත්නම් උන් Format කරලා ගෙනත් ON කරම අපි Remote LOG වෙලා හදලා දෙනවා, ඕක මහලොකු කජ්ජක් නෙමෙයි, සමන්යෙන් මම නම් Customer කතා නොකරත් ගිහින් visit එකක් දානවා එතකොට ලෙඩ එන්න කලින් හදාගන්න පුලුවන්.

    මොකද අපි කිව්වම එයාලා ඕන දෙයක් කරනවා System එක හරියට යනවා නම් Slow කිව්වොත් තව RAM එකක් ගහලා SSD එකක් දාලා, Network එක ආයෙ ගහන්න කිව්වොත් එයාල අනිවා ok කියනවා, ඉතින් සිස්ටම් එකට අමතරව ඒවගෙහුත් ගානක් එනවා.

    තව කඩවල රු3000ට වැඩට එන ‍‍‍කොල්ලො කෙල්ලොන්ට ඕව තේරෙනවද බන්?

    තේරෙන්නෙ නැති උන්ට මම නම් ඉතින් තේරෙවනවා :D එහෙම ගින්නක් නැ බං, සිස්ටම් එක එලකිරි වගේ වැඩ නම් ඕන එකක් බං, මම දාපු තව එකක් මැන්ටල් පොරකුත් වැඩ කරනවා, ඌට මම එක පාර සිස්ටම් එක කියලා දුන්නෙ නැ සතියකට පාරක් ගිහින් එක එක කැල්ල වෙන වෙනම කියල දුන්නෙ, මිනිස්සු පුදුම වෙනවා System එකේ වැඩ කරන හැටි දැක්කම :D

    අඩෝ සිරාවට මටනම් හිතාගන්න බෑ බන් ඕව සාමාන්‍ය ෂොප් ඕනර්ස්ලට සෙල් කරන තියරිය.

    අපිට මොකා ලගට වත් ගිහින් පීච්චං වෙන්න ඕන නැ බං අපේ සිස්ටම් එක හොදයි නම්, උන්ම හොයාගෙන එනවා, මට දැන් වෙලා තියෙන්නෙ ඉල්ලුමට සැපයුම දෙන්න බැරි එක, උන් බලෙන්ම Advance සුත් දිලා යනවා, එපා කිව්වට අහන්නෙත් නැ, ඉට පස්සෙ මාස 5,6 ඉන්නවා අපි එනකල්,

    ඒත් ඉතින් මම නම් සල්ලි පස්සෙ පපන්නන්න එකෙක් නෙමෙයි, මොකද මේ ජොබ් එකේ දි අපිට Cost එකක් නැ ගෙවෙන්නෙ මොලෙ විතර්යි, අනිත් වියදම් බොහොම පොඩ්යි, ඒත් අතට පට්ට කුට්ටියක් ලැබෙනවා එක පාර, එත් සල්ලි පස්සෙ දිව්වොත් මොනා වත් නැ, ඒ නිසා මම කොච්චර ආවත් මම එක්කෙනෙක් ගෙ වැඩ 100% ඉවර කරලා තමයි තව කෙනෙක් ලගට යන්නෙ,

    ඒ වගෙම තව දෙයක් අපේ වැඩේ හරියට කරනවා නම් ගාන ප්‍රශ්නයක් වෙන්නෙ නැ, මොකද මට අන්තිමට හම්බ උන Customers ලා තුන් දෙනාම මම ඉල්ලපු ගානට වැඩිය වැඩියෙන් දුන්නා, එක්කෙනෙක් මම ඉල්ලපු ගාන දීලා වෙනම ලියුම් කවරයක තවත් ඒ වගෙම ගානක් දුන්නා, ඒ කියන්නෙ මම රුපියල් 10 ක් ඉල්ලුවා නම් මගේ 10 දීලා තව 10 ක් දුන්නා සංතෝසෙට.

    අනිත් එක අපේ වැඩ හොදයි නම් මුදලාලිලා අපිට දෙය්යො වගෙ සලකන්නෙ, රැ ඉන්න වෙනවා නම් හොටෙල් බුක් කරනවා, උන්ගෙ තියෙන හොදම Prado, Montero වලින් ගෙදරටම ගෙනත් දානවා, Project ඉවර උනාම උන් ගානෙ ලස්සන Hotel Book කරලා දෙනවා, Dinner Out දෙනවා, ඒකත් මරු ආතල් වැඩෙ,

    ඒත් ඉතින් ලේසි ජොබක් නෙමෙයි , මේ තනියෙන් Software Company එක පටන් ගත්ත දවසෙ ඉදල අද වෙනකල් 12 ට කලින් නිදාගෙන නැ, සමහර වෙලාවට සති ගනන් ගෙදරට වෙලා අතල් එකේ හිටියත් අපිට අවශ්‍යම වෙලාවට ගෙදර ඉන්න නැ, මොන වැඩ තිබ්බත් කරන්න ඕන වැඩේ කරන්න ඕන,,
    ඒත් මහන්සි වෙලා සිස්ටම් ටික හදාගත්තා නම් වටේටම දාගෙන දාගෙන යන්න තියෙන්නෙ, එදා වෙනකල් තමයි මේ කට්ට,

    උබ කඩවල් ගානෙ ගිහින් මුදලාලි පැත්තකට අඩගහන් ගිහින් වැඩේ එක්ස්ප්ලේන් කරනවද? නැත්නම් ඇහැට කනට පේන කෙල්ලෙක් දානවද?


    මාකටින් යනවා නම් අපිම යන්න පුලුවන් නම් හොදයි, අලුත් පොර්වල් ට system
    එක ගැන කතා කරන්න දෙන්න හොද නැ, මාකටින් කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි යවනවා නම් උන්ට connection එක විතරක් හදලා දෙන්න කියන්න, සිස්ටම් එක පෙන්නන්න Developer කෙනෙක් එක්ක Senior කෙනෙක් යන එක වඩා හොදයි,

    ඒත් leaflets brochures බෙදන්න නම් හිර ඩෙනිමක් අන්දලා මේකප් පාරක් අන්දලා කැල්ලක් යැව්වම ටිකක් විතර හොදයි.

    ඉස්සර නම් Installation වලටත් කැලි එක්ක දුර බැහැර පලාත් වලට යනවා, ගිහින් දවස් දෙක තුන ඉදලා එනවා, දැන් නම් එහෙම System කරන්නෙ නැ මොකද ගිහින් අහු උනොත් වයිපරේ මගෙ Production system එක ගලවනවා :D

    මේ සබ්ජෙක්ට් එකේ ඕන දෙයක් අහපං, elakiri එකේ මේ වගේ Individual Software Develop කරන ගොඩක් උන්ට මම උදව් කරනවා උබටත් ඕන දෙයක් තියෙනවා නම් අහන්න :)


    :cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකක් කියලා නැ බං, එක සිස්ටම් එකක් ගොද දාගන්න lnguages පහ හයක් Use වෙනවා, C# වලින් තමයි ගොඩක්ම UI එක කරන්නෙ, ඒත් වැදගත් කොටස් ලියන්නෙ Vb6 වල DLL වල, C#, vb.net, java වලින් මොනා කරත් OPen Source වගේ තමයි, මොකද ඒවා අයෙ Decompile කරලා code එක ගන්න පුලුවන් නිසා,

    vb6 නම් Decompile කරන්න අමාරුයි, C++ වලටත් වැඩිය අමාරුයි ඒ නිසා වැදගත් කොටස් vb6 වල ලියල COM DLL විදියට පාවිච්චි කරනවා,,

    තව වෙබ් සර්විස් ASP.net වල, Report servers ASP.net වල
    Update system එක, Online error reporting services යන්නෙ PHP + MySQL

    System එකේ back-end එක SQL Server

    තව LOW Level API අවශ්‍ය වෙන තැන් වල C++ පාවිච්චි කරනවා, ඔහොම තමයි ඉතින්, එකක් කියලා නැ බං,

    තව Phone වලට ඉතින් Android තමයි. තාම iOs නම් බැස්සෙ නැ,


    අම්මෝ උඹනම් පුස්තකාලයක්නේ බං. :) මචං දැන් කාලේ C ලැංග්වේජ් එක අධ්‍යයනය කරන එකේ වාසියක් තියනවද?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    FTP දාන්නේ කොහොමද? මම එකපාරක් මගේම ftp එකකට backup එන්න දැන්මේ. එත් wireshark වෆේ software වලින් එතකොට username, password අල්ලගන්න පුළුවන්. ඊට පස්සෙ log වෙලා කෙලවන්නත් පුළුවන් නේ. :dull:

    updates online යවන්නේ කොහොමද? එකත් අර විදියටම FTP දන්මොත් හොරෙන් ලොග් වෙලා ඕනේ එකයි එපා එකයි ඔක්කොම බාගනී නේ..

    schedule karala script ekak run karapiya. (like powershell). umbe FTP eka gena anith ayata kiyanne mokada?
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    4354447030.png
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    K සොන්නය කෙලින්ම ගිහින් මුදලාලිගෙ සරම උස්සල මුඛ සංසර්ගය කරනව..
    ඊට පස්සෙ තමයි මුදලාලි කියන්නෙ ඕනද නැද්ද කියල..
    නැතුව මූ හදන හොරිකඩ software බල්ලෙකුට use කරන්න පුළුවන් ඒව නෙවේ..
    user interface එක දැක්කාම..
    ප්ලේන්ටි කඩේ මුදලාලිගෙ ගෑනි ප්‍රෙග්නන්ට් වෙන ජාතියෙ ඒව මූ හදන්නෙ..

    පෑහෑදිලි ඊරිසියාව :angry::angry:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    අම්මෝ උඹනම් පුස්තකාලයක්නේ බං. :) මචං දැන් කාලේ C ලැංග්වේජ් එක අධ්‍යයනය කරන එකේ වාසියක් තියනවද?

    මචො, Software Developer කෙනෙක් උනාම උයන එක උනත් දැනගෙන ඉන්නවා නම් ඒක වටිනවා, මොකද restaurant එකකට System එකක් Design කරද්දි අනිවා උයන හැටි දැනගන්න ඕන,

    ගල් වලට ගල් කඩන හැටි දන්නෙ නැත්නම් කවදාවත් ක්‍රශර් එකකට සිස්ටම් එකක් දාන්න වෙන්නෙ නැ,

    බාස් කෙනෙක් වැඩ කරන හැටි දන්නෙ නැත්නම් Construction Companies වලට system එකක් හදන්න බැ.

    construction company එකකට සිස්ටම් එකක් talk කරන්න ගිහින් සිමෙන්ති වලට වැලි දාන අනුපාතය කියන්න පුලුවන් නම්, ගෝලයෙක් දවසට ගඩොල් පේලි කීයක් අල්ලනවද කියන්න පුලුවන් නම් උබේ සිස්ටම් එක මොනා උනත් උබට ඒ Project එක ලැබෙන්න තියෙන chance එක වැඩියි.

    ඒ වගේ ඉගන ගත්තොත් කිසිම දෙයක් වැඩි වෙන්නෙ නැ බං, ඉතින් අනිත් සබ්ජෙක්ට් එහෙම නම් C ඉගෙන ගත්තා කියලා පාඩුවක් වෙන්නෙ නැනෙ බං,

    LOW Level Languages ඉගෙන ගත්තොත් මචො ලොකුම පහසුව අපි කරන්නෙ මොකක්ද කියලා අපේ ඔලුවෙ තියෙනවා, සමහර දෙවල් if condition වලිනුත් කරන්න පුලුවන් Select case වලිනුත් කරන්න පුලුවන්.
    ඒත් ඔය දෙකෙන් කොයි එක පාවිච්චි කරන එක හොදයිද කියලා අපිට තෙරෙන්නෙ Low level වල ඉදන්ම ඕවා පාවිච්චි කරලා තියෙනවා නම්.


    C ගොඩාක් දුරට ඉගෙන ගන්න ඕන නැ, ඒත් පුලුවන් නම් පොඩ් පොඩි exe ටිකක් හදලා ඒවා Debug කරල බලන්න, OllyDBG hari Immunity Debugger හරි හොදයි.

    OllyDbg2.gif


    එකේන් අපිට බලාගන්න පුලුවන් කොහොමද exe එක වැඩ කරන්නෙ කියලා :) ඒ වගේ දෙයක් ඔලුවෙ තියෙනවා කියන්නෙ ඌ හදන Application අනිවා හොද තත්වයේ එවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචො, Software Developer කෙනෙක් උනාම උයන එක උනත් දැනගෙන ඉන්නවා නම් ඒක වටිනවා, මොකද restaurant එකකට System එකක් Design කරද්දි අනිවා උයන හැටි දැනගන්න ඕන,

    ...........................
    ...........................
    ...........................
    ...........................
    එකේන් අපිට බලාගන්න පුලුවන් කොහොමද exe එක වැඩ කරන්නෙ කියලා :) ඒ වගේ දෙයක් ඔලුවෙ තියෙනවා කියන්නෙ ඌ හදන Application අනිවා හොද තත්වයේ එවා.

    විස්තර කිව්වට Thanks මචං. මගේ කාලෙක ඉදන් ආසාවක් තියනවා C ලැංග්වේජ් එක ගැන. කාතාවට කියනවනේ මේ ලෝකේ මිනිස්සු උවමනාවෙන් හොයාගෙන තියන්නේ C ලැංග්වේජ් එකයි පානුයි විතරයි කියලා. C වලට IDE එකක් පාවිච්චි කරනව නම් මොකක්ද හොද මචං.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    විස්තර කිව්වට Thanks මචං. මගේ කාලෙක ඉදන් ආසාවක් තියනවා C ලැංග්වේජ් එක ගැන. කාතාවට කියනවනේ මේ ලෝකේ මිනිස්සු උවමනාවෙන් හොයාගෙන තියන්නේ C ලැංග්වේජ් එකයි පානුයි විතරයි කියලා. C වලට IDE එකක් පාවිච්චි කරනව නම් මොකක්ද හොද මචං.

    https://www.jetbrains.com/clion/
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    කොලඹ විතරද බං කුකුල්ලු ඉන්නෙ අපිත් හොද කුකුලා තමා මාතියා :D


    Geo Locations එකකට වැඩි ප්‍රමනයක් තියෙනවා නම් අනිවා Sync කරන්න වෙනවා, හොද Server System එකක් එක්ක Data Network / VPN එකක් තියෙනවා නම් Master Server එකකින් වැඩේ කරන්න පුලුවන්, දැනට බැංකු වල උනත් කරන්නෙ එහෙම ඒත් System එක ගොඩාක් Busy නම් + Offline billing කරන්න ඕන නම් අනිවා වෙන වෙනම Mini Servers ගහලා Sync Framework එකක් හදගන්න වෙනවා,



    අනිවාර්යෙන්ම මචො Sync වෙනවා කියන්නෙ Enterprise ලෙවල් එකට යනවා කියන එක, ඉතින් එකට වෙනම ගානක් ගන්න වෙනවා, උබ Sync system එකක් හදලා තියෙනවා නම් දැනගන්න තිබ්බ ඕක හදන්න තියෙන කට්ට, මගෙ තට්ටෙත් පැදුනා මාස 3 ක් විතර ඕක කල්පනා කරලා, :D

    Web එක Through බලන්න ඕන නම් Report Server එකක් දාලා දෙනවා,

    Mobile App එක මම නම් free දෙනවා, මොනා හරි Customize කරන්න ඕන නම් එකට Charge කරනවා, Sales Stock Bank balance වගේ නිතර අවශ්‍ය එවා Mobile එකෙන් බලගන්න පුලුවන්, මගෙ Android app නම් Cloud එක හරහා සම්භන්ද උනාට Offile උනත් වැඩ කරනවා, Data Off කරල Servers Off කරලා Phone එකෙන් අවශ‍ය දෙවල් කරගන්න පුලුවන් (මේ ඔක්කොම මම තනියෙන් Dev කරන්නෙ)


    System එකක් අනිවා Hourly local backup, Daily offsite backup ගන්න ඕන, Cloud වලටත් Backup Upload වෙන්න හදන්න පුලුවන් නම් ගොඩ,




    ඔය ඕක්කොම කරනවා,

    1. Sync - මේක නිසා සිස්ටම් එකක ආසන්න වශයෙ විනාඩි ගානක ඩේටා ටිකක් ඇරෙන්න අනිත් ඔක්කොම සංරක්ශනය වෙනවා වෙන මැශින් එකක.
    2. Hourly auto Backup - පැය ගානකට පාරක් බැකප් වෙනවා
    3. Daily Backup - දිනපතා බැකප් වෙන ගමන් Upload වෙනවා වෙන කොහෙට හරි off site.
    4. Customer අනිවා බැකප් ගන්නවා පුලුවන් වෙලාවට. (මේක අවසශ්‍යම නැ එත් අපි අතින් කෙල උනොත් ඇග බේරගන්න කරන්නෙ, අපි ලගත් තුරුම්පුවක් තියගන්න ඕන,)



    DVD වල දෙන්න නැ මචො එහෙම දෙන ගියානම් DVD වලටම ලොකු වියදමක් යනවා, මොකද Customer ගෙ requirement වලට Updates 200 ක් විතර දෙන්න වෙනවා DVD 200 දෙන්න බැනෙ,,,

    එක්කෙනෙක්ගෙ System එකක් තව කෙනෙක්ට 100% ගැලපෙන්නෙ නැ, ඒ නිසා අනිවාර්යෙන් වෙනස් කම් කරන්න වෙනවා, General Systems ගියොත් අපිට ලාබයි, Customize ගියොත් වැඩේ ටිකක් අමාරුයි ඒ නිසා දෙකම Balance කරගන්න ඕන,

    ඕනම Company එකක Licence part එක රහසක්, පිලිතුර ඕව්, Hardware විතරක් නෙමෙයි ගොඩක් දෙවල් වලින් ලොක් කරලා තියෙන්නෙ, Admin Password උනත් Dynamic බලන් හිටියට පාස්වර්ඩ් එක ගහන්න බැ , ඊලග පාර පාස්වර්ඩ් එක වෙනස්, ඒක cal කරන්නෙ හිතෙන් :)

    ලොකුම ගැටලුව ඩේට බැකප් තමයි. ඩේට තමයි වටිනම දේ :)



    මේ ප්‍රශ්න හැර තවත් ප්‍රශ්න තිබේද ?

    තෑන්ක්ස් මචෝ. මට දැන ගන්න ඕන වෙලා තිබුනු ගොඩක් දේවල් මම දැනගත්ත. :D:yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    K zone උබනම් සිරාම පොරක්.උබල වගේ උන් කීපදෙනයි මේකෙ ඉන්නෙ.උබේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත්වේවා
     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    FTP දාන්නේ කොහොමද? මම එකපාරක් මගේම ftp එකකට backup එන්න දැන්මේ. එත් wireshark වෆේ software වලින් එතකොට username, password අල්ලගන්න පුළුවන්. ඊට පස්සෙ log වෙලා කෙලවන්නත් පුළුවන් නේ. :dull:

    updates online යවන්නේ කොහොමද? එකත් අර විදියටම FTP දන්මොත් හොරෙන් ලොග් වෙලා ඕනේ එකයි එපා එකයි ඔක්කොම බාගනී නේ..

    මම ගොඩක් දේවල් කියන්න ගියේ නැත්තේ මගේ සයිඩ් එක Web නිසා. Web application කියන්නේ වෙනමම කථාන්දරයක්.

    FTP වල තියෙනවා sFTP කියලා වර්ශන් එකක්. ගොඩක් හොස්ටින්ග් කම්පැනි වලින් (ලංකාවේ) සපෝට් කරන්නේ නැහැ ඒකට. දැකලා ඇතිනේ ගොඩක් හොස්ටින්ග් වලට ලොග් වෙන්න යද්දී https (SSL) එක හරහා ලස්සන ලොකු ඉරක් ඇදෙනවා.

    හොද SSL දාලා අප්ඩේට් කරල තියෙන සර්වර් එකකයි, otp දෙන අපේ පැත්තෙනුයි sFTP කනෙක්ෂන් එකක් හැදුනෝතින් පැකට් Sniff කලාට ගොඩක්ම අමාරුයි de crypt කරගන්න. ඒකට ඉතින් ක්ලයන්ට් හා සර්වර් කී දෙකමයි, ssl authority secret keys ගෙසින් එකකුයි කරන්න වෙනවා. ඒක නිසා බයවෙන්නේ නැතිව sFTP කනෙක්ෂන් එකක් හදලා ඔයා හදන සොෆ්ට්වෙයාර් එකකට දාන්න. ස්නිෆින් වලින් නම් කරන්න පුළුවන් දෙයක් ඇත්තෙම නැහැ එතකොට.

    අනිත් දේ හොද සර්වර් එකක් තොරගන්න. උදාහරණයක් විදියට කියනවානම් අපේ අළුත් සර්වර් ටික අපි කන්ෆිගර් කරගෙන යන්නේ auto on site-off side dual බැකප් සිස්ටම් එකක් විදියට. අපේ DC එකට හෙන ගහලා ගියත් Amazon හා තවත් Provider කෙනෙක්ගේ ඒ බැකප් එක අපි ගබඩා කරල තියෙන්නේ අපේ secure bucket එකක. කම්පියුටර් එක්ක හැප්පෙන මනුස්සයෙක්ගේ වටිනම දේ ඩේටා ෆයිල්. ;)
     
    • Like
    Reactions: MihiCherub