මුතුරාජවෙල කර්මාන්ත සංකීර්ණයේ ගින්නක්
2011 ජූනි 20 වෙනි සදුදා, 14:00 SRI LANKA MIRROR EDITOR
මුතුරාජවෙල, කෙරවලපිටිය කර්මාන්ත පුරයේ ඇකෝ සමාගමට අයත් ගබඩාවක මේ වන විට ගින්නක් හටගෙන තිබේ.
වනස්පති නිෂ්පාදනය කිරීම සඳහා ඇරඹූ මෙම කම්හල මේ වන විට වසා දමා ඇති අතර, එහි ගබඩාවල ෆෝර්ඩ් සමාගම විසින් රබර් කිරි සීට් ගබඩා කර තිබී ඇති බව වාර්තා වේ.
මේ වන විට මෙම ගින්න පැතිරෙමින් පවතින අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගිනි නිවන අංශය විසින් ගින්න මැඩපැවැත්වීම සඳහා බලවත් උත්සාහයක් දරමින් සිටී. එහෙත් මේ වන විට ප‍්‍රදේශයේ පවතින අධික සුළඟ, ගින්න මැඩපැවැත්වීමට බලවත් බාධාවක් වී තිබේ.
මෙම ගිනිගනිමින් පවතින කර්මාන්තශාලාව අවට තේ කොළ ගබඩා 03ක් සහ වනස්පති නිෂ්පාදන කර්මාන්තශාලා 03ක් පමණ ඇත.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ගබඩා සංකීර්ණය හා ලිට්රෝ ගෑස් ගබඩා සංකීර්ණය පිහිටා ඇත්තේ ද මෙම කම්හලට මදක් නුදුරිනි.
(From Srilanka Mirror)