SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    "අපි ගඩාfi ව මරණවා. බ්‍රිතාන්‍ය යානා දැන් ලිබියාවට ප්‍රහාර එල්ල කරනවා - බ්‍රිතාන්‍ය ආරක්‍ෂක ලේකම් ලියම් Fox

    Yes! We would kill Gaddafi. Tyrant is a Legitimate target. -British Defence Secretary Liam Fox


    14.jpg11.jpg
    26.jpg27.jpg

    * ලිබියාවට හමුදා යෑවීමට බ්‍රිතාන්‍ය ඇමැතිවරු තිදෙනෙක්‌ එරෙහිවේ

    * ලිබියාවට එරෙහි ගුවන් ප්‍රහාරවලට ඉන්දියාව, චීනය හා රුසියාව විරුද්ධවේ

    * ගඩාෆිගේ මුළු හමුදාwaම විනාශ කරනවා - බ්‍රිතාන්‍ය ආරක්‍ෂක ලේකම් ලියම් ෆොක්‌ස්‌

    * ලිබියානු හමුදාපති ඇතුළු සියලු හමුදා ප්‍රධානීන් ගඩාෆිව අත්හැර පලා යායුතුයි. නැත්නම් මිසයිල ප්‍රහාර එල්ල කරනවා. - බ්‍රිතාන්‍ය එම්.අයි. 6 බුද්ධි සේවාව

    * ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 46 ක්‌ මරුමුවට

    * ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එක්‌ව ලිබියාවට මිසයිල 110 ක ප්‍රහාරයක්‌

    * ලිබියාවේ "මානව හිමිකම්" ගැන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව මුනිවත රකී

    * බටහිර මාධ්‍යවල තහනම් වචනය සිවිල් වැසියන් මියයාම

    * 1986 දී ද ඇමරිකාව විසින් ගඩාfiව මැරීමට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කළ අතර ඉන් ඔහුගේ 15 හැවිරිදි හදා ගැනීමට ගත් දියණියක්‌ හා සිවිල් වැසියන් 15 ක්‌ මරුමුවට පත්විය.


    p5-4.jpg




    ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් කීපයක්‌ එක්‌වී ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් දැන් ලිබියාවට අති ප්‍රබල ටොම්හෝර්ක්‌a මිසයිල ප්‍රහාර මෙන් බෝම්බ දැමීම ද සිදු කරගෙන යයි. ලිබියානු ආරංචි මාර්ග දක්‌වන අන්දමට මේ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 48 ක්‌ මියගොස්‌ ඇත. නිල නොවන ආරංචි මාර්ග දක්‌වන්නේ මියගිය සංඛ්‍යාව ඊට වඩා වැඩි බවයි. මේ ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ කළ අරාබි සංගමයේ මහලේකම් අමර් මුසාථ බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ඇමරිකාව විසින් සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කර ඇතැයි චෝදනා නැඟිණි. "අපිට අවශ්‍ය සිවිල් වැසියන් රැක ගැනීමයි. එසේ නැතිව බෝම්බ දැමීම නොවෙයි" යෑයි ඔහු කියා සිටියේය. මේ අතර ඉන්දියාව, චීනය සහ රුසියාව යන රටවල් මේ ගුවන් ප්‍රහාරයට බරපතල විරෝධය දක්‌වා ඇත. "කඩිමුඩියේ සම්මත කරගත් එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩල යෝජනාව කෙරේ රුසියාව කනගාටුවට පත්වනවා" යෑයි රුසියානු විදේශ අමාත්‍යාංශය පළ කළේය.

    චීන ප්‍රකාශක ජයැන්ග් ලියූ පැවසුවේ සෑම රටක්‌ම ලිබියාවේ ස්‌වෛරීභාවය රැකිය යුතු බවයි. මෙයට සමානව රුසියානු ප්‍රකාශක ඩිමිත්‍රි රොග්සින් පැවැසුවේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය එක්‌සත් ජාතීන් ලබාදී තිබූ අනුමැතිය ඉක්‌මවා ක්‍රියා කරන බවයි.

    මේ අතර බ්‍රිතාන්‍යයේ එස්‌.එA.එස්‌. නමැති විශේෂ බළකායේ භට පිරිස්‌ ලිබියාවට පැමිණ ගඩාfiගේ හමුදා අවි ගබඩා විනාශ කිරීම සඳහා කැරලිකරුවන්ට සහාය වන බව හෙළිවී ඇත. මෙම වාතාවරණය මැද ප්‍රංශය විසින් ලිබියානු කැරලිකරුවන්ව නිල වශයෙන් පිළිගෙන තිබේ.

    මෙලෙස ලිබියාවට ගුවන් ප්‍රහාර එල්ලවීම ගැන ප්‍රකාශයක්‌ කළ ගඩාfi රටේ සමස්‌ත ජනතාවම ආක්‍රමණකාරී හමුදාවන්ට එරෙහිව සටන් වදින බවත් විදේශ හමුදාවන්ට ලිබියාව අපායක්‌ වන බවත් පවසා ඇත.

    මෙලෙස ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කීපයක්‌ එක්‌ව මේ ප්‍රහාර එල්ල කරන්නේ රටේ නීත්‍යනුකූල හමුදාවටය. එම හමුදාවේ ප්‍රධානීන්ට සටන් නොවැද පලා යන ලෙසත් නැතිනම් මිසයිල ප්‍රහාර එල්ල කර මරණ බවටත් බ්‍රිතාන්‍යය එම්. අයි. 6 ඔත්තු සේවාව පවසයි. මෙලෙස ලිබියාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට යෑයි දක්‌වමින් ඇමරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ පසුබිම කුමක්‌ද? රුසියාව විසින් ලිබියාවට යුද අවි අලෙවි කළේය. චීන රජයට ලිබියානු තෙල් නිෂ්පාදන සඳහා ආයෝජන කිරීමට ද ඉඩ ලැබිණි. ලිබියාව විසින් ඉන්දියාවට තෙල් ලබාදීමට ක්‍රියා කළේය. එහෙත් වසර ගණනක්‌ තිස්‌සේ ලිබියානු තෙල් සම්පත සූරා කෑමට බටහිර රටවලට හැකිවූයේ නැත.

    මේ සැබෑ යථාර්ථයයි. මෙලෙස බටහිර ප්‍රහාරක යානා සබ්මැරීන් යාත්‍රා විසින් ලිබියාවට ප්‍රහාර එල්ල කරද්දී මානව හිමිකම් උල්ලංඝනය නොවන්නේද?

    මේ අන්දමට ලෝකයේ වෙනත් රටවල් ත්‍රස්‌ත කණ්‌ඩායමක්‌ අවි දරා කැරැල්ලක්‌ ඇති කළහොත් එම කැරැල්ල මර්දනය කිරීමට එම රටේ නායකත්වයට හිමිකමක්‌ නැද්ද?

    සදාම් හුසේන් පහ කිරීම සඳහා ඇමරිකාව ටොම්හෝක්‌මිසයිල දහස්‌ ගණනක්‌ ඉරාකයට එල්ල කර මහත් විනාශයක්‌ කළේය. දැන් ලිබියාවට ද සිදුවන්නේ එයයි. "මම ජෝර්ඡ් බුෂ් නොවේ යෑයි වරක්‌ ඇමරිකානු ජනාධිපති ඔබාමා පැවැසීය. එහෙත් ලිබියානු ප්‍රහාරයෙන් ජෝරඡ් බුෂ් අංක 2 ඔබාමා යෑයි සනාථ වේ.

    එසේම අපි ලිබියානු නායකයා මරනවා යෑයි බ්‍රිතාන්‍ය ආරක්‍ෂක ලේකම් ලියම් පොක්‌ස්‌ පවසයි. ඔහුට එ සඳහා බලය දුන්නේ කවුද? මාධ්‍ය නිදහස ගැන හඬනඟන ජාත්‍යන්තර මාධ්‍ය අද එක්‌ව ලිබියානු ගුවන් ආක්‍රමණය අනුමත කර ඇත. එහෙත් ඔවුන්ට තහනම් වචනය නම් සිවිල් වැසියන් මරුමුවට පත්වී ඇති බව ප්‍රකාශ කිරීමයි.

    මේ අතර ඇමරිකානු ආරක්‍ෂක ලේකම් රොබට්‌ ගේට්‌ පවසන්නේ ලිබියාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩල යෝජනාව මත පමණක්‌ ක්‍රියාත්මක විය යුතු බවත් අලුත් අරමුණු මත ක්‍රියා කිරීම තුළින් ප්‍රශ්නයක්‌ ඇති වන බවයි.

     
    Last edited:
    • Like
    Reactions: GAC

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    28.jpg12.jpg
    20.jpg30.jpg
    ඔහු බටහිර රටවල නායකයන් සමග මෑතකාලයේ ඉතා සමීපව කටයුතු කළ බව ද අප අමතක කළ යුතු නොවේ. ඔවුන්ට ලිබියාව තුළ ආයෝජන කිරීමට ඉඩකඩ සැලසීම තුළින්ම එය මනාව තහවුරු වේ. මෙම බටහිර ඒකාබද්ධ ප්‍රහාරවලින් මියයන සංඛ්‍යා පිළිබඳ කිසිම තොරතුරක්‌ ලැබී නැත. ප්‍රහාරයන්ගෙන් මිය යන්නේ ගඩාfiගේ හමුදා භටයන් පමණක්‌ යෑයි කිසිසේත්ම කිව නොහැකිය. සාමාන්‍ය සිවිල් වැසියන් මෙම මරණ අතරට අනිවාර්යයෙන් ම ඇතුළත් වේ.

    ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ප්‍රධාන කොටගත් ඒකාබද්ධ ප්‍රහාරයක්‌ දැන් ලිබියාවට එල්ලවෙමින් තිබේ. මෙම ප්‍රහාර සඳහා එම රටවල ගුවන් මෙන්ම නාවික හමුදාවන්ද මෙම ප්‍රහාරයන්ට යොදවා ගෙන ඇත.

    මෙයට හරියට ම වසර අටකට පෙර මෙවැනිම ඒකාබද්ධ ප්‍රහාරයක්‌ ඉරාකයට එරෙහිව එල්ල වූයේ ජනාධිපති සදාම් හුසේන් පලවා හැරීමටය.

    මේ වනවිට ඇමරිකානු යුද නැව් සහ බ්‍රිතාන්‍ය සබ්මැරීන ටොමාහොක්‌ මිසයිල 120 කට වැඩි සංඛ්‍යාවක්‌ ලිබියාවට එල්ල කර ඇත.

    ඇමරිකාවට අයත් ඊ-2 ස්‌ටීල්ත් ප්‍රහාරක යානා ලිබියානු ගුවන් හමුදාව ප්‍රයෝජනයට ගන්නා ගුවන් තොටුපළකට බෝම්බ 40 ක්‌ මේ දක්‌වා හෙළා ඇත. ලිබියාවේ කැරැලිකරුවන්ට එරෙහිව ජනාධිපති ගඩාfiගේ ගුවන් හමුදා එල්ල කරන ප්‍රහාර මැඩපැවැත්වීම මෙහි අරමුණ බව ඇමරිකානු හමුදා ප්‍රකාශකයෝ පවසති.

    මෙම ප්‍රහාරවලින් ලිබියානු යුද හමුදාවට අයත් යුද ටැංකි සහ තවත් හමුදා වාහන විශාල සංඛ්‍යාවක්‌ විනාශ වී ඇත. අලුත්ම ආරංචි මාර්ග වලට අනුව ගඩාfiගේ මෙහෙයුම් මූලස්‌ථානයක්‌ද විනාශ වී ඇත.

    1942 ජුනි මස උපත ලද ගඩාfi 1969 සැප්තැම්බර් මස 01 වැනි දින අයිඩි්‍රස්‌ රජුගේ පාලන සමය අවසන් කරමින් ලිබියාවේ ජනාධිපති ධුරයට පත් වූයේ වයස අවුරුදු 27 දීය. මේ වනවිට වසර 42 ක කාලයක්‌ පුරා එරට නායකයා ලෙස සේවය කර ඇත.

    තරුණ වියේදී ඔහු අනුගමනය කළේ ඉතා තදබල බටහිර විරෝධී ප්‍රතිපත්තියකි. ඔහු සැලසුම් කළ සමහර ප්‍රහාරවලින් බටහිර ලෝකයාට විශාල වශයෙන් තර්ජන එල්ල විය. ඇමරිකානු පෑන්ඈම් ගුවන් සේවයට අයත් ගුවන් යානයක්‌ බ්‍රිතාන්‍යයේ ලොකර්බි නගරය ඉහළින් පියාසර කරන අමඩාබි විසින් පුපුරුවා හැරීමෙන් මියගිය මගී සංඛ්‍යාව 284 කි.

    එහෙත් මෑත කාලය වන විට ඔහු බටහිර රටවල් සමඟ ඉතාමත් සුහදව කටයුතු කළා යෑයි කිව හැකිය. ඔහු බ්‍රිතාන්‍ය සමඟ කොතරම් සමීප වූවාද යන්න තේරුම් යන්නේ ලොකර්බි ප්‍රහාරය සිදු කළ පුද්ගලයා සඳහන් කර ගැනීමට පවා සමත් වීමෙන්ය. එවකට බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ගෝර්ඩන් බ්‍රවුන් සමග ඉතා සමීප සබඳතාවක්‌ ගඩාfi පැවැත්වූ අතර ලිබියාවේ බ්‍රිතාන්‍ය ආයෝජන ද දිනෙන් දින ඉහළ ගියේය. බ්‍රිටිෂ් පෙට්‌ට්‍රොaලියම් වැනිs සමාගම් මෙහිදී ඉදිරියෙන්ම සිටියේය. ලොකර්බි ප්‍රහාරයෙන් මියගිය හැම කෙනකුටම වන්දි වශයෙන් ඩොලර් මිලියනය බැගින් ගෙවීය.

    ලොකර්බි සැකකරු සානුකම්පිත හේතූන් මත නිදහස්‌ කරනවා යෑයි බ්‍රිතාන්‍ය පැවසුව ද එහි යටි අදහස වූයේ ලිබියාව තුළ තව තවත් බ්‍රිතාන්‍ය ආයෝජන සිදු කිරීමය.

    ගෝර්ඩන් බ්‍රවුන්ගේ මෙම නිදහස්‌ කිරීමේ තීරණයට ඇමරිකාව කිසිසේත්ම කැමැත්තක්‌ දැක්‌වූයේ නැත. එහෙත් බ්‍රිතාන්‍යයේ පාලනය වෙනස්‌ වීමත් සමග විදේශ ප්‍රතිපත්තිය ද වෙනස්‌ විය. වර්තමාන අගමැති ඩේවිඩ් කැමරන් ලොකර්බි සැකකරු නිදහස්‌ කිරීම ගැන ගෝර්ඩන් බ්‍රවුන්ට චෝදනා කළ අතර ඇමරිකාව එය එක හෙළා අනුමත කළේය.

    එමෙන්ම උතුරු අප්‍රිකානු රටවල වැසියන්a විශේෂයෙන්ම ඉතාලිය හරහා යුරෝපයට සංක්‍රමණය වීම වැළැක්‌වීමට බටහිර රටවලට උපකාර කළේද, ගඩාfiය. උතුරු අප්‍රිකානුවන් රහසේ යුරෝපයට ඇතුල්වීම එම රටවලට මහත් හිසරදයක්‌ ව තිබුණි.

    ඔහු බටහිර රටවල නායකයන් සමග මෑතකාලයේ ඉතා සමීපව කටයුතු කළ බව ද අප අමතක කළ යුතු නොවේ. ඔවුන්ට ලිබියාව තුළ ආයෝජන කිරීමට ඉඩකඩ සැලසීම තුළින්ම එය මනාව තහවුරු වේ.

    මෙම බටහිර ඒකාබද්ධ ප්‍රහාරවලින් මියයන සංඛ්‍යා පිළිබඳ කිසිම තොරතුරක්‌ ලැබී නැත. ප්‍රහාරයන්ගෙන් මිය යන්නේ ගඩාfiගේ හමුදා භටයන් පමණක්‌ යෑයි කිසිසේත්ම කිව නොහැකිය. සාමාන්‍ය සිවිල් වැසියන් මෙම මරණ අතරට අනිවාර්යයෙන් ම ඇතුළත් වේ.

    බටහිර රටවල් දැන් ප්‍රකාශ කරන්නේ ගඩාfi විසින් ඔහුට විරුද්ධ ඔහුගේම රටවැසියන්ට එල්ල කරන ප්‍රහාර මැඩ පැවැත්වීම නැතහොත් එම ජනතාවට ආරක්‍ෂාව සැපයීමට මෙවැනි ක්‍රියා මාර්ගයක්‌ ගත් බවය.


     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    එසේ පවසන ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එල්ල කරන ප්‍රහාරවලින් සිදුවන්නේද එයමය. ඔවුන් ලෝකයේ විවිධ රටවල යුද අපරාධ ගැන එම රටවල නායකයන්ට චෝදනා කරමින් මෙවැනි ප්‍රහාරයන් එකවරම දියත් කිරීම සුදුසු නොවේ.

    ලිබියාව ගඩාfi විරෝධී සිවිල් ජනතාව ගැන එතරම් අනුකම්පාවක්‌a මෙම රටවලට තිබුණේ නම් ඔවුන් මුලදීම කළ යුතුව තිබුණේ ගුවන් ගමන් තහනම් කලාපයක්‌ ලෙස එම පෙදෙස්‌ ආරක්‍ෂා කිරීමය.
    25.jpg17.jpg
    21.jpg13.jpg

    එනම් ගඩාfiගේ ගුවන් හමුදාවට සිවිල් ජනතාවට බෝම්බ දැමීම ඒ ආකාරයට නතර කිරීමය. ඉරාකයේදී කුර්දි ජනතාවට ආරක්‍ෂාව සැපයීමට කළේ එවැන්නකි.

    එහෙත් මෙහිදී එවැන්නක්‌ සිදුවූයේ නැත. කැරැලිකරුවන්ට ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමට ඉඩ දී ඊට පසු සිවිල් ජනතාව ආරක්‍ෂා කිරීමට යෑයි පවසමින් ලිsබියාවට පහරදීමය.

    ප්‍රංශය මෑත කාලයක සිට බහු සංස්‌කෘතියක්‌ අනුගමනය කිරීම අසාර්ථක බව පවසමින් එරට ජීවත් වන මුස්‌ලිම් ජනතාවට විවිධාකාර තහංචි ද පැණවීය. ලිsබියාවට පහරදීම පිළිබඳව මුලින්ම යෝජනා කළ රටවල් දෙක වූයේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයයි. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මුලින්ම මෙයට මුලපිරුවේ ලොකර්බි සැකකරු ගැන සඳහන් කරමිනි.

    ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය හිලරි ක්‌ලින්ටන් පවා ගඩාfi විරෝධී පිළිවෙතක්‌ අනුගමනය කළේ නැත.

    එහෙත් අද ගඩාfi බටහිර ලෝකයේ දකින්නේ පරම හතුරකු ලෙසය. බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව හැරුණුවිට, කැනඩාව, ස්‌පාඤ්ඤය, නෝර්වේ, ඩෙන්මාර්කය යන රටවල්ද දැන් මෙම ප්‍රහාරවලට එක්‌වී සිටිති.

    ලිබියානු නායකයා පවසන්නේ මෙය දීර්ඝ කාලීන යුද්ධයක ආරම්භය බවය. ඔහු සිවිල් ජනතාව පවා යුද්ධයට යොමු කර ඇති අතර තම නායකයා වෙනුවෙන් ජීවිතය පුද කිරීමට පවා ඔවුන් සූදානම් ය.

    චීනය සහ රුසියාව පහරදීම කිසිසේත්ම අනුමත කර නැත. එහෙත් ඔවුන් මෙයට මැදිහත් වන බවක්‌ ද පෙනෙන්නට නැත.

    උතුරු අප්‍රිකානු රටවල් අතර ඛනිජ තෙල්වලින් පොහොසත්ම රට යෑයි කීමට පුළුවන. ඔවුන් සතුව තවමත් අත තබා නැති තෙල් සම්පත් බොහෝය. මේ සියල්ල පිටුපස ඇත්තේ තෙල්වලට ඇති ගිජුකම යෑයි කීමට පුළුවන.

    ලිබියානු නායක ගඩාfi ඔහුට විරුද්ධව ඇතිවූ කැරැල්ල මැඬ පැවැත්වීමට දරුණු ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළා විය හැකිය. ලෝකයේ ඕනෑම නායකයකු ගන්නා පියවරක්‌ ලෙස එය සැලකිය හැකිය. ගඩාfi ඔහුගේ දරුණු ප්‍රතිපත්තිවලින් ඉවත්ව ලෝකයේ වෙනත් පාලකයන් මෙන් කටයුතු කිරීමට පටන් ගෙන වැඩි කලක්‌ යැමට මත්තෙන් ඔහුව නැති කිරීමේ ව්‍යාපාරය ආරම්භ විය.

    බටහිර රටවල් ආරම්භයේදී සිතුවේ ලිබියානු නායකයාව ඊජිප්තුව මෙන් ජනතාව හරවා ඉවත් කරවීමය. එහෙත් ගඩාfiට පක්‍ෂව විශාල ජනතාවක්‌ සිටීමත්, යුද හමුදාවේ වැඩි පිරිසක්‌ ඔහු සමග සිටීම නිසා එය සාර්ථක වූයේ නැත. යම් හෙයකින් ගඩාfi කැරැල්ල මැඩ පවත්වා නැවත බලය ශක්‌තිමත් කර ගත්තේ නම් ඔහු ඉදිරි කාලයේදී සම්පූර්ණයෙන් ම බටහිරට එරෙහි වනු නියතය. දැන් ඔවුන්ට වෙන විකල්පයක්‌ ඇත්තේ නැත.
     
    Last edited:

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Me kalakanni American karayonta thama bumi kampa enna oni. okunwa nethi welama yanna oni. Ape raten thel aragaththoth okun lankawatath oya dema karai.
    American Balloooooooooooooooooo. Obama enna kalin kiuwe kohomada, Iraken sebalu ain karanawa kiuwa. Den thawa ratakata gahanna aran. iraken ain karana ewun Libiyawata ewanna wenna ati.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    1b.jpg
    2b.jpg
    _51778524_011587111-1.jpg

    ඇමරිකාවේ අභිමතයට අනුව හැසිරෙන රූකඩ ආණ්‌ඩුවක්‌ ලිබියාව තුළ බලයට පත්කර කර්නල් ගඩාfi මරා දමා ඒ රටේ තෙල් සම්පත් කොල්ලකෑම සඳහා වූ යුද්ධය දැන් ඇරඹී තිබේ. බලයට පත් වී වසර කිහිපයක්‌ ගතවුවද පිළිගත හැකි මට්‌ටමේ දක්‍ෂකමක්‌ පෙන්වීමට අසමත් වූ ඇමරිකන් ජනාධිපති ඔබාමා, තම අධිකාරී බලය පෙන්වීම සඳහා ගත් මෝඩ සහ කෲර වෑයමක්‌ ලෙස ලිබියාවට බෝම්බ දැමීම හඳුන්වා දිය හැකිය. ඉරාකයට පහර දී සදාම් හුසේන් මරා එරට තෙල් සම්පත් සියතට ගැනීම සඳහා මෙයට දශකයකට පමණ පෙර ඇමරිකාව කළ යුද්ධයට සහය දුන් බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් කිහිපයක්‌ "මිත්‍ර හමුදාව" යන වංචනික නාමය යටතේ ඇමරිකාවට සහය පළ කිරීම සඳහා සිය යුද ගුවන් යානා අහසට නංවා ඇත. කිසියම් රටක තෙල් සම්පත් කොල්ලකෑමේ සාමුහික අරමුණ ඉටුකර ගැනීම සඳහා එම රටට බෝම්බ හෙළා, රාජ්‍ය නායකයා සහ සාමාන්‍ය ජනයා මරා දැමීමට කටයුතු කරන සොර කණ්‌ඩායමකට "මිත්‍ර රටවල්" යන නම පාවිච්චි කිරීම තරම් "සාපරාධී විහිළුවක්‌" තවත් තිබේද? මින් පසු ගෙවල් බිඳීම සහ මං පැහැරීම සඳහා යන සියලු සොර කණ්‌ඩායම් "මිත්‍ර කණ්‌ඩායම්" ලෙස හඳුන්වා දිය හැකිය. සියලු ත්‍රස්‌තවාදීන්ට ද මිත්‍රයන් ලෙස ආමන්ත්‍රණය කළ හැකිය. මේ අනුව ඔසාමා බින් ලාදින්ට "මිත්‍රයා" යනුවෙන් ඇමතීමට ඔබාමාට අවස්‌ථාව ලැබෙන්නේය. එසේම ඇමරිකාවේ පරම සතුරකු වූ, තලේබාන් සංවිධානයේ නායක මුල්ලා මොහොමඩ් ඔමාර්ට ද "මිත්‍රයා" යනුවෙන් කට පුරා කීමට ඔබාමාට හැකි වන්නේය. මීට අමතරව සෝමාලියාවේ මුහුදු කොල්ලකාරයන් ද ඔබාමාගේ මිත්‍ර සමාජයට බඳවා ගනු ලබත්වාෘ

    ඇමරිකාව මැදපෙරදිග රටවල් දෙස බලන්නේ මස්‌කඩකාරයා හරකා දෙස බලන බැල්මෙනි. හරකා පුෂ්ටිමත් එකකු නම් මස්‌කඩකාරයාගේ බැල්ම ගිජු ය. ඒ බැල්ම හරකා මරනු පිණිස ය. ඇමරිකාව ද මැදපෙරදිග දෙස බලන්නේ ඒ රටවල කොතරම් ප්‍රමාණයක්‌ ඛනිජ තෙල් තිබේද යන්න තක්‌සේරු කරගත හැකි බැල්මකිනි. ඛනිජ තෙල් වැඩි වූ තරමට බැල්ම ද ගිජු ය. ඒ රටවල තෙල් සම්පත් පාලනය කිරීමට ඇමරිකාවට ඉඩ ලැබෙන්නේ නම් කිසිදු ප්‍රශ්නයක්‌ මතු වන්නේ නැත. එහෙත් මැදපෙරදිග හැම රටකම සිටින පාලකයන් කොන්ද පණ නැති අය නොවෙති. සදාම් හුසේන්ට කොන්දක්‌ තිබිණ. ගඩාfiට ද කොන්දක්‌ තිබේ. ඉරාන නායකයාට ද කොන්දක්‌ ඇත. ඇමරිකාව, ඉරාකයේ තෙල් සම්පත් සියතට ගත්තේ එරටට බෝම්බ දමා විනාශ කර සදාම් හුසේන් එල්ලා මැරීමෙනි. දැන් ඔවුහු ලිබියාවට බෝම්බ දමති. මීළඟ ඉලක්‌කය වනු ඇත්තේ ඉරානය ය. සමහර විට අන්න එදාට ඇමරිකාව කදිම පාඩමක්‌ ඉගෙන ගන්නවා ඇත.

    ඇමරිකාව කිසියම් රටක්‌ ආක්‍රමණය කරන්නේ ඒ සඳහා අවසර ඉල්ලා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවක්‌ ඉදිරිපත් කර එම යෝජනාව සම්මත කර ගැනීමෙනි. ඇමරිකාවෙන් යෑපෙන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ඇමරිකාවට පිටින් වචනයක්‌වත් කතා කළ නොහැක. ලිsබියාවට බෝම්බ දැමීම සඳහා යෝජනාව ඉදිරිපත් කෙරුණු මොහොතේදී රටවල් රැසක්‌ම එයට එරෙහි වූහ. එහෙත් අන්තිමේදී ලිබියාවට බෝම්බ වැටිණ. මේ තීරුව ලියන මේ මොහොත වන විට ඇමරිකාව ද, එරට පසුපස යමින් කටු කෑමේ නියුක්‌තව සිටින බ්‍රිතාන්‍යයද, ප්‍රංශය ද මිත්‍ර හමුදාව යන බෝඩ් ලෑල්ල ගසාගෙන ලිබියානු අගනුවර වූ ටි්‍රපොලියට බෝම්බ දමති. මේ බෝම්බ නිසා මේ තීරුව ලියන මොහොත වන විට සියයකට අධික ළමයි ද, ගැහැනු ද, සිවිල් වැසියෝ ද මියගොස්‌ සිටියහ. ඊයේ උදේ ගඩාfiගේ මූලස්‌ථානයට බෝම්බ දැමූ ඇමරිකාව ගඩාfi මරන්නට තමන් තුළ අදහසක්‌ නැති බව සඳහන් කළේය. මෙය කුමන විහිළුවක්‌ද? පපුවට පිහියෙන් ඇන මැරීමේ අදහසක්‌ නැති බව කීවා හා සමාන කතාවකි මෙය.

    බහරේන් රාජ්‍යයේ පාලකයාට විරුද්ධව ද මේ මොහොතේ උද්ඝෝෂණ රැල්ලක්‌ හටගෙන තිබේ. එහෙත් ඇමරිකාව කවදාවත් බහරේනයට බෝම්බ දමන්නේ නැත. හේතුව, බහරේනයේ සියලු තෙල් සම්පත්වල පාලනය ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය වීමය.

     
    Last edited:
    • Like
    Reactions: sam@