KIA Sri Lanka කාර් ගන්න ගිය පාරිභෝගිකයන් පොලිසියට!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මෝටර් රථ ගෙන්වා දෙන බව කියමින් පාරිභෝගිකයන් 250 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් මුදල් ලබාගත් බව කියන Kia Sri Lanka ආයතනයෙන් අදාළ වාහන ඉල්ලා ගැනීමට ගිය පාරිභෝගිකයන් පිරිසක් එම ආයතනයේ සේවකයන් විසින් පොලිසියට අල්ලාදීමට අද (13) උත්සාහ කිරීමේ සිද්ධියක් මාලඹේ පොලිසියෙන් වාර්තා වේ.

    දකුණු කොරියාවේ නිෂ්පාදිත කියා (Kia) මෝටර් රථ මෙරටට ගෙන්වා අලෙවිකරනු ලබන එම (Kia Sri Lanka) ආයතනය විසින් “2025 Kia Sonet GT Line” මෝටර් රථ ගෙන්වා දෙන බව කියමින් පාරිභෝගිකයන් 250 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන ඇත.

    පසුව සිය මවු සමාගම විසින් අගෝස්තු මාසයෙන් පසුව එම මෝටර් රථ ශ්‍රී ලංකා වෙළඳ පොළට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව එම සමාගම පැවැසීම නිසා එයට විසඳුමක් ලබා ගැනීමට ගිය පාරිභෝගිකයන් පිරිසක් මේ අමිහිරි අත්දැකීමට මුහුණ දී තිබේ.

    අදාළ සමාගම විසින් මීට පෙර අද (13) දිනයේ සිය කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතා හමුවී විසඳුමක් සාකච්ඡාකර ලබාගන්නා ලෙස දන්වා පසුව අදාළ ආයතනයට පාරිභෝගිකයින් පැමිණි පසුව එහි සිටි සේවකයකු විසින් 119 අංකයට ඇමතුමක්දී පොලිස් හදිසි අංශය අමතා Kia Sri Lanka ආයතනයට පැමිණ පිරිසක් කළබල කරන බව දන්වා තිබේ.

    පසුව පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය විමර්ශනය කර තත්ත්වය අවබෝධකර ගැනීමෙන් පසුව මුදල් දී කාර් නොලැබුණු පාරිභෝගිකයන්ට කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා හමුව විසඳුමක් සාකච්ඡා කරගන්නට දිනයක් ලබාදෙන ලෙස කාර්යමණ්ඩලයට දන්වා තිබේ.

    පාරිභෝගිකයන් 35 දෙනෙකු පමණ මෙසේ Kia Sri Lanka ආයතනයට පැමිණ සිටි බවද වාර්තා වේ.

    කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් විස්තර දැන ගැනීමට එහි කළමනාකාර අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතාව අප ශ්‍රී ලංකා මිරර් ද ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද ඔහු දුරකථනයට පිළිතුරු ලබා දුන්නේ නැත.

    පසුව අප ඔහුට වට්ස්ඇප් ඔස්සේ පණිවුඩයක් ද යොමු කළ අතර මෙතෙක් ඒ සඳහා ද පිළිතුරු නොලැබිණි.

    මෝටර් රථ ලබාදෙන බවට පොරොන්දු වී එම ආයතනය ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 125කට ආසන්න බව පැවසේ.

    මෙසේ වාහන ඇනවුම් කළ ඇතැම් පාරිභෝගිකයන් සිය අත්තිකාරම් මුදල් ගෙවා ඇත්තේ සිය සන්තකයට තිබූ එකම මෝටර් රථය විකුණා බවත් වාර්තා වේ.

    Kia Sri Lanka හි සභාපතිවරයා වන්නේ කීර්තිමත් මෝටර් රථ ධාවකයකු වන මහේන් තම්බයියා මහතාය.

    මූල්‍ය, ඇඟලුම් සහ බලශක්ති අංශවල මූල්‍ය හා කළමනාකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති රනිල් පතිරණ මහතා මෙහි ක්‍රියාකාරී නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනු ලබයි.

    Source
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    819
    980
    93
    KIA Sri Lanka ekey unta business karaganna vuyamanavak naha , hari price ekata place kranan hndat orders enava , unta ehema karaganna kisi uvamanvak naha ,
     
    • Like
    Reactions: Emarald

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ඒජන්ට්ලා කියන එවුන් උබලට නොපෙනෙන්න අරිනවා.
    බයික්, ලොරි, ත්‍රීවිල්, කාර් කියලා වෙනසක් නෑ.
    ඕවා ගැන ඉස්සර කතාකලා දැන් කතාකරන් නෑ.
    කතාකරලා වැඩක් නෑ.

    සේල් කාරයොත් එහෙමම තමයි. කලින් උන් ටිකක් හරි එර්ජන්ට වඩා හොදයි. දැන් උන් ඒජන්ට් ට හපන්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    හොද වැඩේ ලොරි ටෝක් දීලා කවුරු මොනවා කිව්වත් අපි ගන්නෙ අපිට ඕනෙ එක කියලා ලොන්ත බ්‍රෑන්ඩ් එකක් ගන්න සල්ලි පුදපු ගොන් වහන්සෙලාට 🤣
     
    • Like
    Reactions: War Fighter

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Etakota 12.5 millon neda nattan mata ganan berida :baffled:

    tj8eZM4.png
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    hari huththiye ohoma thamay. preorders ganna ewa ta prashna enawa.. ekata thamay options deela thiyenne..

    Magnite eka kimbe gahagnin ponnaya