KGB එකට බැඳෙන්න කැමතිද

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93

    මේ ලිපියෙ මාතෘකාව දුටුව ගමන් ඔබ කලබල වුණා වෙන්නත් පුළුවන්. එමෙන්ම ඇතැම්විට ඔබ මාහට වරදක් වුණා කියා සිතන්නත් පුළුවන්. ඔබ සමහර දෙනෙක් KGB යනු පැරණි සෝවියට් දේශයේ රහස් ඔත්තු සේවාව වූ බවත් සෝවියට් දේශය වැටීමත් සමග එය ද අහෝසි වූ බවත් දන්නවා. එසේ නම් මා මේ KGB එකට බැඳෙන්න කැමතිද යයි අසන්නේ කුමක් හේතුවෙන් ද?
    සෝවියට් දේශය බිඳවැටීමට දින කිහිපයකට පෙර නිල වශයෙන් KGB ය අහෝසි වුණත් බෙලරූස් රාජ්‍යයේ රහස් පොලිසිය අදත් KGB ලෙස හඳුන්වනවා. නමුත් ඇත්තෙන්ම අද මා ඔබ සමග සාකච්ඡා කරන්නේ බෙලරූස් හි KGB රහස් පොලිසිය පිළිබඳ ද නොවේ. අද අපගේ අවධානය යොමු වන්නේ පැරණි සෝවියට් KGBය වෙතටයි.
    වර්තමානය වනවිට KGBයට බැඳෙන්න නොහැකි වුණත්, ඔවුන් එකල බඳවාගත් අය පිළිබඳ අදහසක් අපට ගන්නට පුළුවන්. අද කතාව ඒ ගැනයි.
    උපාධියක් හෝ යුධ සේවය
    ව්ලදිමීර් පුටින් KGB නිලධාරියකු ලෙස වසර 15 ක් පමණ කටයුතු කළ බව ඔබ අසා ඇති. ඔහු KGB කාර්යාලයට ගොස් බුද්ධි නිලධාරියකු ලෙස බැඳීමට සුදුසුකම් කවරක්ද යයි විමසූ විට සරසවි උපාධියක් හෝ යුධ සේවයේ පළපුරුද්ද හෝ අවශ්‍ය බව ඔහුට දන්වන ලද බවයි සඳහන් වන්නේ. ඔහු ලෙනින්ග්‍රාද් සරසවියේ උපාධිධාරියකු වූ හෙයින් එම සේවයට ඉල්ලීම් කරන්නට ලැබුණා.
    Putin-in-KGB-uniform.jpg

    සෝවියට් KGBය හෝ වෙනත් ඕනෑම රහස් ඔත්තු සේවයක් පිළිබඳ සිතනවිට අපට නිතැතින්ම මතකයට නැගෙන්නේ “ජේම්ස් බොන්ඩ්” වැනි ඒජන්තයින් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඇත්තෙන්ම රහස් ඔත්තු ඒජන්තයින් ජේම්ස් බොන්ඩ් වගේ අය නොවෙයි. එය වෙනම සාකච්ඡා කළයුතු කරුණක්. කෙසේ වෙතත්, රහස් ඔත්තු සේවයක සිටින්නේ ඒජන්තයින් පමණක් නොවේ.
    සෝවියට් KGBය දැවැන්ත ආයතනයක් වුණා. එහි මූලස්ථානය වූයේ මොස්කව් හි ලුබ්යන්කා ගොඩනැගිල්ලේයි. එහි විවිධාකාර අංශ තිබුණු අතර සෝවියට් සමූහාණ්ඩු සියල්ලකම එහි කටයුතු පැතිර තිබුණා. ඊට අමතරව පිටරටවල ද ඔවුන්ගේ ඒජන්තයින් සිටියා. පරිපාලන කටයුතු ආදියේ යෙදුණු පිරිසගේ සිට රහසිගත මෙහෙයුම් සැලසුම් කරන සහ ක්‍රියාත්මක කරන අය දක්වා විවිධ පිරිස් එහි සිටියා. මේ නිසා ඇත්තෙන්ම එහි සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යන්නත් විවිධ හැකියාවන් සහ විශේෂඥ දැනුම සහිත විවිධ පිරිස් අවශ්‍ය වුණා. රහස් ඔත්තු සපයන ඒජන්තයින්ට අමතරව එහි ලිපිකරු සිට ප්‍රධානියා දක්වා විවිධ පුද්ගලයින් දහස් ගණනක් සේවය කළා.
    බුද්ධි කටයුතු මෙන්ම ප්‍රතිබුද්ධි කටයුතු (counterintelligence) ද සන්නද්ධ ඒකක, තාක්ෂණික කණ්ඩායම්, සන්නිවේදන ඒකක, දේශසීමා ඒකක, සෝවියට් නායකයන්ගේ ආරක්ෂක ඒකක යනාදී විවිධ පිරිස් සෝවියට් දේශය තුළත් KGBය යටතේ කටයුතු කළා. රාජ්‍ය ආරක්ෂාව සඳහා කටයුතු කරන ප්‍රධානම ආයතනය වන හෙයින් ඊට බඳවාගන්නා ලද්දේ සුදුසුම පුද්ගලයන්වයි.
    “වේකන්සි තියෙනවද?”
    KGB ආයතනය කුමක්ද යන්න සියළු දෙනා දැන සිටිය ද එහි අභ්‍යන්තරය රහසිගත වුණා. එහෙයින් KGBය වෙනුවෙන් සේවය කිරීමට අවශ්‍ය යයි ඉල්ලාගෙන එන අය පිළිබඳ ඔවුන් සාමාන්‍යයෙන් බැලුවේ සැකමුසුවයි. නමුත් එම ආයතනයට විශාල පිරිසක් අවශ්‍ය නිසා එහි සේවයට සුදුසු පිරිස් ගැන අවධානයෙන් සිටීමත් වැදගත් රාජකාරි කොටසක් වුණා. ඒ සඳහා බඳවාගැනීම් නිලධාරීන් පිරිසක් KGBය තුළ සේවය කළා.
    මෙහි අදහස මෙම KGB බඳවාගැනීම් නිලධාරීන් සියළු දෙනා ලුබ්යන්කා ගොඩනැගිල්ලේ කාර්යාලයක ඉඳගෙන එම කටයුතු කළ බව නොවේ. සමහරවිට මේ බඳවාගැනීම් නිලධාරියා කර්මාන්තශාලාවක සේවය කරන යාන්ත්‍රික ශිල්පියකු සමග කතාබහ කරන ඔහුගේ ප්‍රධානියෙක් වෙන්නත් පුළුවන්. ඔහු එම යාන්ත්‍රික ශිල්පියා KGBයට සුදුසුදැයි පරීක්ෂා කරනවා වන්නට පුළුවන්. KGBය වෙතින් කැඳවුම එනතුරු එම ශිල්පියා ඒ පිළිබඳ හාන්කවිසියක්වත් දන්නේ නැහැ. ඒ අයුරින් තමයි ඒ කටයුතු සිදුවුණේ.
    ඉතින්, KGBය තුළ ඕනාවටත් වඩා ඇබෑර්තු තිබුණා. නමුත් බඳවාගැනීමේ පටිපාටිය සම්පූර්ණයෙන් වෙනස්.
    මේ සමගම පුහුණුව පිළිබඳ ද යමක් කිව යුතුයි. KGB යනු සෝවියට් දේශයේ රාජ්‍ය ආරක්ෂාවේ ඉදිරිපෙළයි. එහෙයින් එහි සේවය කරන්නන්ගේ දේශපාලනික පක්ෂපාතීත්වය මෙන්ම කාර්යශූරත්වය යන දෙකම අත්‍යවශ්‍ය වුණා. එහෙයින් ඉතා කාර්යක්ෂම පුහුණු වැඩසටහන් ක්‍රියාවට නැගුණා.
    අකමැත්තෙන් බඳවාගත් අය
    KGBයට සෝවියට් දේශය තුළ වගේම ඉන් පිටතත් විශාල වශයෙන් තොරතුරු අවශ්‍ය වුණා. එහෙයින් ඒ සඳහා විවිධ ඒජන්තයින් බඳවාගැනුණා. ඇතැම්විට ඒ අය කැමැත්තෙන්ම සෝවියට් දේශය වෙනුවෙන් සේවය කිරීමට ඉදිරිපත් වුණා. ඊට විවිධ හේතු බලපෑවා. ඇතැම්විට ඔවුන් දේශපාලනික වශයෙන් කොමියුනිස්ට්වාදීන් හෝ කොමියුනිස්ට් පාර්ශවයට හිතැති පුද්ගලයන් වුණා. තවත් පුද්ගලයන් මෙසේ ඉදිරිපත් වුණේ උසස්වීමක් හෝ වෙනත් කරුණක් මත තම රට හෝ ආයතනය හෝ කෙරේ ඇතිවූ අප්‍රසාදය මතයි. ඇතැම්විට මෙසේ ඉදිරිපත් වූවන්ගේ එකම අරමුණ වුණේ මුදල්.
    මේ අතර KGBය විසින් ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්ත නොමැතිව බඳවාගත්තා. මෙහිදී ඔවුන් පිළිබඳ යම් රහස්‍ය තොරතුරු පිළිබඳ දැනුම වැදගත් වුණා. ඇතැම් පුද්ගලයන් ඔවුන් නොදැනීම KGBය විසින් රවටාගනු ලැබුණා. පෙම්වතුන් හෝ පෙම්වතියන් ලෙස ඇතැම් අයට කිට්ටු වූයේ සැබෑ ප්‍රේමවන්තයින් නොව KGB ඒජන්තයන්.
    Spy-with-cam.jpg

    එකල රහස්‍ය ලේඛණයක් වූ KGB බඳවාගැනීම් උපදෙස් පත්‍රිකාවක සඳහන්ව තිබුණේ විදෙස් රටවල තමන් වෙනුවෙන් සේවය කරන්නට පුද්ගලයන් බඳවාගනිද්දී විශේෂයෙන්ම එම රටවල විදේශ ප්‍රතිපත්තිය හසුරවන පුද්ගලයන් හෝ අනාගතයේදී එවන් ස්ථානයකට ළඟාවියහැකි පුද්ගලයන් කෙරේ වැඩි අවධානය යොමු වියයුතු බවයි. මේ අනුව කැබිනට් ඇමතිවරුන්, විදේශ අමාත්‍යංශ සේවයේ නියුතු අයවළුන්, දේශපාලන පක්ෂ නායකයින්, විශාල සමාගම්වල ප්‍රධානීන් ආදී පිරිස් පිළිබඳ විශේෂ අවධානය යොමු වුණා.
    අසාමාන්‍ය සාමාන්‍ය පුද්ගලයින්
    KGBය විසින් බඳවාගනු ලැබුණේ පක්ෂපාතීත්වය, දක්ෂතාවය යනාදී ලක්ෂණ අතින් ඉහළ තත්ත්වයක සිටියාවූ, සාමාන්‍ය තත්ත්වයට වඩා විශේෂ පිරිස් වුවද, පෙනුම අතින් ගත්කළ ඔවුන් සෙව්වේ සාමාන්‍ය අයයි. මෙය බොහෝ වැදග්ත් වුණේ විශේෂ මෙහෙයුම්වල නිරතවන්නන් පිළිබඳවයි. විශේෂ සලකුණු, විශේෂ ශාරීරික තත්ත්වයන් (ගොතය, ඇස් වපරයන්, ඉදිරියට නෙරා ආ දත් යනාදිය) ඇති කෙනෙකුට පහසුවෙන් මතකයේ තිබෙන ලක්ෂණ ඇති අයකු එවන් විශේෂ කටයුතු උදෙසා යොදාගනු ලැබුණේ නැහැ.
    මීට අමතරව, යම් පුද්ගලයකු පිළිබඳ සැක මතුවීමට හේතු තිබේ නම්, අතීත ක්‍රියාකලාපයේ යම් ගැටළු යයි සිතන දේ ව්ව්ව් නම්, පැහැදිලිවම එවන් අයට KGBය විවෘත වූයේ නැහැ.

    Credit-CHAMARA SUMANAPALA
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    Russia පාවලා දුන්නොත් මරනවා......kGbඑකේ බේස් එක ඒක තමයි. මොන ලෝකේ හිටියත් මරනවා.....

    ලංකාවේ දේශපාලකයන්ගෙන් / Top businessmen 80% නෑ එහෙම ක්‍රමයක් තිබ්බ නම්.
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    එබුස කියන නමවත් ලෝකයා දන්නේ නෑ.බලපන් ලංකා ඇඩ් එක ඉවරයි.chanux orb ගේ දෙක වසරේ කක්කා ගිය එකකුත් තිව්බා ත්‍රේඩ් එකේ..මේවා මේ පොඩි පොඩි ආයතන එබුස එක්ක බලන්කොට.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එබුස කියන නමවත් ලෝකයා දන්නේ නෑ.බලපන් ලංකා ඇඩ් එක ඉවරයි.chanux orb ගේ දෙක වසරේ කක්කා ගිය එකකුත් තිව්බා ත්‍රේඩ් එකේ..මේවා මේ පොඩි පොඩි ආයතන එබුස එක්ක බලන්කොට.
    ✊ agent 🕵️‍♂️ @Kodiya97
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    TFS. ඒ කාලේ ලුබ්යන්කා කියන නම ඇහුනත් සෝවියට් කාරයෝ බය වෙනවා. ලංකාවේ බටලන්ද වගේ තමයි. අරන් ගිය එකෙක් පණපිටින් එන්නේ නෑ. කොටින්ම කිව්වොත් මොකක්ද වුනේ කියලා හොයා ගන්නත් නෑ