Know your personality (MBTI)

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඇතුලට!!!


    මමත් MBTI ටෙස්ට් එක ගැන ලඟදි දැනගත්තේ. thread එකක් දාන්න කලින් හොයල බැලුවම මේ පරණ ත්‍රෙඩ් එක දැක්කා. http://www.elakiri.com/forum/showthread.php?t=42574 හැබැයි එක දාපු සහෝදරයා 2014 ඉඳන් active නෑ වගේ නිසයි අලුත් එකක් දැම්මේ.

    MBTI (Myers–Briggs Type Indicator) මයර්ස් - බ්‍රිග්ස් වර්ග දර්ශකය කියන්නේ පුද්ගලයන් තොරතුරු ග්‍රහණය/විශ්ලේෂණය කරන ආකාරය, අවධානය යොමු කරන ආකාරය, තීරණ ගන්නා ආකාරය, සංකීර්ණත්වය සමඟ ගනුදෙනු කරන ආකාරය අනුව කොටස් 16කට වර්ග කරන ප්‍රශ්නාවලියක්. මේකෙන් තමන්ගේ හැකියාවන් වගේම දුර්වලතා, රැකියාව, පුද්ගල සම්බන්දතා ආදියේදී හැසිරෙන ආකාරය පිලිබඳ අදහසක් ගත හැකියි.

    සමහර සමාගම් වලට සේවකයින් බඳවා ගැනීමේදී මෙම පරීක්ෂණය ලබා දෙනවා ඔවුන් ගැන අදහසක් ලබා ගන්නට.

    විශේෂයෙන් කියන්න ඕනේ මේකෙදි හොඳ හෝ නරක කාණ්ඩ නැති බව. හරියට කෙනෙකු වමත් හෝ දකුණත් වෙන්න පුළුවන් වගේ ප්‍රධාන අවස්ථා 4කදී තමන් හැසිරෙන විදිහ ආකාර 2කින් වඩාත්ම නැඹුරු වෙන ආකාරය අරගෙන වර්ග කිරීම සිදුකරන්නේ. ප්‍රතිපල පෙන්වද්දී සමහර කාණ්ඩ වල සුළු වෙනසකින් ප්‍රතිපලය වෙනස් වෙන්න පුළුවන්. එමනිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට නිරවද්‍යතාවත් වෙනස් වන්නට පුළුවන්.

    මම ටෙස්ට් එක කලේ 16personalities.com සයිට් එකෙන්. අවංකව පිළිතුරු දෙන්න. දෙපැත්තටම නැති පිළිතුරු සටහන් කරන්න එපා. ප්‍රතිපල මේල් එකක් දාගන්න. එකේ ප්‍රතිශත ප්‍රමාන තියනවා.

    තමන්ගේ කාණ්ඩය publish කිරීම තමන්ගේ කැමැත්ත. අවශ්‍යනම් තමන්ගේ කාණ්ඩයේ විස්තර කෙටියෙන් පරිවර්තනයක් දෙන්න පුළුවන්.

    මගේ කාණ්ඩය INTP. මම ගැන මටම වචන වලට පෙරලගන්න බැරිව හිටපු ගොඩක් දේවල් ලස්සනට විස්තර කරලා තිබ්බා.

    මෙතනින් යන්න https://www.16personalities.com/

    අනිවාර්යයෙන් වටිනා අත්දැකීමක් වේවි. අනිත් අයත් එක්ක බෙදා ගන්න බම්පියක් දෙන්න.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    PROTAGONIST (ENFJ-A):oo::oo:

    enfj.png



    aith sastharayak baluwa wage thakketama kiyala thiyenawa......:):):)