KAKULU advice

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    උ පේ ක් ෂා එක්ක ජීවිතය බෙදා ගනිමු ජීවිතය ජය ගනිමු ආදරණීය පාඨක ඔබ සමඟ ජීවිත තක්සලාවේ දුක සැප බෙදා ගන්න


    ඇය දයාබර සරසවිය පාඨක ඔබට නන්නාදුනන්නියක් නොවෙයි.
    කලා නිම්නය තුළ ඉතා සීරුවෙන් පියවර ඔසවමින් ජනතාවට සමීපව ඈ ඉන් ඔබ්බට ගොස් දේශපාලනයට පිවිස ඒ ඔස්සේ රට හසුරවන තැන හෙවත් පාර්ලිමේන්තුව තෙක් ගමන් කළ අන්දම කොයි කාටත් මහඟු ආදර්ශයක්.
    upeksha-02.jpg
    එසේ ගිය ගමනේදී ඇය මුහුණ පෑ අභියෝගයන් ද, මල් වෙනුවට ගල් පැමිණි මොහොතවල් ද එමටය. ඒවාට උපේක්ෂාවෙන් මුහුණ දී උපේක්ෂාවෙන්ම ජයගත් ඒ උපේක්ෂාගේ සිතුවිලි අද සිට සතියක් පාසා සරසවිය පිටු අතර සැරිසරනවා. ඒ ඔබ වෙනුවෙන්.

    එහෙනම් අද සිට ‘උපේක්ෂාගෙන් අහන්න’ ඔබට පුළුවන්. ඇය ඔබේ හදවතට කතා කරයි.

    1. අපි විවාහ වුණේ ප්‍රේම සබඳතාවකින්. මගේ ස්වාමි පුරුෂයා මට වඩා අවුරුදු 10 ක් වැඩිමල්. අපිට අවුරුදු 8 ක දුවෙක් සහ අවුරුදු 10 ක පුතෙක් ඉන්නවා. මෑතක සිට එයා මාව නිතරම සැක කරනවා. දැන් අපිට එක නිවෙසක ජීවත්වීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා. අපේ දරුවෝ දෙන්නාගේ අනාගතය අඳුරු වේවි යන බය නිසා මට දික්කසාද වෙන්නත් බයයි.
    කුසුම් – අවිස්සාවේල්ල
    එක පාරටම දික්කසාදය වැනි තදබල තීරණයක් නම් ගන්න එපා. ඒ වගේ තීරණයක් දැඩි ලෙස දරුවන්ට මානසිකව බලපාන්න පුළුවන්. දරුවන්ට පියාගේ රැකවරණය වගේම සෙනෙහසත් අත්‍යවශ්‍යයි. ගැටලුව මුලින්ම සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න උත්සාහ ගන්න. ඔබ දෙපොළට මේ ප්‍රශ්නය පිළිබඳ සෘජුවම සාකච්ඡා කළ නොහැකි නම් දෙමව්පියන් හෝ විශ්වාසවන්ත මිත්‍රයකුගේ සහය ඒ සඳහා ලබා ගන්න. නමුත් හේතුවක් නොමැතිව ස්වාමියා ඔබව දිගින් දිගටම සැක කරනවා නම් ස්වාමියා සමඟින් මනෝ වෛද්‍යවරයකු හමුවන්න. මේ සියලු ක්‍රියා මාර්ගයන් මඟින් ඔබට සහනයක් නොලැබුණොත් නම් නීතියේ පිහිට පතන්න.
    2. මගේ දුව රඟපාන්න ආසයි. එත් මේ නොයෙකුත් කටකතා නිසා ඇයව ඒ සඳහා යොමු කරන්න බයක් තියෙනවා.
    විශාකා ධර්මසේන – කටුඉද්දමල්ගොඩ
    කට කතා නිසා නම් දුවව රඟපාන්න යොමු කරන්න බය වෙන්න එපා. අම්මා, දුවව නම් කිසිම මොහොතක තනි කරන්න එපා. ලැබෙන පිටපත් කියවලා අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු කවුද යන්න සහ ඔවුන් කර තිබෙන නිර්මාණ ගැන හොයලා බලලා රංගනය සඳහා දියණිය යොමු කළා නම් හොඳයි.
    3. මම අවුරුදු 23 ක තරුණියක්. මගේ අම්මා මම පුංචි කාලේදීමයි අපිව දාලා රට ගියේ. දැන් මට තාත්තාත් නෑ. ඔහුගේ පෙර විවාහයේ දරුවන්ගෙනුත් මට නොයෙක් කෙනහිලිකම් වෙනවා. අනේ අක්කේ මට දැන් ජීවිතේම එපා වෙලා.
    නමක් සඳහන් කර නොමැති
    පාඨකයෙකි
    ඔබ මුලින්ම කරගන්න ඕනේ ඔබේ තරුණ හිත ශක්තිමත් කර ගන්න එක. අතීතය ගැන හිත හිත, තැවි තැවී නොසිට සුළු රස්සාවක් හෝ සොයා ගෙන ස්වාධීනව ජීවත් වෙන්න උත්සාහ ගන්න. තමන්ගේ ජීවිතය වෙන කෙනෙකුට නම් පාලනය කරන්න දෙන්න එපා. හෙට දවස ගැන සුබවාදීව හිතන්න.
    4. මගේ ස්වාමි පුරුෂයා කලක් රැකියාව කළේ පිටරටක. අපිට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. පොඩි පුතා 8 ශ්‍රේණියේ. ලොකු දුව 10 ශ්‍රේණියේ. දැන් ස්වාමි පුරුෂයා ඉන්නේ ලංකාවෙ. රැකියාවක් කරන්නෙත් නැහැ. හම්බ කළ සල්ලිවලින් අපි ගේ හදා ගත්තා. රට යන්න බැරි නම් රැකියාවක් කරන්නට කිව්වත් එයට කැමැතිත් නැහැ. මම රැකියාවක් කරනවාටත් ඔහු අකැමැතියි. දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් යමක් කිව්වොත් හැමදාම එය අවසන් වෙන්නේ ගුටිබැට හුවමාරුවකින්.
    කුමාරි රත්නායක – මාතර
    මේ වගේ ස්වාමි පුරුෂයන් අපේ රටේ ඉන්න එක ගැන නම් ඇත්තටම කණගාටුයි. නමුත් ඔබේ ගැටලුවට පිළිතුරක් ලෙස මම යෝජනා කරන්නේ ඔබට ස්වයං රැකියාවක් කරන්න ඉඩ ලබා දෙන්න කියන ඉල්ලීම ස්වාමි පුරුෂයාගෙන් කරන්න. එයත් ඔහු ප්‍රතික්ෂේප කරනවා නම් මෙම ගැටලුව විසඳා ගන්න මාපියන් මැදිහත් කර ගන්න. ඒ සියල්ල අසාර්ථක නම් පවුලේ ආර්ථික ප්‍රශ්න ඔබේ ස්වාමි පුරුෂයාට වඩාත් දැනෙන්නට සලස්වන්න.
    5. පසුගිය දින කිහිපය තුළදී මා නපුරු සිහින රැසක් දුටුවා. සිහින සැබෑ වෙනවා කියන්නේ ඇත්තද? ඒ හීන ගැන මතක් වෙද්දී මට සුපුරුදු රාජකාරී කටයුතු අතපසු වෙනවා.
    හිමාලි මනීෂා - රත්මල්පිටිය
    නපුරු සිහින පෙනෙන්නේ ඔබේ හිතේ තිබෙන කුමක් හෝ බියක් නිසා. හැමදාම රාත්‍රී නින්දට පළමුව ඔබේ ආගම සිහිපත් කරන්න. ඉන් ඔබට සහනයක් ලැබේවි. සිහින සැබෑ ජීවිතයට අදාළ කර ගන්න එපා.
    6. මම ඇඟළුම්හලක සේවිකාවක්. මගේ සේවා කාලය මාස තුනයි. ඇඟළුම්හලේ සේවය කරන කිහිප දෙනෙකුගෙන්ම මට මංගල යෝජනා ආවා. නමුත් එම යෝජනා සියල්ලම අවංක යෝජනා නොවන බව නම් මට පැහැදිලියි. මගේ අකමැත්ත ප්‍රකාශ කළත් ඒ කිසිවෙක් එය පිළිගන්න සූදානම් නෑ. මම මොකක්ද කරන්නේ?
    පියුමි - කටුනායක
    එම යෝජනා සෘජු ලෙස දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන්න. එමඟින් ඔබට සහනයක් නොලැබේ නම් හෝ ඔවුන්ගෙන් ඔබට බලපෑම් එල්ල වෙනවා නම් ඔබ කළ යුත්තේ ඔබේ ගැටලුව පිළිබඳ ආයතන ප්‍රධානීන් සහ ඔබේ වැඩිහිටියන්ව ඒ පිළිබඳව දැනුවත් කරන්න. මෙම කිසිදු ක්‍රියා මාර්ගයක් මඟින් ඔබට එම පුද්ගලයන්ගෙන් සිදුවන බලපෑම නොනවතින්නේ නම් නීතියේ පිහිට පතන්න.
    7. තාත්තා අපිව දාලා යද්දී මට අවුරුදු හතරයි. අම්මා මාව හදා වඩා ගත්තේ ගොඩාක් දුක් කරදර මැද. දැන් මට ප්‍රේමවන්තයෙක් ඉන්නවා. ඔහු ගැන අම්මා දැන සිටි අතර අපිට ඇගේ ආශිර්වාදයත් ලැබුණා. නමුත් මෑතක සිට අපේ අම්මා මගේ ප්‍රේම සම්බන්ධයට විරුද්ධයි. ඒ, මා පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටි මස්සිනා කෙනෙකු විසින් පවසන ලද මුසා බස් නිසයි. අම්මා දැන් මම කියන කිසිම දෙයක් පිළිගන්නේ නෑ. මට අම්මාගේ හිත රිද්දන්නත් බෑ. පෙම්වතාව අමතක කරන්නත් බෑ. මම අසරණ වෙලා ඉන්නේ.
    දිල්රුක්ෂි - ගම්පහ
    අම්මාගේ හිත රිද්දලා නම් කවදාවත්ම විවාහ වෙන්න නම් එපා. පෙම්වතා ගැන කියන බොරුව ඔප්පු කරලා අම්මාගේ හිත දිනා ගන්න.
    උපේක්ෂාට ලියන්න. ‘ආදරණීය උපේක්ෂා’, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ ලිපි පෙලේ නමත් ඇත්තටම " කැකුළු ඇඩ්වයිස්" උනා නම් නියෙමට ගැලපෙනවා :rofl:

    මාගේ ශ්‍රී පශ්චාත් භාගය සිනාසේ...................!!!!

    :lol::lol::lol:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    නීතිගරුක ලෙස කාන්තාවන් ප්‍රසිද්ධියේ වෙළද භාණ්ඩ බවට පත්කිරීම
    මේ වගේම එකක් කලකට ඉස්සර දෙරණ TV එකෙන් නිල්මිණි තෙන්නකෝන් ගෙන්නල කරා මතකයි
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    ප්‍රශ්න කෙසේ වෙතත් මේකිගේ පශ්චාත් භාගය නම් සුපිරි :P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔබ මුලින්ම කරගන්න ඕනේ ඔබේ තරුණ හිත ශක්තිමත් කර ගන්න එක. අතීතය ගැන හිත හිත, තැවි තැවී නොසිට සුළු රස්සාවක් හෝ සොයා ගෙන ස්වාධීනව ජීවත් වෙන්න උත්සාහ ගන්න

    අනිවාර්යෙන්ම :lol::lol: