kanna nathath sokade kelin .. ice karayoda manda mun

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,866
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දහතුන් හැවිරිදි පාසල් දැරියක දින ගණතාවක් අපයෝජනය කළ එක්දරු පියකු එම සිද්ධිය හෙළිවී පොලීසියට හසු වෙතැයි බියෙන් නාවලපිටිය, දොඹගස් තලාව ප්‍රදේශයේ සොහොන් පිටියකදී දිවි නසාගෙන ඇතැයි නාවලපිටිය පොලීසිය පවසයි. එම ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම පුද්ගලයා දැරියගේ බාප්පා බව පොලීසිය සඳහන් කරයි. මොහුට ද වයස අවුරුදු 13ක දියණියක් සිටින අතර මොහුගේ බිරිද විදේශගතව සිටින බවද පොලීසිය සඳහන් කරයි.


    අපයෝජනයට පත් දැරියගේ මව සැකකරුගේ බිරිඳගේ අක්කා බවත් ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාව කරන බවත් දැරියගේ පියා නොමැති බවත් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙම දරුවන් දෙදෙනාම සැකකරුගේ මව හා පියා භාරයේ සිටින අතර දින කිහිපයක්ම සැකකරු විසින් අදාළ පාසල් සිසුවිය අපයෝජනය කොට ඇති බවට හෙළි වී ඇත. සිද්ධිය පිළිබඳ සිසුවිය විසින් පාසලේ පන්ති භාර ගුරුවරියට දැන්වීමෙන් පසු සිද්ධිය පොලීසියට වාර්තා වී තිබේ.

    අනතුරුව සැකකරු සොයා පෙරේදා (16දා) සවස පොලීසිය එම නිවසට යාමත් සමග ඔහු පලාගොස් තිබිණි. මේ අතර ඊයේ (17දා) උදෑසන මෙම පුද්ගලයාගේ සිරුර ගසක එල්ලෙනවා දැක ඇති අයකු ඒ බව පොලීසියට දන්වා තිබේ. මියගිය අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සහ මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ.නාවලපිටිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
    සුරංග දිල්හාන්
     
    • Sad
    Reactions: Naughtykolla48