මචන්, උඹට හොඳට ලියන්න පුළුවන් - එකේ දෙකක් නැ.
එත් මට මේක කියෙව්වම මේකත් කියන්න හිතුන:
සුරඟන කතා වල ජීවත් වෙන්න එපා, කවද හරි නැගිටින්න වෙයි..එදාට උඹට දරාගන්න බැරි වෙයි. උඹේ කතාව හොද ලියන්න, ජීවත් වෙන්න නෙවෙයි. මෙතන උඹට හුරේ දාන ගොඩක් උන් තාම බැඳලා වත් නැහැ.
සැබෑ ජීවිතේ කළු සුදු චරිත නැ. මින්ස්සු විවිධාකාරයි, එත් හැම කෙනා තුලම යම් තරමක් හෝ හොඳ හදවතේ කොහේ හෝ මුල්ලක තියෙනවා. විශ්ෂයෙන් උඹේ අම්ම ගැන ගන්න තීරණය ගැන තව ගොඩක් හිතපන්..උඹ ඔය ඔච්චර කිව්වට උඹේ පෙම්වතිය දවසක උඹේ බිරිඳ වෙලා උඹේ ළමයාගේ අම්ම උනාම ඒ ළමය උඹ වගේම ඉගෙනීම පාලු කරගෙන කසාදයක් කරගන්න ගියොත්, හිතන විදිහ උඹේ අම්ම හිතපු විදිහට වෙනස් වෙයිද? උඹ එදාට හිතෙයි මොනවා උනත් අම්ම කෙනෙක්ගේ දුක දැනෙන්නේ අම්ම කෙනෙක්ට විතරයි කියල..
උඹේ අම්ම km ට සලකපු විදිහ හරි කියන්නේ නැ, නමුත් මිනිස්සු සමහර වෙලාවලදී react කරන්නේ කොහොමද කියල දන්නේ නැ, හැම කෙනාම කේන්තිය පාලනය කරලා situation වලට react කරන්න ඉගෙන ගැන නැ. විශේෂයෙන් අම්ම කෙනෙක්ගේ පළමු instinct එක තමාගේ ළමයගේ ආරක්ෂාව ..මට මේක කියවද්දී හිතුන දස මාසයක් කුස දරල, ලොකු මහත් කරලා හදල, තමන්ගේ ළමය වෙනුවෙන් බලපොරොත්තුවක් වත් තියාගන්න බැරි දෙමාපියෙක් වීම කොයි තරම් අවාසනාවක්ද කියල..
මවකට කවදාවත් තමන්ගේ ළමයෙක්ට වයිර කරන්න බැ. උඹේ ජීවිතේ උඹ හැම තැනම කෙලින් තීරණ අරන් නැ, එකෙ වගකීමෙන් උඹට පැනල යන්න බැ..ඔක්කොම හිතන්නේ මේ කතාවේ උඹ hero උඹේ කෙල්ල heroin කියල, දැන් මේක movie ending එකකින් අවසන් වෙන්න යනවා කියල..එත් උඹේ හිත දන්නවා උඹ චරිතයක් විතරයි..සුරඟන කතා වල ජීවත් වෙන්න එපා, දැන් නැගිට්ටේ නැත්තං සදා දුක් විදින්න වෙන්න පුළුවන්..
හොඳට හිතල උඹේ ජීවිතේ වගකීම් හිතට අරන් කෙලින් තීරණ ගනින්..මට හිතුන දේ කෙලින්ම කිව්වා..All the best.