kohomada meka.....

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    ඇඹිලිපිටිය පදලංගල තරුණයකු සීට් 54 ලේලන්ඩ් බස් රථයක අනුරුවක් නිර්මාණය කර ඇති අතර එය මේ දිනවල ෆේස්බුක්හි වැඩි කතාබහකට පත්වී තිබේ.

    සෙන්ටිමීටර 27ක් උස, සෙන්ටිමීටර 110ක් පමණ දිග එම එම අනුරුව සැබෑ බස්රථයක බාහිර පෙනුමට සමාන වේ. බස් රථයේ එන්ජිම හැර විදුලි පද්ධතිය ඇතුළු සෙසු සියලු දේ ඒ ආකාරයටම සවි කර තිබීම එහි විශේෂත්වය වෙයි.

    එම අනුරුව නිර්මාණය කළ රන්දික ලක්ෂාන් අබේදීර නම් 25 හැවිරිදි තරුණයා ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයයේ ආදි ශිෂ්‍යෙයකි.

    කුඩා කල සිටම බස් රථවලට කැමැත්තක් දැක්වූ බවත්, අට ශ්‍රේණියේදීද නව නිපැයුම් ප්‍රදර්ශනයකට බස් රථයක අනුරුවක් නිර්මාණය කළ බවත් රන්දික පැවසීය.

    මෙවර බස් රථයේ අනුරුව නිර්මාණය කිරීම ඇලුමිනියම් යකඩ තහඩු, ෆ්ලයිවුඩ්, ලී පටි සහ සිලිකන් යොදා ගෙන ඇති බව ඔහු කීවේය.

    ‘මම පොඩි කාලේ ඉඳන් බස් වලට ආසයි. ඉස්කෝලේ අට ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ තමයි මුලින්ම බස් රථයක් අනුරුවක් හදන්න උත්සාහ කළේ. ඒ ප්‍රදර්ශනයකටයි. බස් රථ දෙකක් ඒ අවුරුද්දේ හැදුවත් ඒවට ලයිට් තිබුණේ නෑ. මෙච්චර දියුණු මට්ටමකට කර ගන්න බැරි වුණා. නමුත් මගේ වයසත් එක්ක ඒක මම හැදුවා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කළෙත් නෑ. හැබැයි මගේ යාළුවො මං ගැන දන්නවා. මට යාළුවො කියන්නේ බස් රන්දික කියලා.

    මට පොඩි කාලේ ඉඳන් මේවගේ හොඳ තත්ත්වයේ එක්ක හදන්න ඕනෑ කම තිබ්බත් ඉගෙනීම නිසා ඒකට අවස්ථාවක් තිබුණේ නෑ. උසස් පෙළ කරලා පොඩි රැකියාවක් කර අතරතුරයි මම මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය හොයා ගත්තේ. අමුද්‍රව්‍ය ගොඩක් මම පහසුවෙන් සොයා ගත්තා. සල්ලිවලට ගත්තා නම් රුපියල් 18,000ක් 20,000ක් විතර යනවා.

    මට මේකට අපේ ගමේ දිනුක නිෂාන් කියන මල්ලි ඇතුළු බොහෝ අය උදව් කළා. ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.‘ යැයි රන්දික පැවසීය.
    lLLB7He.jpg

    VU4MeZ3.jpg

    VU4MeZ3.jpg

    ymhe7tZ.jpg

    dRC1srB.jpg


    issuwe metanin.
    http://www.lankadeepa.lk/provincial_news/පදලංගල-තරුණයකුගෙන්-බස්-රථයක-අනුරුවක්/59-522351