ග‍්‍රාමීය පාසල්වල සිසුවියන්ට සනීපාරක්‍ෂක තුවා ලබාදීමට අදාළ යෝජනාව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිපත් කිරීමට නියමිතයි. ග‍්‍රාමීය පාසල්වල සිසුවියන්ට සනීපාරක්‍ෂක තුවා නොමිලේ ලබාදීමටයි අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇත්තේ.
ඒ යටතේ පාසැල් සිසුවියන් ලක්‍ෂ 8 කට පමණ සනීපාරක්‍ෂක තුවා ලබාදීමට නියමිතයි.
මේ අතර මෙම වසරේ නව පාසැල් වාරය හෙට දිනයේ ආරම්භ වනවා. පාසැල් මට්ටමින් එහි කටයුතු සූදානම් වෙමින් ඇතත්, ඇතැම් පාසැල් දරුවන්ට තවමත් මෙම වසරට අදාළ පෙළපොත් ලැබී නොමැති බවටයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ.
නෙත් නිවුස් ඇමතූ මව්පියන් සඳහන් කළේ ප‍්‍රමාණවත් තරම් පෙළපොත් පාසැල් වෙත මේවනතෙක් ලැබී නොමැති බවයි. ඇතැම් පාසල් සිසුන්ට මේ වනතෙක් පෙළපොත් ලැබී නොමැති බවට ගුරුවරුන් ද චෝදනා කළා.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගෙන් විමසීමක් කළා. පෙළපොත් බෙදාදීමේදී ගැටළු සිදුවී ඇති බව ඔහු ද එහිදී පිළිගත්තා. ලේකම්වරයා සදහන් කළේ එවැනි පාසල් පිළිබද අධ්‍යාපන අමාත්‍යාංශයට කඩිනමින් දැනුම් දෙන ලෙසයි.