abc 7 රූපවාහිනී නාලිකාව මඟින් ලොව වටා රටවලට ආවේනික කෑම පිළිබඳව විස්තර ඉදිරිපත් කරන වැඩසටහනකින් පසුගියදා තෝරගන තිබුනේ ලංකාවේ කොත්තු රොටී පිළිබඳවයි.
Eyewitness News නම් වූ එමඟින් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ Staten Island ප්‍රදේශයේ පිහිටි "රන්රස" අවන්හල ඒ සඳහා තෝරාගන තිබුණා.
1994 වසරේ සිට එම අවන්හල පවත්වාගන යන සංජය හඳපාන්ගොඩ විසින් කොත්තු රොටී සාදන අයුරු පැහැදිළි කර තිබුණා. අනතුරුව පිරමීඩයක ආකාරයට පිඟානකට පිළිගැන්වූ එය ඉතාමත් රසවන් බවයි නිවේදකයන් පැවසුවේ.
source:33000


