අහ් මචන්ලා
ඔන්න අද කියන්න යන්නේ කවුරු ගැනවත්, ජිකි බිකි වැඩක් කරන්නේ කොහොමද කියලවත් නෙවෙයි ඕන්.


අද කියන්නේ උබලා හැමදාම කරන වැඩක් ගැනයි.

( හා හා හා, චික් මුන්ගේ කැත් හිත.

ඒ උබලා හිතපු වැඩේ ගැන නෙමෙයි ) 

කොල්ලෝ ටික ඉතින් ටොරෙන්ට් එහෙම බානවත් ඇතිනේ..


සමහර අය ඩිරෙක්ට් ඩවුන් කරනවාත් ඇතිනේ.

ඉතින් අපි Film එකක් බානකොට ඒ Film එකේ නම විතරක් නෙමෙයි තියෙන්නේ. තව තව පල් හෑලි ගොඩක් තියෙනවනේ. හරියට මේන්න මේ
වගේ R5,HDTV,screener,telecine....
ඉතින් අපි Film එකක් බාන්න කලින් දැන ගන්න ඕනේ කොයි වගේ එකක් ද බාන්න ඕනේ කියලා.. නැත්තම් ඔය ටොරෙන්ට් සීන්
වලින් ෆිල්ම් බාන අලුත් අය කැමරා කොපි බාල ඔරිගිනල් කියලා හිතලා බෑවට පස්සේ ඉටිහින් අම්මා මුත්තා මතක් කර කර ඒක බලනවා,
දැන් කාලෙ නම් ගොඩක් ටොරෙන්ට් වල ඇතුලට ගිහාම SnapShot දාලා තියන හින්දා ඉතින් වීඩියෝ කොලිටි එක එහෙම බලා ගත්තැහැකිනේ. ඉස්සර නම් විඩියෝ 7/10 ඕඩියෝ 8/10 කිය කිය බලපු එව්වො දානවා. කමක් නැහැ දැන ගන්නත් එක්ක කියන්නම්කෝ ඈ
අද ඉතින් දන්න තරමින් තියන සබ්බ සකල මනාවම කියන්නේයි යන්නේ දන්න විදිහට ඕන්.
මම එක එකකට අදාල ටොරෙන්ට්ස් තියන විදිහයි පුලුවන් එව්වගේ SnapShot සුයි දාන්නම්
එහෙනම් ඔන්න පටාන් ගත්තා
1.Cam
ටැග් ජාති-
- CAM
- CAMRip
මේ ජාතිය නම් කපේකට බාන්න එපා.


සෙට් වෙන්නේම නැහැ. වීඩියෝ කොලිටියයි ඕඩියෝ කොලිටියයි ගොඩක් දුර්වල තත්වයකයි තියෙන්නේ මේ වගේ එව්වගේ, Film එකක් පලවෙනියෙන්ම තිරගත කරපු දවසට පස්සේ දවසේ මේ ජාතියේ එව්වා Internet එකෙන් හොයා ගන්න පුලුවන්. හැන්ඩි කැමරා වලින් වගේ එව්වගෙන් රෙකොඩ් කරලා තමයි මෙව්වා නෙට් එකට දාන්නේ.. මිනිස්සු හිනා වෙන එව්වා.



මිනිස්සු නැගිටලා යන එව්වා 


එහෙම එකපාරටම මේ ජාතියේ එකක් බාල බලද්දි බලා ගන්න පුලුවන් ඕන්.මේ ජාතියේ එව්වා තියෙන්නේ CAMRip සහ CAM කියලයි
2.Telesync
ටැග් ජාති-
- TS
- TELESYNC
- PDVD
මේ ජාතියේ එව්වාත් චිත්‍රපටි ශාලා වල තමයි ගන්නේ, වෙනසකට තියෙන්නේ සම්පූර්න චිත්‍ර පටි ශාලාව එක
වෙලාවකට සල්ලි දීලා අරගෙන Film එක රෙකෝඩ් කරන එකයි.මේ ජාතියේ ෆිල්ම් වල ඕඩියෝ කොලිටි එක හොදයි. මොකද ඕඩියෝ එක ගන්නේ කෙලින්ම system එකට ගහලයි.
3.Workprint
ටැග් ජාති-
- WP
- WORKPRINT
බාගෙට වැඩ ඉවර වෙච්ච ෆිල්ම් කෑලි වලට තමයි Workprint කියලා කියන්නේ.Edit කරලා ඉවර නැතුව එලියට දාන එව්වට තමයි Workprint කියලා කියන්නේ. ඊට පස්සේ ටික කාලෙකට පස්සේ හරිම එක දානවා. Normally ගොඩක් Effects නැති Film එකක් නම් අවුලක් වෙන්නේ නැහැ..


ඒත් Effects ගොඩක් තියන Film එකක් බෑවොත් එකේ වැඩ ඉවර නොවුනු Animation කෑලි ටික බලා ගන්න පුලුවන්.

(XMen Wolverine එකේ Workprint එකක් බැලුවා , මේලෝ රහක් නැහැ. කොල්ලා එහෙට දුවනවා මෙහෙට දුවනවා විතරයි 

)
4.Telecine
ටැග් ජාති-
- TC
- TELECINE
ගොඩක් කට්ටිය හිතනවා Telecine කියන්නේත් Telesync කියන්නෙත් දෙකම එකයි කියලා.. ඇත්තම සීන් එක දෙක දෙකක්
. මේ ක්‍රමයේදී වෙන්නේ Film රීල් එකෙන් කෙලින්ම ඩිජිටල් බවට පත් කරලා කන්වර්ට් කරලා ගන්න එකයි.. කොලිටි එක ගොඩක් අවුල් නැහැ.මේ තියෙන්නේ කන්වර්ට් කරන භාන්ඩේ
5.Pay Per View Rip(PPVRip)
ටැග් ජාති-
- PPV
- PPVRip
මේ ජාතිය තියෙන්නේ ගොඩක්ම හොද සුප්පා හොටෙල් වල තමයි. ඒවගෙන් Release කර ගන්න ජාතියට තමයි PPVRip කියන්නේ. කොලිටි එකත් එල.හොදට බලන්න පුලුවන්.
6.Screener
ටැග් ජාති-
- SCR
- SCREENER
- DVDSCR
- DVDSCREENER
- BDSCR
මේ නමින් නිකුත් කරන Film ජාතිය නිකුත් කරන්නේ ගොඩක්ම නලු නිලියන්ට, ඒවගේම ෆිල්ම් එකට දායක වෙලා වැඩ කරපු එව්වන්ට ( ලයිට් අල්ලපු උන්ට එහෙම නෙමෙයි


) ෆිල්ම් එකක් එලියට දාන්න කලින් වැරදි හොයාගන්න උදව් වෙන Copy එකක් තමයි මේ ජාතිය. උබලා Film එකක් බල බල ඉද්දි එක පාරටම කලි සුදු පාටට Film එක විනාඩියක් විතර වැටිලා තියනවානම්, ආය එක එක පණිවිඩ කෑලි මැද්දෙන් වැටෙනව නම් කියනෙනේ උබල දමාගෙන බලන්නේ Screener එකක් කියන එකයි. 


7.DDC
DDC කියන්නේ Digital Distribution Copy or
Downloadable,Direct Digital Content කියන එකටයි. Film හදපු එව්වෝ කෙලිම්ම තැපැල් මාරගයෙන් නැතුව නෙට් එකට දාලා අදාල පුද්ගලයන්ට මුදල් වලට දෙන එකටයි. බෙදා හැරීමට යන මුදල අඩු කර ගන්නයි මෙහෙම කරන්නේ. කොලිටි එක අතින් ගත්තොත් උඩින් සදහන් කරපු එව්වට වඩා හොද මට්ටමක තියනවා
8.R5
ටැග් ජාති-
- R5
- R5.LINE
- R5.AC3.5.1.HQ
මේ කියන ජාතිය හොදටම මීටර් ඇතිනේ.. R5 කියන්නේ එක ජාතියක් විතරයි. R කියන එකේන් හදුන්වන්නේ එක එක Regions, R5 කියලා කියන්නේ ඉන්දියාව, ස්වාසිලන්තය



,දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, රුසියාව වගේ රටවල් වලට. පල්ලෙහයින් දාල තියනවා R0 ඉදන් R9 වෙනකම් ඒ වට අදාල Regions.මේ ජාතිවල Film වල වීඩියෝ කොලිටි එකයි එකයි ඕඩියෝ කොලිටි එකයි හොදට තියනවා. මේ වගේ එකක් දැක්කොත් බාන්න පසු තැවෙන්න එපා. R1,R2 ඒවා තමයි ගොඩක්ම හොදම කොලිටි එකට තියෙන්නේ.මේ තියෙන්නේ එක එක region වලට අදාල ටැග් ටික
R0- No Region Coding
R1- United States of America, Canada
R2- Europe, including France, Greece, Turkey, Egypt, Arabia, Japan, Israel and South Africa
R3- Korea, Thailand, Vietnam, Borneo and Indonesia
R4- Australia and New Zealand, Mexico, the Caribbean, and South America
R5- India, Africa (except Egypt, South Africa, Swaziland, and Lesotho), Russia and former USSR countries
R6- Peoples Republic of China
R7- Unused
R8- Airlines/Cruise Ships
R9- Expansion (often used as region free)
R1- United States of America, Canada
R2- Europe, including France, Greece, Turkey, Egypt, Arabia, Japan, Israel and South Africa
R3- Korea, Thailand, Vietnam, Borneo and Indonesia
R4- Australia and New Zealand, Mexico, the Caribbean, and South America
R5- India, Africa (except Egypt, South Africa, Swaziland, and Lesotho), Russia and former USSR countries
R6- Peoples Republic of China
R7- Unused
R8- Airlines/Cruise Ships
R9- Expansion (often used as region free)
9.DVD-Rip
මේක තමයි හොදම එක.. මීට කලින් උඩ තියන ඔක්කොම එව්වා කලින් පන්නපුවා වගේ.
මේක තමයි නියමටම එලියට දාන කොපි එක. මේක ඔයලාට බාන්න තියනව කියන්නේ ඉතින් කොලිටි එක හොදටම හොදයි. 


බැරි වෙලාවත් WS DVDRipකියලා තිබ්බොත් ඒ කියන්නේ Widescreen කියනඑකටයි.
10.DVD-R
ටැග් ජාති-
- DVDR
- DVD-Full
- Full-Rip
- ISO rip
- lossless rip
- untouched rip
- DVD-5
- DVD-9
DVD ෆෝමැට් එක වශයෙන් එන අවසානම එක තමයි මේක. නියමම කොලිටි එකට තියනවා. size එකෙන් වැඩියි.මේ ජාතියේ එව්වගෙ ගොඩක් වෙලාවට කෑලි අඩුයි. තහනම් දර්ශන වගේ තියන එව්වා කපලයි ටියෙන්නේ


. ඒක තමයි පොඩි අවුලකට තියෙන්නේ ඕන් ,ආය size එකෙනුත් වැඩිකම11.HDTV/DS Rip
ටැග් ජාති-
- DSR
- DSRip
- DTHRip
- DVBRip
- HDTV
- PDTV
- TVRip
- HDTVRip
මේ ජාතිය ලොවෙත් TV එකෙන් ගත්තුවා. උබලා බලන ගොඩක් TV series එහෙම TV එකෙන් ගත්තුවා කියලා දන්නවා ඇතිනේ.
Film සුත් අන්න එහෙම්මම ගන්නවා. ලන්කාවේ HD වගේ නෙමෙයි පිටරටවල් වල HD.. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම HD.



ඉතින් කොලිටි එක හොදයි. ඕඩියෝ කොලිටි එකත් නියමයි. බෑවට අවුලක් නැත
12.VODRip
ටැග් ජාති-
- VODRip
- VODR
මේකේ දිග නම වෙන්නේ Video-On-Demand Ripකියලයි. කේබල් මාර්ගයෙන් එන සිග්නල් කම්පියුටරයකට ගහලා ඒක අමගින් රෙකොඩ්
කරලා එලියට දාන එව්වටයි VODRip කියලා කියන්නේ.මේ ජාතියේ එව්වත් හොදම කොලිටි එකට තියනවා.
13.BD/BRRip
ටැග් ජාති-
- BDRip
- BRRip
- Blu-Ray/BluRay/BLURAY
- BDR
- BD5/BD9 (BD25/BD50)
මේ දෙක එකම වගේ උනාට එකම නැහැ.
BDRip කියන එක කෙලින්ම Blue Ray Disk වලින් ගන්න එකක්. BR කියන්නේ කලින් දාපු එකක්. 1080p BD එකක් ආය ගැහුවහමත් මෙහෙම කියනවා. BDRips, DVDRip size එකෙනුත් තියනවා. 700MB-900MB වගේ එව්වා තියනවා.
සාමාන්‍යයෙන් BD/BR 720p එක 2-8 GB දක්වාත් 1080ඵ් එක 8GB ඉදන් 60GB වගේ වෙනකමුත් තියනවා.
හම්මේ............... ඔන්න ඔහොමයි සීන් එක.
එහෙනම් මම කැපුනා.
වැදගත් වෙන්න ඇති කියලා හිතනවා.
එහෙනම් කට්ටිය 0716Aravinda කැපුනා
බොලාට ජයෙන් ජය!!!!




