කොලොන්නාව මැතිවරණ කොට්ඨාශයේ 2006 වන විට නීති විරෝධී මත් ද්‍රව්‍ය අලෙවි කිරීමේ හා ජාවාරම්කරුවන් ස්ථාන 18ක් තිබී ඇති අතර අද වන විට එම ප‍්‍රමාණය 526ක් දක්වා ඉහල ගොස් ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
දේශපාලන ආධාර අනුබල සහිතව සිදුකෙරෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් ප‍්‍රදේශයේ නිතර ගැටුම්කාරී තත්වයන් ඇතිවන බවත් ඔවුන් පවසයි. පසුගියදා සිදුවූ මුල්ලේරියාව සිදුවීම පිටුපසද මෙම ජවාරම් ඇති බවට පොලීසිය තොරතුරු අණාවරණය කරගෙන තිබේ.
Last edited:




