Katath amathaka SAF/SAG games

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    jeewan.jpg


    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 5 වැනි දිනය වූ ඊයේ පෙරවරුවේ පැවැති කිලෝ මීටර 100 මාර්ග ධාවන පාපැදි ඉසව්වේ රන් පදක්‌කම ශ්‍රී ලංකාවට දිනාදුන් පාපැදි කණ්‌ඩායමේ නායක ජීවන් ජයසිංහ උළෙලේ සිය දෙවැනි රන් පදක්‌කමද දිනාගැනීමට සමත්විය.

    මෙහිදී ඔහු විසින් වාර්තා කළ කාලය පැය 2 යි මිනිත්තු 25 යි තත්පර 38.65 ක්‌ ලෙසින් සටහන් වූ අතර එම ඉසව්වේ රිදී පදක්‌කම ඉන්aදියාවේ පන්කඡ් කුමාර් විසින්ද ලෝකඩ පදක්‌කම පකිස්‌තානයේ නිසාර් අහමද් විසින්ද දිනාගන්නා ලදී.

    ඒ සමග 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපැදි අංශයේ තරග ඊයේ අවසන් වද්දී ශ්‍රී ලංකාවට එයින් රන් පදක්‌කම් 2ක්‌, රිදී පදක්‌කමක්‌ සහ ලෝකඩ පදක්‌කමක්‌ හිමිවිය.

    තරගාවසානයේ 'දිවයින'ට අදහස්‌ දැක්‌වූ ජීවන් ජයසිංහ 'අපි රන් පදක්‌කම් 3 ක්‌ බලාගෙනයි මෙහෙට ආවේ. එයින් රන් පදක්‌කම් දෙකක්‌ අපට ලැබුණා. මාස 3 කට අඩු කාලයක පුහුණුවීම් වල යෙදිලා මේ ප්‍රතිඵලය ගෙනාපු එක ගැන ඉතා සතුටුයි. අපිට ජයග්‍රාහී ලීලාවකින් නැවත ශ්‍රී ලංකාවට යැමට හැකිවීමේ පළමු ගෞරවය මම ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහත්මයාට පිරිනමනවා. අපට අලුත්ම පාපැදි 4 ක්‌a සහ අමතර කොටස්‌ සමග අවශ්‍ය සියලු දේ එතුමා දුන්නා. ශ්‍රී ලංකා පාපැදි කණ්‌ඩායමේ අපි ඉතාම එකමුතුව වැඩකළා. ඒ නිසයි මෙවැනි ප්‍රතිඵලයක්‌ ගේන්න පුළුවන් වුණේ' යෑයි පැවසීය.

    mu meka dinanna deepu gema gena FB eke dala thibba kenek. mama hithanne coach wenna athi..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක වැඩිම
    රන් පදක්‌කම් වාර්තාව මැතිව්ට

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දැන් ක්‍රියාත්මක 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වැඩිම රන් පදක්‌කම් සංඛ්‍යාවක්‌ දිනාදීමට සමත්ව සිටි මැතිව් අබේසිංහ ඊයේ තවත් රන් පදක්‌කම් 2 ක්‌ දිනාගනිමින් සිය රන් පදක්‌කම් සංඛ්‍යාව 7 දක්‌වා ඉහළ නංවාගත් අතර ඒ අනුව දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ එක්‌ වරක, වැඩිම රන් පදක්‌කම් දිනාගත් ක්‍රීඩකයා බවට ඔහු පත්විය. 1991 දී කොළඹ පැවැති 5 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්‌කම් 6 ක්‌ දිනාගනිමින් අදාළ වාර්තාව හිමිකරගෙන සිටි ජූලියන් බෝලිං මෙම ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී ඔහුගේ පුහුණු උපදෙස්‌ යටතේ මැතිව් විසින් මෙම වාර්තාව සියතට ගැනීම කැපී පෙනුණි.

    ඊයේ පැවැති මීටර් 200 මිශ්‍ර ආර ඉසව්වේදී මිනිත්තු 2.00.90 ක කාලයක්‌ද, 100 නිදහස්‌ ආර ඉසව්වේදී තත්පර 51.23 ක කාලයක්‌ද වාර්තා කරමින් මැතිව් විසින් දිනාගත් ඉසව් දෙකම නව දකුණු ආසියානු වාර්තා වීමත් විශේෂත්වයකි.

    ඊයේ පැවැති කාන්තා මිශ්‍ර ආර මීටර් 100 සහය පිහිනුම් ඉසව්වේ රන් පදක්‌කමද ශ්‍රී ලංකාවට හිමිවූ අතර ඒ අනුව ඊයේ 'දිවයින' ප්‍රාදේශීය මුද්‍රණයට යෑවෙන විට ශ්‍රී ලංකාව රන් පදක්‌කම් 20 ක්‌ රිදී පදක්‌කම් 40 ක්‌ සහ ලෝකඩ පදක්‌කම් 51 සමග පදක්‌කම් 111 ක්‌ දිනාගනිමින් දෙවැනි තැන පසුවිය. ඉන්දියාව 100 වැනි රන් පදක්‌කමද දිනාගනිමින් සමස්‌ත පදක්‌කම් සටහනේ විශාල පරතරයක්‌ සහිතව ඉදිරියෙන් පසුවිය. පදක්‌කම් සටහනේ තෙවැනි තැන පසුවන පකිස්‌තානය රන් පදක්‌කම් 7 ක්‌ රිදී පදක්‌කම් 17 ක්‌ සහ ලෝකඩ පදක්‌කම් 27 ක්‌ ලබා සිටියේය.

    දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ

    කාන්තාව ශ්‍රී ලංකාවෙන්

    12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඇරඹුණු පෙරේදා (09වැනිදා) ජයග්‍රාහී දිනයක්‌ බවට පත්කරමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාවද බිහි කිරීමේ ගෞරවය සහිතව එම තරග අංශයෙන් රන් පදක්‌කම් 4 ක අයිතිය ශ්‍රී ලංකාව විසින් දිනාගන්නා ලදී.

    අදාළ මලල ක්‍රීඩා අංශයේ මීටර් 100 ඉසව්වේ මූලික තරගයේදී තත්පර 10.26 ක කාලයක්‌ වාර්තා කරමින් වසර 17 ක්‌ පැරණි ශ්‍රී ලංකා වාර්තාවද බිඳ දමමින් අවසන් තරගයට සුදුසුකම් ලැබූ හිමාෂ ඒෂාන් එහිදී තත්පර 10.28 ක කාලයකින් රන් පදක්‌කම හිමිකරගත්තේ දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසින් සම්මාන ලබමිනි. අදාළ කාන්තා ඉසව්වේදී තත්පර 1/100 ක වාසියකින් රන් පදක්‌කම හිමිකරගත් 19 හැවිරිදි රුමේෂිකා රත්නායක තත් 11.71 ක කාලයක්‌ වාර්තා කරමින් එම ඉසව්ව ජයගනිද්දී තත්පර 11.72 ක කාලයක්‌ වාර්තා කළ ඉන්දියාවේ ශ්‍රබානි නන්දා දෙවැනි තැනට පත්විය. ලිංගභේදය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක්‌ මත කාන්තා අංශයේ තරග සඳහා සහභාගීත්වය අහිමිවගොස්‌ පසුව නැවතත් ජාත්‍යන්තර බේරුම්කරන උසාවියක තීන්දුව අනුව කාන්තා අංශයේ තරගවැදීමේ අවස්‌ථාවත් හිමිකරගත් සහ මෙම ඉසව්වේ රන් පදකක්‌ම දිනාගනු ඇතැයි අපේක්‍ෂා කළ ඉන්දියාවේ දුතී වාන්ද්ට මෙහිදී තෙවැනි තැනට පත්වීම විශේෂත්වයක්‌ වූ අතර ඇගේ තරග නිමා කාලය තත්පර 11.75 ක්‌ විය.

    මීටර් 100 පිරිමි අංශයෙන් තරගවදිමින් තත්පර 10.41 ක කාලයකින් හිමාෂට දෙවැනි වූ මාලදිවයිනේ සායිද් හසන් විසින් දිනාගත් රිදී පදක්‌කම මාලදිවයින් ඉතිහාසයේ දැවැන්තම මලල ක්‍රීඩා ජයග්‍රහණය බවට පත්වීම කැපී පෙනුණි. ඔහුගේ එම ධාවනය එරට ජාතික වාර්තාවක්‌ බවද සඳහන් වේ.

    මංජුලට වාසනාවන්ත රන් ජයක්‌

    මෙම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්‌ඩායම් නායකයා ලෙසින් පැමිණි මංජුල කුමාර සිය ඉසව්වේදී මීටර් 2.17 ක උසකින් රන් පදක්‌කම දිනාගැනීමට සමත්වුණි. මීටර් 2.27 ක උපරිමයක්‌ සහ මෙම තරග වාරයේ මීටර 2.23 ක්‌ වාර්තා කළ මංජුලට ඊයේ මීටර 2.20 ක උසද සාර්ථක කරගැනීමට නොහැකිවුණ නමුත් 2.17 ක උසක්‌ වාර්තා කළ ප්‍රතිවාදී ක්‍රීඩකයා ඒ සඳහා වැඩි ප්‍රයත්න ගණනක්‌ දැරීම මත මංජුල එම උසින්ම රන් පදක්‌කම දිනාගැනීමට වාසනාවන්ත වුණි.

    ප්‍රියදර්ශනීගේ බලාපොරොත්තු සුන්වෙයි

    මෙහිදී ශ්‍රී ලංකාවේ තවත් රන් බලාපොරොත්තුවක්‌ වූ දුර පැනීමේ ක්‍රීඩිකා එන්.සී.ඩී. ප්‍රියදර්ශනීට අදාළ ඉසව්වේදී අනපේක්‍ෂිත ලෙසින් සිව්වැනි ස්‌ථානයට පත්වීමට සිදුවූයේ මීටර් 5.79 ක පිම්මකට සීමාවෙමිනි.

    මෙම ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග පැවැත්වීමේදී ඉතාම දුර්වල සංවිධානයක්‌ පෙනෙන්නට ඇති අතර ප්‍රියදර්ශනී එහි ගොදුරක්‌ බවට පත්වූ අයුරක්‌ පෙනෙන්නට විය. බොහෝවිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ඉසව් දෙකම නියෝජනය කරන බැවින් සාමාන්‍යයෙන් මලල ක්‍රීඩා තරගයක මීටර 100 සහ දුර පැනීමේ ඉසව් එකම කාලයක නොපැවැත්වුණිද පෙරේදා මලල ක්‍රීඩා තරග ඇරඹුනේ එම ඉසව් දෙකම එකම කාලයකට යොදමිනි. ඒ අනුව සිය ප්‍රියතම ඉසව්ව වන දුර පැනීමේ පිමි දෙකකින් අනතුරුව මීටර 100 මූලික තරගයකට සහභාගීවූ ප්‍රියදර්ශනී අනතුරුව පැමිණ දුර පැනීමේ සිය ඉතිරි ප්‍රයත්නයන් සම්පූර්ණ කරන ලදි. නමුත් අදාළ පිමි 5 න් 4 ක්‌ම නීති විරෝධී වීම සහ ඉසව් දෙකකට සමාන්තරව මුහුණදීමට සිදුවීමේ වෙහෙස මත අවසානයේ ඇයට අදාළ ඉසව් දෙකෙන්ම පදක්‌කම් අහිමි විය.

    වොලිබෝල් රන් බලාපොරොත්තු ගිළිහෙයි

    ඊයේ කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම පැවැති වොලිබෝල් අවසන් මහා තරගවලදී ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

    මෙහිදී ශ්‍රී ලංකා පිරිමි කණ්‌ඩායම ලකුණු 25-19, 25-22 සහ 28-26 ක්‌ ලෙස තරගවට 3-0 කින් පැරදුණු නමුත් එහි දෙවැනි සහ තෙවැනි වටවලදී ඉන්දියාවට දැඩි පීඩනයක්‌ එල්ල කිරීමට ශ්‍රී ලංකාවට හැකිවුණි. මෙම තරගයේ උච්ජතම අවස්‌ථාවලදී විනිසුරුවන් විසින් ලබාදුන් දුර්වල තීරණ නොවන්නට මෙහි ප්‍රතිඵලය වෙනස්‌වීමට ඉඩ තිබුණු බවක්‌ පෙනෙන්නට විය.

    http://www.divaina.com/2016/02/11/sports01.html
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මැතිව් අබේසිංහ වෙත ලියමි ,

    අප සැම ප්‍රමෝදයට පත් කරමින් 2016 සාග් උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම ගෙන එන්නේ ඔබය. අද දිනයේ මේ මොහොත වන විට පමණක් ඔබ දිනූ රන් පදක්කම් සංඛ්‍යාව පහකි. ඒ නව තරග වාර්තා හතරක්ද සමගිනි. ඔබ සමග 100x4 නිදහස් ආර සහාය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම දිනූ කණ්ඩායමේ සිටි කයිල් අබේසිංහ යනු ඔබගේ බාල සොහොයුරා වීම ඉමහත් සතුට ට කරුණකි. ඒ ඉමහත් සතුට ට හේතුවක් ඇත.

    2006 කොළඹ පැවති සාග් උළෙලේ ලංකා ධජය ඉහළ නැං වූ දෙවන රන් පදක්කමේ හිමිකරු ඇන්ඩෲ අබේසිංහ නම් පසළොස් හැවිරිදි ගැටවරයෙකි. සාග් තේරීම් තරග පවත්වද්දී ඇන්ඩෲ සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේය. තේරීම් තරග වලට සහභාගී වීම සඳහාම ඇන්ඩෲ දෙවතාවක්ම ලංකාවට පැමිණි නුමුදු ඒ දෙවතාවේ දීම තේරීම් තරග කල් දැමීමට බලධරයින් තීරණය කරති. එවකට ලාබාල සිසුවෙකු වූ ඇන්ඩෲ ට තෙවැනි වරටත් ලංකාවට පැමිණෙන්නට ඇති නොහැකියාව මතම ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතලන්නට දේශීය පිහිණුම් බලධරයින් ක්‍රියා කළහ. නමුත් ඒ වන විට ඇන්ඩෲ සිටියේ ජාත්‍යන්තර තරග වලදී ඉතා ඉහළ හැකියාවන් පෙන්වා සහ විශිෂ්ඨ තරග නිමි කාලයන් සහිතව ය. ඉහළ බලධරයින් මේ පිළිබඳව දැනුවත් වීමත් සමග පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ජාත්‍යන්තර කුසලතාවයන් නිර්ණය කොට ඇන්ඩෲ අබේසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර ගත් හ.

    සැබෑ තරගය පැවතුණේ ඉන් අනතුරුවය.ඇන්ඩෲ අබේසිංහ රට වෙනුවෙන් සුගතදාස පිහිණුම් තටාකයේ දියරළ සමග පොර බදින සඳ පිටතින් ඇසෙන්නේ " කමෝන් ඇමරිකා " යන ප්‍රීති ඝෝෂාවයි. ඒ හඬ ශ්‍රී ලාංකික දෙමාපිය කණ්ඩායමක ගෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් නොලැබූ ක්‍රීඩකයින්ගේ දෙමාපිය පිරිසක් සංවිධාන වී සාග් තටාකය අසල හිඳ තම රට වෙනුවෙන් තරග වදින ක්‍රීඩකයාට ඊර්ෂ්‍යා පරවශව කෑ කොස්සන් ගසන්නේ එලෙසිනි. එයට පෙර ඔවුන් ලංකාව වෙනුවෙන් තරග කරන ඇන්ඩෲ ගේ යෝග්‍යතාව පිළිබඳව ප්‍රශ්න නගමින් ඉන්දියානු සහ පාකිස්ථානු බලධාරීන් වෙත ලිඛිත පෙත්සම් ද යවා තිබිණ.


    ඉදින් මැතිව් , එපමණක් ද නොව කයිල්

    ජාතිකත්වය ගැන සහ දේශප්‍රේමය ගැන වහසි බස් පමණක් දොඩන , ක්‍රියාවෙන් අමන වූ රටක් වෙනුවෙන් පිහිනන්නට ගත් තීරණය වෙනුවෙන් ඔබට තුති. දස වසරකට ඉහත දී වැඩිමහලු පුතු විඳි කටුක අත්දැකීම ඉවසා, තවත් ටානියා වැන්හියර් ලා බිහි නොකර බාල පුතුන් දෙදෙනා ද ලංකා ධජය යටතේ තරග කරවන්නට තරම් ධෛර්යමත් වූ , මනෝජ් අබේසිංහ නම් වූ පියා ට / පුහුණුකරුට අපගේ කෘතඥතාවය පිරි නමමු.

    මැතිව් සහ කයිල් - මේ ඔබ ජයග්‍රහණය කළේ දකුණු ආසියාව පමණක් ම නොවේ.
    දස වසකට එපිට ශ්‍රී ලාංකීයත්වයට නිගා දෙමින් , ඔබේ සහෝදරයා ඇන්ඩෲට "කමෝන් ඇමරිකා " කියා කෑ ගැසූ ක්‍රීඩාවේ අරමුණ නොදත් අමන දෙමාපිය ප්‍රජාවය.

    කමෝන් ශ්‍රී ලංකා

    - සහන් කසීර වික්‍රමසිංහ - ‪#‎SAG2016‬

    uputa geneema bukiyeni.... :(:(:(:(

    මටත් ඔය කමෝන් ඇමරිකා සිද්ධිය මතකයි. එහෙම කෑගැහුවෙ හේෂාන් උනම්බුව කියල ක්‍රීඩකයෙක්ගෙ දෙමව්පියො. ඇත්තටම මනෝජ් අබේසිංහගෙ Killer whale aquatics ආයතනය සහ ජූලියන් බෝලින්ගෙ Rainbow Aquatics කියන ආයතන දෙක ලංකාවෙ පිහිනුම් ක්‍රීඩාව වෙනුවෙන් කරන මෙහෙයි අමතක කරන්න බෑ