කහවත්ත හා වරෙන්තුකාර දුමන්ද සිල්වාට නිවාඩු අනුමත කරන පාර්ලිමේන්තුව
කහවත්තේදී නැවතත් ජනතාව ප්‍රචණ්ඩ ලෙස හැසිරුණේ රජයට, ආණ්ඩුවට, පොලිසියට, ප්‍රදේශයේ දේශපාලන බලධාරියකු වන ඇමති ජෝන් සෙනෙවිරත්නට හා ඔහුගේ ප්‍රාදේශීය ඇම්බැට්ටයන්ට විරෝධය දක්වමිනි.
ඒ වනාහි රාජ්‍ය හා දේශපාලන බලය පාවිච්චි කරමින් වැරදිකරුවන් ආරක්ෂා කරමින් අවනීතිය රජ කරවා ඇති වත්මන් පාලනයට එරෙහි සමාජ විරෝධය උතුරා ගිය තැනකි.
එසේ ම, මේ වනාහි වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයනගේ අනාගත ඉරණම සංකේතවත් කරන සිද්ධියක් ලෙස ද සැලකිය හැකි ය.
සැකකරුවන්ගේ නිවෙස් ගිනි තැබීම, පාරේ ටයර් පිළිස්සීම වැනි ප්‍රචණ්ඩ ක්‍රියා අපි දැඩිව ම හෙළා දකිමු. එහෙත්, අප දෝෂාරෝපණය කරන්නේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු ජනාවට වඩා මෙම තත්වය නිර්මානය කළ නීතියේ හා දේශපාලනයේ මෙහෙයුම්කරුවන්ට ය.
52 හැවිරිදි මවක මරා දැමීමත්, 18 හැවිරිදි දියණියක දූෂණය කර මරා දැමීමත් මෙහෙයවී යයි කියැවෙන එකෙක් ඇමති ජෝන් සෙනෙවිරත්නගේ සම්බන්ධීකරණ නිලධාරියකු ද වන ප්‍රාදේශීය සභා මන්තිරියෙකි. මෙවැනි අපරාධකරුවන් ඔසවා තැබුවේ ද අද ඔවුන්ගේ නිවෙස් ගිනි තබන ජනතාව ම බව ද අප අමතක නො කළ යුතු ය.
සිකුරාදා පාර්ලිමේන්තුව දුමින්ද සිල්වාට තවත් මාස තුනක් නිවාඩු ඉල්ලා යෝජනාවක් ගෙන ඒමට නියමිත ය. දුමින්ද සිල්වා යනු ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරියකු ඝාතනය හා සම්බන්ධ නඩුවක් සඳහා අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙකි.
ලංකාවේ පාර්ලිමේන්තුව නිවාඩු දෙන්නට යන්නේ අධිකරණය මගහැර ආරක්ෂක බලධාරීන්ගේ උපකාර මත රට පැන්න වරෙන්තුකරුවකුට ය. මේ යෝජනාවට අත උස්සන විට කවුරු කවුරුත් කහවත්ත ගැන හිතනවා නම් හොඳ ය.
උපුටා ගැනීම
Last edited:












