Kawuru hari meke theruma kiyannako

bokks

Member
Aug 8, 2012
56
4
0
Kawuru hari dannawanam me sinduwe (samanala wewa purawannata) theruma kiyannako.....


 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113


    අපි ඉගෙනගත් පාසලට, විශ්ව විද්‍යාලයට ආයෙත් යන්න ලැබුනොත් කොහොම වෙයිද....? දකින දකින තැන්වල සිදුවූ සුන්දර මතක යලි සිහියට ඒවි නේද....? මේ එහෙම මතක ආවර්ජණයක්...

    පේරාදෙණිය සරසවිය වගේම තමා... සබරගමු සරසවියටත් නානාවිද ප්‍රදේශ වලින් සිසුන් එනව ඉගෙන ගන්න. විශ්ව විද්‍යාලයට එන හැමෝම පළමු වසර අවසානයේදී ට්‍රිප් එකක් යනව. මේ සදහා අනිවාර්යයෙන්ම තෝරාගන්නෙ සබරගමුව විශ්ව විද්‍යාලය ඉදිරිපිට තියෙන යෝධ කන්ද.... මේකට දැන් කියන්නෙ ආදර කන්ද කියල.... මොකද මේ කන්ද තරණය කරන්නෙ සිසුන් ටික තනි තනිව.... නමුත් ආයෙ පහලට එන්නෙ දෙන්න දෙන්න අත් පටලවාගෙන... ඉතින් බොහෝ ආදර අන්දරයන් මේ කන්ද උඩදී උපදින නිසා මේ කන්ද ආදර කන්ද බවට සිසුන් අතර ප්‍රචලිත උනා.... ඉතින් සුන්දරව වසර පහක් සරසවිය හා අවට පරිසරය එක්ක හිටි ආදරවන්තයින් එහි මතකයන් පමණක් ඉතිරි කරල මේ වෙනකොට වෙන්වෙලා ගිහින්....

    සමනළ වැව පුරවන්නට
    බෙලිහුල් ඔය ගලා ඇවිත්
    ආදර කඳු තරණය කර
    දෙහදක් අද වෙන්ව ගිහින්
    සුවඳ හදේ රඳවලා...යන්න ගිහිල්ලා..


    සරසවියෙ යාළුවො ඉතින් වේලාසනින් නිදියන්නෙ නෑ නේ... මොනව හරි පිස්සුවක් නටල එහෙමත් නැතිනම් පාඩම් කරල කොහොම උනත් නිදියන්නෙ ගොඩාක් රූ වෙලා... ඒත් එලි වෙන පාන්දරම හරිම උද්යෝගයෙන් අවදිවෙනව... කිසිම මහන්සියක් නෑ... මොකද ඇය එනව නේ... සිය ආදරවන්තිය එනව නේ. ඇයත් එක්ක තමා ඉතින් විශ්ව විද්‍යාලයේ වසර ගණනාවම ගෙවෙන්නෙ.... අදත් ඒ පුරුදු විදියටම ඇයව සිහිවෙන නමුත් ඇය අද මෙහි නෑ.. ඇය ගැන මතක මගේ හදවතේ තියල. ඇය යන්න ගිහින්...

    පහන් තරුව පායාවිත්
    ඔබ එන බව පවසන විට
    සරසවියේ රෑණින් ඔබ ඉගිල ගිහිල්ලා
    සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා


    ඉස්සර මොවුන් හමුවුණු තැන්වල තියෙන නටබුන් දුටුවම සුන්දර අතීතය සිහිවෙනව නෙතට කදුලක් නිතැතින්ම ගලනව.. කදු අතරේ වලා රොදක ඇය සැගවිලා. ඇයගේ සුවද මේ ආදරවන්තයගේ හදවතේ තියල ඇය ගිහින්... යන්නම යන්න ගිහින්... මේ ලෝකයෙන්ම යන්නම යන්න ගිහින්ද...?

    පෙර දින අප හමුවූ තැන
    නටඹුන් පමනකි කඳුළක
    කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා
    සුවද හදේ රඳවලා..යන්න ගිහිල්ලා


    පද රචකයා මේ කඳු අතරේ වළා රොදක ඔබ සඟවීලා යන්න ලීවේ ඇයිද යන්න අදටත් පැහැදිලි කිරීමක් කරන්නෙ නෑ.... මෙම ගීතයේ සැගවිලා තියෙන අපූරු යටි අරුතට ප්‍රවේශයක් ගන්න පුළුවන් එතනින් පමණයි කියල ඔහු නිහඩවෙනව... ඒ තරමටම ඔහු සංවේදී වෙනව එම කොටසට හා ඔහුට සිහිවෙන යටි අරුතට.....

    පදරචනය - ඉන්ද්‍රසිරි සුරවීර
    තනු - කරුණාරත්න විජේවර්ධන
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

    onna