Katu ge horakamata janadipathi සම්බන්ධයි
කටුගේ හොරකමට ජනපතිත් සම්බන්ධ බව කියූ නියෝජ්‍ය ඇමතිවරයා පසුපස රහස් පොලීසිය පන්නයි
ජාතික කෞතුකාගාරයේ භාණ්ඩ හොරකමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ යැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා ප‍්‍රකාශ කර තිබේ.
ඔහු මෙම ප‍්‍රකාශය කර ඇත්තේ මාතලේ, රත්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍රවරුන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය.
ඇමතිවරයාගේ මෙම ප‍්‍රකාශයට විරෝධය දක්වමින් රත්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍රවරුන් 07 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ශි‍්‍ර ල.නි.ප. මහ ලේකම් මෛතී‍්‍රපාල සිරිසේන හා එම පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන් වෙත යවා ඇත.
නන්දිමිත‍්‍ර ඒකනායක ඇමතිවරයා මේ වනවිට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග සංවිධාන කටයුතුවල යෙදෙන බවද එම ලිපියේ සඳහන් කර ඇත. එමෙන්ම රත්තොට ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් නන්දිමිත‍්‍ර ඒකනායක ඇමතිවරයා විසින් සිදු කර ඇති අඩුපාඩු පිළිබඳවද එම ලිපියේ සඳහන්ය.
රත්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති ටී.ඞී. ජයතිස්ස, උප සභාපති ජයන්ත පුෂ්පකුමාර, යූ.ජී.ටී. කුමාරසේන, ටී.එම්.ඩබ්. තෙන්නකෝන්, එස්.ඞී. රෝහණ ඒබ‍්‍රහම්, අයි.ජී. නිශාන්ත බණ්ඩාර හා සී. සුගුමාරන් යන මන්තී‍්‍රවරුන් එම ලිපියට අත්සන් තබා තිබේ.
මෙම ප්‍රකාශයෙන් පසු පසුගිය සෙනසුරාදා (23 දා) රත්තොට ප්‍රාදේශීය සභාවට ගිය මාතලේ පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් නන්දිමිත්‍ර ඒකනායක මහතා කළැයි කියන ප්‍රකාශය ගැන කරුණු විමසා ඇත.
සභාපතිවරයා ඇතුළු ලිපියට අස්සන් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් පොලිස් පරීක්ෂණ නිලධාරීන්ට පවසා තිබෙන්නේ ඒකනායක නියෝජ්‍ය ඇමැතිවරයා ජනාධිපතිවරයා සම්බන්ධ කළ ප්‍රකාශය ගැන බැසිල් රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපියට තමන් සියලු දෙනාම අස්සන් කළ බවත්, ජනාධිපතිවරයා කිසියම් වංචනික සිද්ධියකට සම්බන්ධ බවට ඒකනායක මහතා ප්‍රකාශ කළ බවත්ය.
තමන් අස්සන් කළ ලිපියේ තොරතුරු සම්පූර්ණයෙන්ම සත්‍ය බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.
exgossip

මම කියන්නෙ ඔක නන්දිමිත්‍ර කාරයා චන්දිකා පැත්තට හෙන්තු වෙන්න සප් එකට කියන කතාවක් වෙන්න ඇති කියපු කතාවක් දෙශපාලනයෙදි මඩ ගහන හැම එකම ඇත්ත නෙමෙ බන් 

රෙස්පෙක්ට්