Kaalakanni Jaathivadhin Paradha Muslim tharuniya jayagani

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,347
    3,691
    113
    Maligawatta
    මුස්ලිම් නිසා විශ්විද්‍යාල තනතුර අහිමිවු ශානාස්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජය!


    මුස්ලිම් කාන්තාවක වීම නිසාම කොළඹ විශ්වවිද්‍යාලය විසින් බලහත්කාරයෙන් ජනසන්නිවේදන අංශයේ සේවය අහිමි කරපු සහකාර කථිකාචාරිනී ශානාස් මාස දෙකක් තුල නැවත සේවයේ පිහිටුවන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දිනයේ නියෝගයක් ලබාදී ඇත. අන්තර්ජාලයේ පලවු එම පුවතට මෙසේය.

    පෙබරවාරි 24දා මධ්‍යාහ්නයේදී මෙම සටහන ෆේස්බුක්හි තැබුවේ ආයතනයේ CAFFE හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසිනුයි.

    මොකක් ද මේ නඩුව? මම ඒ ගැන දැනගන්නට කතා කළා රජිත්ටත්, ශානාස්ටත්.

    ඇය සේහු අලාඋදීන් ෆාතිමා ශානාස්. මෙම කතාවට අදාළ නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ලබා දුන්නේ 2011දී ශානාස් විසින් ගොනු කරන ලද අංක SC (FR) 238/2011 දරණ මානව හිමිකම් පෙත්සම වෙනුවෙන්. ඇය ඒ පෙත්සම ගොනු කළේ ඇයට සිදු වූ බරපතල අසාධාරණයක් නිසායි. ඒ අසාධාරණයට මුහුණ දුන් තවත් අයත් සිටියදී ඇය තනිවම සිය ඉරණමට එරෙහිව අරගල කළා. ඒකයි වැදගත්කම. ඇයට ඒ වෙනුවෙන් ශක්තිය ලබා දුන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරිවරයකු වූ ජ්‍යේෂ්ඨ නීතිඥ කේ.ජී. ජිනසේනයි.

    ශානාස්ගේ පැමිණිල්ල වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ පුවත්පත් කලාව පිළිබඳ කථිකාචාර්ය ධුරයකට අයදුම්කර, නියමාකාරයෙන් පත් කරන ලද තෝරාගැනීමේ මණ්ඩලයක් විසින් ඇය එම තනතුර සඳහා ඒකච්ඡන්දයෙන් නිර්දේශ කර තිබියදීත්, ඇය මුස්ලිම් ජාතික කාන්තාවක් වීම නිසා එවකට සිටි උප කුලපතිවරිය විසින් ඇගේ පත්වීම වැළැක්වීමෙන් ඇගේ මානව හිමිකම් කඩ වීම වෙනුවෙන් සහනයක් ලබා දිය යුතු බවයි.

    ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 12 (1) හා 12 (2) වගන්ති මෙමගින් උල්ලංඝනය වන බවට ඇය පෙත්සමින් කරුණු ඉදිරිපත් කළා.

    ශානාස් කැලනිය විශ්වවිද්‍යාලයෙන් 2006දී ජනසන්නිවේදන විෂය සඳහා දෙවන පංතියේ අධි සාමාර්ථයක් ලබා ගත්තා. ඉන් පසුව ඇය කැලනිය විශ්වවිද්‍යාලය විසින් තාවකාලික කථිකාචාර්ය ධුරයකට පත් කරනු ලැබුවා. උපාධි අපේක්ෂිකාවක් ලෙසත් ඇය ඉතා සක්‍රියව ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ කටයුතු කළා.

    2008දී කොළඹ විශ්වවිද්‍යාලය විසින් පුවත්පත් කලාව කථිකාචාර්ය ධුරයක් සඳහා අයදුම්පත් කැඳෙව්වා. එහෙත් බඳවා ගත්තේ නැහැ. නැවතත්, 2010දී අයදුම් කළා. 21දෙනෙකු අයදුම් කර තිබුණත් අවශ්‍ය සුදුසුකම් තිබුණේ දෙදෙනෙකුට පමණයි. විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් පත් කරන ලද තේරීම් මණ්ඩලය ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියේ ඇය පමණයි.

    පෙබරවාරි 10දා පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණයෙන් පසුව තේරීම් මණ්ඩලය විසින් ඒකච්ඡන්දයෙන් ඇය තනතුරට සුදුසු බව නිර්දේශ කළා. ඒ තේරීම් මණ්ඩලයේ සාමාජිකයන් වුණේ මහාචාර්ය ඉන්ද්‍ර‍ලාල් ද සිල්වා, සී. මාලියද්ද, මහාචාර්ය සරත් විජේසූරිය, පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි හා ආචාර්ය ඒ. හපුආරච්චි මහත්මියයි. එහෙත්, ශානාස් මුස්ලිම් අපේක්ෂිකාවක් නිසා පත්වීම සිදු කිරීමේ බලධාරියා වූ එවකට සිටි උප කුලපතිවරිය වූ ක්ෂණිකා හිරිඹුරේගම ඇය පත් කිරීමට අකැමැති වූ බව ශානාස් පෙත්සමේ සඳහන් කළා.

    විශ්වවිද්‍යාලය විසින් නැවත වතාවක් 2011දී තනතුර සඳහා අයදුම්පත් කැඳෙව්වා.

    ශානාස් බහු සංස්කෘතික පසුබිමක හැදුණු වැඩුණු දැරියක්. ද්විතීයක අධ්‍යාපනය මාවතගම මධ්‍ය මහා විද්‍යාලයෙන් හා මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ලැබූ ඇය සාමාන්‍ය පෙළ බුද්ධාගම විෂය ද සමත් වී තිබෙනවා. අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ඇය සිංහල මාධ්‍යයෙන් නාට්‍ය හා රංග කලාව හා උඩරට නැටුම් හදාරා විශිෂ්ට සාමාර්ථ ලැබුවා.

    අවස්ථා කීපයකදී ම ඇය ඉස්ලාම් දහම පිළිබඳ විශ්වවිද්‍යාලයේදී ආරාධිත දේශන ද පවත්වා තිබෙන බව ඇය පෙත්සමේ ද සඳහන් කළා.

    නීතිඥ යසන්ති බණ්ඩාරගේ උපදෙස් පරිදි ජ්‍යේෂ්ඨ නීතිඥ කේ.ජී. ජිනසේන, උදේශි සේනාරත්න සමග ශානාස් වෙනුවෙන් පෙනී සිටියා. නඩු තීන්දුව අනුව ඇය අදාළ තනතුරෙහි සේවයේ පිහිටුවීමට නියමිතයි.

    මෙම නඩු තීන්දුවෙහි වැදගත්කම ගැන කතා කරමින් රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවේ මෙය වැදගත් වන්නේ මුස්ලිම් කාන්තාවක් වීම නිසා ඇයට මෙම අවස්ථාව අහිමි කිරීම නිසා පමණක් නො වන බවයි. මේ වනාහි එක්තරා යුගයක ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ දක්නට ලැබුණු මූලික ලක්ෂණයක් බවයි ඔහු පවසන්නේ. එම යුගයේදී මේ සියල්ල හසුරුවනු ලැබුවේ දේශපාලන හස්තයන් විසින් බව ද ඔහු පැවසුවා. මෙම නඩු තීන්දුව එම යුගයේ අවසානය ලකුණු කිරීම සඳහා ඉවහල් වන්නක් බවයි ඔහුගේ අදහස.

    එපමණක් නොවෙයි, අධිකරණයට ද නිදහස් ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබී ඇති බවක් මෙයින් පෙන්නුම් කරන බව රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවා.

    BBC Sinhala

    timthumb.php
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ගෝනි අඳින්නේ නැතුව සාමාන්‍ය විදියට ජීවත් වෙන මනුස්සයෙක්නම් කරපු දේ වැරදියි.
    ගෝනිබිල්ලෝ නම් ඉතින් තැනකට වැද්දගන්න බෑනේ.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    ගෝනි අඳින්නේ නැතුව සාමාන්‍ය විදියට ජීවත් වෙන මනුස්සයෙක්නම් කරපු දේ වැරදියි.
    ගෝනිබිල්ලෝ නම් ඉතින් තැනකට වැද්දගන්න බෑනේ.
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ගෝනි අඳින්නේ නැතුව සාමාන්‍ය විදියට ජීවත් වෙන මනුස්සයෙක්නම් කරපු දේ වැරදියි.
    ගෝනිබිල්ලෝ නම් ඉතින් තැනකට වැද්දගන්න බෑනේ.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,347
    3,691
    113
    Maligawatta
    ගෝනි අඳින්නේ නැතුව සාමාන්‍ය විදියට ජීවත් වෙන මනුස්සයෙක්නම් කරපු දේ වැරදියි.
    ගෝනිබිල්ලෝ නම් ඉතින් තැනකට වැද්දගන්න බෑනේ.

    ගෝනි අඳින්නේ නැතුව සාමාන්‍ය විදියට ජීවත් වෙන මනුස්සයෙක්නම් කරපු දේ වැරදියි.
    ගෝනිබිල්ලෝ නම් ඉතින් තැනකට වැද්දගන්න බෑනේ.

    ගෝනිබිල්ලෝ නම් ඉතින් තැනකට වැද්දගන්න බෑනේ.

    Arabiyata gihilla Gonibillange P*ka hodanna thopilage genunwa yawanna puluwanne :rofl::rofl::rofl::rofl: