issarahata enna thiyena news ekak
kik group සාදයක් වටලා 100 ක් අත්අඩංගුවට
දෙහිවල වැන්ඩර්වට් පෙදෙසේ වෙරළ තීරයේ හෝටලයක පැවැත්වූ kik group සාදයක් වටලා තරුණියන් 25දෙනෙකු ඇතුළු 100දෙනෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
සැකකරුවන් සමඟ කේරළ ගංජා ග්රෑම් 4ක්, මත් මුද්දර 1ක්, නීති විරෝධී දුම්වැටි 28ක් ද සොයාගත් බව ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 18-48ත් අතර වයස්වල පසුවන පිරිසක් වන අතර, කලුතර, අම්බලන්ගොඩ,කුරුණෑගල, පොළොන්නරුව පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.