දුම්රියේ අත්හැර ගිය ළදරුවා පැපිලියානේ අභයතිස්සලාට භාර දෙන්න...!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සිරිලකේ ආතල් නම් නිමක් නැත. මේ දිනවල ලොකුම "බයිට් එක" වී ඇත්තේ දුම්රියක ළදරුවෙකු දමා ගිය තරුණ යුවලයි. තුප්පහි මාධ්‍ය, ජඩ පොලීසිය සහ සදාචාර "සමාජ මාධ්‍ය හමුදාව" මේ යුවල නොමරා මරති. නඩු විභාග කරති. තීන්දු දෙති.

    ආදරයෙන් අත්හැර ගිය කිරිකැටියා..​

    ආර්ථික, සාමාජීය ප්‍රශ්න හේතුවෙන් දමා ගිය ප්‍රථම දරුවාගේ සහ අවසාන දරුවාගේ සිද්ධිය මෙය නොවෙයි. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ මේ අවිවාහක යුවළ දරුවා ඉතාම සුරක්ෂිත ලෙස ප්ලාස්ටික් කූඩයක බහා උණුසුමට අවශ්‍ය ළදරු රෙදි පිළිවලින් ආවරණය කර තිබීමය. එයින් ලබාදෙන පණිවිඩය වන්නේ එම දරුවාගේ සුභසාධනය පිළිබඳව අදාළ යුවල සැළකිමත්වී ඇති බවයි. දරුවා කටු අකුලකට විසිකර නොදමා මෙසේ දරුවාගේ සුබසාධනය සැළසීම, අපට නම් ප්‍රශංසා කටයුතුය.

    ගල් යුගයේ ජීවත් වන ශ්‍රීලාංකික අපි…​

    වසර 2500ක උරුමය ගැන දශක ගණනාවක් කාල්ගෑව ද ශ්‍රී ලංකාව සමාජ මතවාදී වශයෙන් සිටින්නේ ගල් යුගයේය. වෙනත් සදාචාරාත්මක රටක මෙවැනි සිද්ධි මාධ්‍යයන්හි ප්‍රධාන පුවත්වන්නේවත් අදාළ සිද්ධියට සම්බන්ධ ළදරුවාගේ හෝ දෙමව්පියන්ගේ අන්‍යතාව හෙළි කරන්නේවත් නැත. එමෙන්ම මෙවැනි දරුවන් සම්බන්ධයෙන් නිශ්චිත වැඩ පිළිවෙලක් තිබේ. එවැනි සිද්ධි මැජික් නොවෙයි.

    දියුණු රටවල සහ අපේ වෙනස…​

    යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ බොහෝ රටවල තමන්ට හදාවඩා ගැනීමට අපහසු ළදරුවන් තබා යෑමට නිශ්චිත ස්ථාන තිබේ. ආගමික ස්ථාන, රෝහල්, පොලිස් ස්ථාන, පාසැල් සහ ගිනිනිවීමේ හමුදා ස්ථානයන්හි මේ දරුවන් තබා යා හැකිය. අදාළ ළදරුවාට සතියකට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අවශ්‍යතා ඒ සමඟ තබා තිබේ නම් ඒ දරුවාගේ දෙමව්පියන් පිළිබඳ සොයා බලන්නේ හෝ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ ද නැත. ළදරුවාට සතියකට අවශ්‍ය දෑ සපුරා තැබීම මගින් හැඟවෙන්නේ දෙමව්පියන් දරුවාගේ සුභසාධන පිළිබඳ උනන්දු වූ බවයි. මෙසේ දමා යන දරුවන් රජයේ භාරකාරත්වයට ගන්නා අතර එවැනි ළදරුවන් සඳහා ස්ථාපනය කර ඇති ආයතන සඳහා යොමු කෙරේ. බොහෝ විට එවැනි ළදරුවන් හදා වඩා ගැනීමට සූදානම් විවාහ පවුල් සඳහා ලබාදෙයි. එහෙත් ඒ ළදරුවන්ගේ සුභසාධනය රජයේ නිරන්තර නිරීක්ෂණයට ලක්වෙයි.

    ප්‍රශ්න නොකර දරුවන් භාරගන්නා කැනඩාව…​

    කැනඩාව මෑතකදී මේ සම්බන්ධයෙන් වඩාත් ඉදිරිගාමී පියවරක් ගත්තේ ය. මෙවැනි ළදරුවන් දමා යෑමට එක් එක් ප්‍රාන්තයේ ස්ථාන කිහිපයක විශේෂිත පෙට්ටි නිර්මාණය කර ඇත. මේ පෙට්ටියකට ළදරුවෙකු දමා වැසූ පසුව විනාඩි කිහිපයක් තුළ ඒ අසළම පවතින ගිනි නිවන හමුදා ස්ථානයට ඒ බව ස්වයංක්‍රීයව වාර්තාවෙයි. ඒ අනුව ගිනි නිවන භටයන් වහා එහි පැමිණ ළදරුවා සිය භාරයට ගනියි. අදාළ කාලය තුළ ළදරුවාගේ දෙමව්පියන්ට එම ස්ථානයෙන් පහසුවෙන් ඉවත්ව යා හැකිය.

    දරුවන්ට නිසි වයසේදී ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම…​


    මෙවැනි ආරක්ෂක ක්‍රම පවතින බැවින් තරුණ විවාහක, අවිවාහක පවුල් සහ විශේෂයෙන් ලාබාල තරුණියන් පෝලිමේ දරුවන් වදා ගෙන මේ ස්ථාන වල දමා යනවා ඇතැයි ලංකාවේ බයියෝ සිතනු ඇත. එහෙත් යථාර්ථය එය නොවෙයි. එයට හේතුව වන්නේ මේ රටවල දරුවන්ට නිසි වයසේදී ලිංගික අධ්‍යාපනය ලබාදීමය. ඒ සඳහා මැදිහත් වන්නේ පාසැලයි. අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීම, ආරක්ෂාකාරී ලිංගික එක්වීම්, එඩ්ස් ඇතුළු ලිංගිකාශ්‍රිත රෝගවලින් ආරක්ෂාවීම, ලිංගික ක්‍රියාවලිය සහ සමාජ වගකීම් ගැන යොවුන් වියේදීම මේ දරුවන්ට පුලුල් අවබෝධයක් ලබා දෙයි. තරුණවියේද ලිංගික ආවේග සහ ක්‍රියාකාරිත්වය වරදක් නොවන බවත් ඒවා සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරකම් බවත් දරුවන්ට කියා දෙයි. විශේෂයෙන් විශ්ව විද්‍යාල ඇතුළු උසස් ආයතන තුළ ආරක්ෂාකාරී ලිංගික එක්වීම් සඳහා අවශ්‍ය කොන්ඩම් සහ උපත්පාලන සේවා නොමිලේ ලබාදෙයි. ඒ සඳහා උපදෙස් දීම සඳහා සෞඛ්‍ය මධ්‍යස්ථානය එම ආයතනයන්හි ක්‍රියාත්මක වෙයි. 24/7 දුරකතන උපදේශන සේවා ඇත.

    දරු ගැබ පිළිබඳ තීරණය කාන්තාවන් අතට…​

    බාහිර සමාජයේද මෙවැනිම ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකවෙයි. එහෙත් ඇතැම් අවස්ථාවල අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක්වීම දුෂ්කර වෙයි. එයට විකල්පක් වශයෙන් කාන්තාවන්ට නීත්‍යානුකූල ගබ්සා කිරීමේ අවස්ථා ලබාදී තිබේ. ගබ්සා කර ගත හැකි සති ගණන පිළිබඳ විවිධ රටවල විවිධ නීති බලපායි. එහෙත් පොදුවේ බොහෝ රටවල ගබ්සාවක් කර ගැනීමේ තීරණය කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් ලෙස සළකයි. ඒ පිළිබඳ විවිධ මත සහ විවාද තිබේ. කොන්ඩම් ඇතුළු උපත් පාලන උපකරණ ඉතා පහසුවෙන් ජනතාවට ලබා ගත හැකිය. ඕනෑම වෙළෙඳසැලකින් මිලදී ගත හැකි අතර එයට අමතරව ජනතාව ගැවසෙන පොදු ස්ථානවල නොමිලේ කොන්ඩම් ලබා ගත හැකි ස්වයංක්‍රීය යන්ත්‍ර ස්ථාපිත කර ඇත. දරුවා උපත ලබන්නේ නීත්‍යානුකූල විවාහයකින් ද එසේ නොමැතිව යන්න සමාජයට ප්‍රශ්නයක් නොවෙයි. ඒ දරුවාට සහ මවට එකම අයිතිවාසිකම් හිමිය. තනිව දරුවන් හදාවඩා ගන්නා මව්වරුන්ට (single moms) සමාජ බාධා නැත. එම මව්වරු ඒ පිළිබඳ ආඩම්බර වෙති.

    සජිත්ට "පෑඩ් මෑන්" කියමින් අපහාස උපහාස කළ බයි කාන්තාවෝ…​


    මෙවැනි පසුබිමක් සමඟ සංසන්දනය කිරීමේ දී ශ්‍රි ලංකාව සිටින්නේ ගල් යුගයේ ය. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් පාසල් දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට පොරොන්දු විය. මේ පොරොන්දුවට දැඩි විරෝධය මෙන්ම සජිත්ට "පෑඩ් මෑන්" කියමින් අපහාස උපහාස කළේ මෙරට බයි කාන්තාවන්ය. ඇමරිකාවේ කාන්තාවකට ලැබෙන සියළු අයිතිවාසිකම් බුක්ති විදිමින් සුපිරි ජීවිත ගත කරන සංජීවනී වීරසිංහ වැනි දේශපාලන ගණිකාවන් ශ්‍රී ලංකාවට පැමිණ මෙරට දැරියනට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට විරෝධය දැක්වූවාය!

    ''හතේ අපේ පොත”ට කෙලවූ මැදගොඩ අභයතිස්ස සහ සමාගම..​

    යහපාලන සමයේ අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව පාසැල් දරුවන්ගේ ලිංගික අධ්‍යාපන සඳහා හඳුන්වා දුන් “හතේ අපේ පොත”ට මැදගොඩ අභයතිස්ස ඇතුළු බෞද්ධ අන්තවාදී චීවරධාරීහු දැඩි විරෝධය පල කළහ. යහපාලන ආණ්ඩුව මේ අන්තවාදී බෞද්ධ චීවරධාරී කණ්ඩායම ඉදිරියේ හිස නමා පරාජය පිලිගෙන “හතේ අපේ පොත” පාසැල් දරුවන්ට බෙදාහැරීම අත්හිටුවීය. එසේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම නවතා දැමූවේ, ජාතික ළමාරක්ෂක අධිකාරියේ වාර්තාවන්ට අනුව වසරකට දසදහසකට අධික දරුවන් පිරිසක් ළමාහිංසන හා ලිංගික අපයෝජනට ලක්වන රටක ය. වාර්තා නොවන ළමා අපයෝජන මෙයට වඩා කිහිප ගුණයක් බව ළමාරක්ෂක අධිකාරියේ තක්සේරුයි.

    ළමා ගැබ් ගැනීම් ඉහළම අගයක..​

    අභයතිස්සලා, ලිංගික අධ්‍යාපනය ලබාදීම නවතා දැමූවේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය වාර්තාවන්ට අනුව සෑම වසරකම අවුරුදු 20 ට අඩු ගැබ් ගැනීම් 20,000 ක් වාර්තා වන අතර කැපීපෙනෙන ප්‍රමාණයක් වයස අවුරුදු 16 ට අඩු ගැබ් ගැනීම් වාර්තා වන රටකය. මේ ළමා ගැබ් ගැනීම්, සමස්ත ගැබ් ගැනීම් වලින් සියයට 5.2 ක් තරම් ඉහළ අගයක් ගනී. මැදගොඩ අභයතිස්ස ඇතුළු බෞද්ධ අන්තවාදී චීවරධාරීන් කඩාකප්පල් කළේ නවතම ජාතික යොවුන් අධ්‍යාපන වාර්තාවන්ට අනුව තරුණ, තරුණියන්ගෙන් සියයට පනහකට නිවැරදි ලිංගික සෞඛ්‍ය දැනුමක් නැති රටකය.

    ළදරුවා අතහැර දමා ගිය සිද්ධිය ටෙලි නාට්‍යයක් කළ ජඩ මාධ්‍යය..​


    ළදරුවා අතහැර දමා ගිය අවිවාහක දෙමව්පියන් නීතිය අනුව වරදකරුවන් විය හැකිය. දැනටමත් ඔවුහු රිමාන්ඩ් භාරයේ පසුවෙති. එහෙත් ඔවුන්ගේ සහ එම දරුවාගේ අනන්‍යතාව ආරක්ෂා වන අයුරින් පොලීසිය මෙන්ම මාධ්‍ය කටයුතු කළ යුතුව තිබිණි. එහෙත් අවාසනාවකට ඒ ආයතනය සියල්ල මෙය ටෙලි නාට්‍යයක් බවට පරිවර්තනය කළේ ය. අත්හැර දමා ගිය ළදරුවාගේ මව පසුගිය මාර්තු 11 වන දා බණ්ඩාරවෙලදී අත්අඩංගුවට ගැනිණි. බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අදාල සැකකාර තරුණිය තම කාමරයට කැඳවා ප්‍රශ්න කර ඇත. එම අවස්ථාවේ පොලිස් නිලධාරිනියන් තිදෙනකු ද එහි සිට ඇති අතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රශ්න කරන ආකාරය වීඩියෝ කර මාධ්‍යයට මුදාහැර තිබේ. බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා තරුණියගෙන් ප්‍රශ්න කරන්නේ මධ්‍යයට තොරතුරු අනාවරණය කිරීමේ අභිප්‍රායෙන් මිස පොලිස් පරීක්ෂණ සඳහා නොවන බව එම වීඩියෝව නැරඹීමෙන් පැහැදිලි වෙයි. එම වීඩියෝව මාධ්‍යයට නිකුත් කරන්නේ ද ඔහුගේ හුදු ජනප්‍රියතාවය සඳහා ය. එය බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා රඟන ටෙලි නාට්‍යයකි.

    පොලිස්පතිගේ ලිඛිත නියෝග බල්ලාට දැමූ බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා..​

    කාන්තාවන් සහ ළමයින් සම්බන්ධ විමර්ශන කිරීමේ දී ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමත් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් පිළිබඳ දැඩිව සැළකිලිමත් වන ලෙස පොලිස්පතිවරයා විසින් මීට මාස තුනකට පමණ පෙර ලිඛිත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබිය දීත් බණ්ඩාරවෙල පොලීසියේ මේ හැසිරීම් මගින් පෙන්නුම් කරන්නේ පොලීසියේ විනය අන්තයටම පිරිහී ඇති ආකාරයයි. ශ්‍රී ලංකාව පොලීසිය මෙන්ම දෙරන, හිරු වැනි පාදඩ ලුම්පන් මාධ්‍යයන්ට සදාචාර, ආචාර ධර්ම හෝ අවම මිනිස් ගෞරවයක් දැක්වීමේ පුරුද්දක් නැත.

    සමස්ත සමාජයම මේ සිද්ධියේ වරදකරුවන්ය….​

    අපේ දණ්ඩනීති සංග්‍රහය යටතේ ළදරුවා අත්හැර දැමූ අවිවාහක මව්පියන් "වරදකරුවන්" විය හැක. එහෙත් අපට අනුව නම් සමස්ත සමාජයම මේ සිද්ධියේ වරදකරුවන්ය. පුරවැසියන් වන අප සියළුදෙනාම මේ පසුගාමී ගෝත්‍රික සමාජය පවත්වාගෙන යෑමට අඩුවැඩි වශයෙන් දායක වී ඇත. ඒ තරුණ යුවලට අනවශ්‍ය ගැබ් ගැනීමකින් තොරව ආරක්ෂාකාරීව ලිංගික එක්වීම සඳහා දැනුම සහ අවස්ථාව සමාජයක් වශයෙන් ලබාදී නැත. සැබැවින්ම ඔවුන්ගේ ළදරුවා අභයතිස්සලාගේ දරුවෙකි. එමෙන්ම අවිවාහක යුවලකට දරුවෙකු ලැබීම බලවත් සමාජ අපරාධක් බවට පත් කර තිබෙන රටක, ළදරුවන් අත්හැර දැමීම පුදුමයක් නොවෙයි. විවාහක යුවලකට පවා දරුවන් නඩත්තු කිරීමට ආර්ථික ශක්තියක් නොමැතිව දරුවන් විනාශ කරන රටක මෙසේ ළදරුවන් අත්හැරදමා යෑම රට කලඹන පුවත් විය නොහැක.

    අත්හැර දමන ළදරුවන් අභයතිස්සලා වැනි ආගමික අන්තවාදීන්ගේ මන්දිර වල තබා යමු…​

    අත්හැර දමන ළදරුවන් කැළෑ, වැසිකිළි වල නොදමා පැපිලියානේ අභයතිස්සලාගේ වැනි ආගමික අන්තවාදීන්ගේ මන්දිර වල ඉතා සුරක්ෂිත ලෙස දමා යන ලෙස අපි ඉල්ලා සිටිමු. සැබැවින්ම ඒ ළදරුවන් ඔවුන්ගේ ප්‍රතිඵලය. එමෙන්ම මේ රටේ නව යොවුන්වියට පිවිසෙන දරුවන්ට මෙන්ම තරුණ තරුණියන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට බාධා කරමින් රට අන්ත පසුගාමී ගෝත්‍රික යුගයකට ඇඳගෙන යන අභයතිස්සලා වැනි ආගමික අන්තවාදීන්ට එරෙහිව සිදුකරන නිහඬ විරෝධයකි.
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    දෙමල ජෝඩුවකගේ ළමයෙක් නිසා කෝවිලකට දුන්නා නං හරි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පිස්සුද

    ඌ තියාගෙන කොල්ලගෙ පුක පලයි :eek:
    7MRQpVS.jpeg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දෙමල ජෝඩුවකගේ ළමයෙක් නිසා කෝවිලකට දුන්නා නං හරි

    uba neda mata kalnin dawase loku talk dunne??

    hari ewa awulak neha.

    un denna marry karala lamayawa hada gannawa kiyala porondu welalau
     
    • Like
    Reactions: Solo Rider

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ow ow uba thamai
    වර්චුවල් ඇනිමොස් ලයිෆ් එකක කියපු දේවල් දවස් ගණන් මතක තියාගෙන ඉන්නවද ඔයා? රියල් ලයිෆ් එකේ මොනවද කරන්නේ? :confused:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    වර්චුවල් ඇනිමොස් ලයිෆ් එකක කියපු දේවල් දවස් ගණන් මතක තියාගෙන ඉන්නවද ඔයා? රියල් ලයිෆ් එකේ මොනවද කරන්නේ? :confused:

    mama karana dewal. kiriyath ekka connection neha. eth mama baluwa ubada mata part damme kiyala
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113

    දියුණු රටවල සහ අපේ වෙනස…​

    යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ බොහෝ රටවල තමන්ට හදාවඩා ගැනීමට අපහසු ළදරුවන් තබා යෑමට නිශ්චිත ස්ථාන තිබේ. ආගමික ස්ථාන, රෝහල්, පොලිස් ස්ථාන, පාසැල් සහ ගිනිනිවීමේ හමුදා ස්ථානයන්හි මේ දරුවන් තබා යා හැකිය. අදාළ ළදරුවාට සතියකට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අවශ්‍යතා ඒ සමඟ තබා තිබේ නම් ඒ දරුවාගේ දෙමව්පියන් පිළිබඳ සොයා බලන්නේ හෝ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ ද නැත. ළදරුවාට සතියකට අවශ්‍ය දෑ සපුරා තැබීම මගින් හැඟවෙන්නේ දෙමව්පියන් දරුවාගේ සුභසාධන පිළිබඳ උනන්දු වූ බවයි. මෙසේ දමා යන දරුවන් රජයේ භාරකාරත්වයට ගන්නා අතර එවැනි ළදරුවන් සඳහා ස්ථාපනය කර ඇති ආයතන සඳහා යොමු කෙරේ. බොහෝ විට එවැනි ළදරුවන් හදා වඩා ගැනීමට සූදානම් විවාහ පවුල් සඳහා ලබාදෙයි. එහෙත් ඒ ළදරුවන්ගේ සුභසාධනය රජයේ නිරන්තර නිරීක්ෂණයට ලක්වෙයි.
    strongly disagree to this, simple google search proves otherwise

    Untitled5.png


    Untitled2.jpg


    Untitled.png


    Untitle6.png


    image.png


    ගල් යුගයේ ජීවත් වන ශ්‍රීලාංකික අපි…​

    වසර 2500ක උරුමය ගැන දශක ගණනාවක් කාල්ගෑව ද ශ්‍රී ලංකාව සමාජ මතවාදී වශයෙන් සිටින්නේ ගල් යුගයේය. වෙනත් සදාචාරාත්මක රටක මෙවැනි සිද්ධි මාධ්‍යයන්හි ප්‍රධාන පුවත්වන්නේවත් අදාළ සිද්ධියට සම්බන්ධ ළදරුවාගේ හෝ දෙමව්පියන්ගේ අන්‍යතාව හෙළි කරන්නේවත් නැත. එමෙන්ම මෙවැනි දරුවන් සම්බන්ධයෙන් නිශ්චිත වැඩ පිළිවෙලක් තිබේ. එවැනි සිද්ධි මැජික් නොවෙයි.
    image.png

    ------ Post added on Mar 14, 2023 at 8:34 AM
     
    • Like
    Reactions: neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    strongly disagree to this, simple google search proves otherwise

    Untitled5.png


    Untitled2.jpg


    Untitled.png


    Untitle6.png


    image.png



    image.png

    ------ Post added on Mar 14, 2023 at 8:34 AM
    අම්මෝ ඕවා දාලා ත්‍රෙඩ් එකදාපු SLK_sri වගේ එවුන්ගේ ෆැන්ටසි අමු අමුවේ නැති කරන්න එපා .. අධෝ වාතයත් ගියත් සිංහල බෞද්ධ, 2500ක ඉතිහාසය , භික්ෂුව ගාව ගත්තේ නැත්තනම් ඔය වග‍ේ පිම්පි දෙමළුන්ට නින්ද යන්නෑ .. ඕවා ඔයවගේ පිම්පියන්ට තියෙන මානසික ලෙඩක් ...
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,419
    113
    Kaduwela
    අම්මෝ ඕවා දාලා ත්‍රෙඩ් එකදාපු SLK_sri වගේ එවුන්ගේ ෆැන්ටසි අමු අමුවේ නැති කරන්න එපා .. අධෝ වාතයත් ගියත් සිංහල බෞද්ධ, 2500ක ඉතිහාසය , භික්ෂුව ගාව ගත්තේ නැත්තනම් ඔය වග‍ේ පිම්පි දෙමළුන්ට නින්ද යන්නෑ .. ඕවා ඔයවගේ පිම්පියන්ට තියෙන මානසික ලෙඩක් ...
    බයි බැල්ලිගෙ පුතාට රිදිලා 🤣🤣🤣