මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාසරදමට ලක් කරමින් කුරුණෑගල ඔරලෝසු කණුව අසල තාප්පයක පාඨයක් ලියූ බව කියනපිරිසක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී යැයි කුරුණෑගල පොලිසියේකොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.අද අළුයම කිසියම් පිරිසක් විසින් කුරුණෑගල ඔරලෝසු කණුව අසල තාප්පයක මෙවර වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටළුවට අදාලව වැකියක් ලියා ඇත. මෙහිදී ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයෙක් වැකිය ලියා ඇති අතර, මෙය ලියන ලද්දේ කවුරුන් විසින්දැයි මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇත.
කුරුණෑගල පොලිසිය අසල පිහිටි මෙම තාප්පයේ පොලිසියට වසන් වී මෙතරම් විශාලව වැකියක් ලියන ලද්දේ කෙසේදැයි තවමත් ගැටළුවක්ව ඇත. මේ පිළිබදව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ පොලිස් රේඩියෝ රිය දිවා රෑඑහි මුර සේවයේ යොදා තිබිය දී එතැන තාප්පවල ලියන්නවුන් සොයා ගැනීමට නොහැකි වීම කුරුණෑගල පොලිසියේ දුර්වලකම බවයි.
මෙහිදී පොලිසිය විසින් "මුවන් අල්වාගත නොහැකිව ගෙදර ඇති මුව හමට තඩැ බෑමේ" ගැමි වහර සිහිගන්වමින් මෙම සිදුවීමට අදාලව අද අළුයම සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර ඇත. මොවුන්ගේ වැඩ තහනම් කර ඇත්තේ මෙම වැකිය ලියූ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව දක්වමිනි.