blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    කුජ දෝෂය භංග කරමු

    ඩී. ඩග්ලස්‌ නිමලවංශ ගුණවර්ධන

    කුජ හෙවත් අඟහරුගෙන් යෙදෙන දෝෂය හඳුන්වන්නේ "කුජ භෞම" දෝෂය නමිනි. කුජ ග්‍රහයා ලග්නය, දෙවැන්න, හතරවැන්න, හත්වැන්න, අටවැන්න සහ දොළොස්‌වැන්න යන ස්‌ථානයක පිහිටීමෙන් කුජ භෞම දෝෂය යෙදෙන බව ජ්‍යෙdතිෂයේ සඳහන් වේ.

    පොරොන්දම් පරීක්‍ෂණයේදී කුජ භෞම දෝෂ පිළිබඳව විශේෂයෙන් සොයා බැලීම දෛවඥයාගේ ප්‍රධාන යුතුකම වන අතර කුජ භෞම දෝෂයක්‌ දුටු පමණින් ඒ පිළිබඳව ඉක්‌මන් තීරණයන්ට අවතීර්ණ නොවී, දෝෂ භංග වන ආකාරය පිළිබඳව ද සොයා බැලිය යුතුය.

    කේන්දරයක කුජ දෝෂය භංග වන ආකාර රැසක්‌ම ජ්‍යෙdතිෂයේ පෙන්වා දී ඇති අතර විශේෂ දෝෂ භංගවීම් අටක්‌ පිළිබඳව සෘෂිවරු මෙලෙස සඳහන් කර ඇත.

    1. මේෂ ලග්නයෙන් උපත ලබා ලග්නාධිපති කුජ ග්‍රහයා හෙවත් අඟහරු ලග්න භාවයේ සිටීම.

    2. ධනුවෙන් ඉපිද, කුජ ග්‍රහයා දොළොස්‌වැන්න වූ වෘශ්චිකයේ තැන්පත් වීම.

    3. තුලා ලග්නයෙන් ඉපිද කුජ හතරවැන්න වූ මකර රාශිගතවීම.

    4. වෘෂභයෙන් ඉපිද වෘශ්චිකය වූ හත්වැන්නේ කුජ පිහිටීම.

    5. කුම්භ ලග්නය වී කුජ ග්‍රහයා අටේ තැන්පත්වීම.

    6. ගුරු, සිකුරු දෙදෙනා ලග්නයෙන් හෝ කුජගෙන් හතේ සිටීම.

    7. සත්වැන්නාධිපතියා හතේ පිහිටා සිටීම.

    8. කුජ, ගුරු සමග යෝගවීම හෝ ගුරු දැකීම වේ.

    ඕනෑම කේන්දරයක 1, 2, 4, 7, 8 සහ 12 යන ස්‌ථානයන්හි කුජ ග්‍රහයා උපතින් පිහිටා තිබීම හේතුකොටගෙන ඇති වන කුජ භෞම දෝෂයේ පල විපාක පිළිබඳව සෘෂීන් දක්‌වා ඇති අදහස්‌ වලින් බිඳක්‌ අපගේ "නැකත" පාඨක සහෘදයන්ගේ දැන ගැනීම සඳහා පහතින් සටහන් කරන්නෙමි. එමෙන්ම මගේ පරීක්‍ෂණයෙන් ද ඒ බව මනා ලෙස සනාථ වී ඇත.

    ලග්නභාවයේ කුජ තැන්පත්වීම

    මෙම පිහිටීම ප්‍රබල කුජ දෝෂයකි. තම විවාහක සහකරු හෝ සහකාරිය යටත් කර ගැනීමේ බලයක්‌ කුජ ලග්නයේ පිහිටා ඇති ජන්මීන් කෙරෙන් නිබඳව දැකගත හැකි ප්‍රබල ලක්‍ෂණයකි. මොවුන් දැඩි මතධාරීන් මෙන්ම ඒකාධිපතියන් ලෙස කටයුතු කරන අතර එම ක්‍රියාවන් හේතුවෙන් විවාහ සහකාර හෝ සහකාරිය දැඩි මානසික පීඩනයකට ගොදුරු වනු ඇත. විවාහ රසය නීරස කරමින් දැඩි චිත්ත පීඩාවන් ඇති කර යුග දිවිය ව්‍යාකූල කරවීමට තරම් සමත් වන පිහිටීමක්‌ ලෙස ලග්නගත කුජගේ භූමිකාව පෙන්වා දිය හැකිය.

    දෙවැනි භාවගත කුජගේ භූමිකාව

    "දෙවැන්න" යනු කේන්දරයක ධනස්‌ථානයයි. දෙවැන්නේ කුජ පිහිටා තිබීමෙන් සිදුවන්නේ විවාහයෙන් පසුව හිමිවිය යුතු භාග්‍ය හීන කරවීමකි. කුටුම්භ ස්‌ථානය ලෙස සැලකෙන දෙවැන්නේ කුජ තැන්පත් වීම නිසා විවාහ ජීවිතයේ බලාපොරොත්තු නොවූ, පරිවර්තනයන්ට මුහුණපෑමට ජන්මියාට සිදුවන බව සෘෂීන් පවසා තිබේ.

    විවාහ දිවියේ අනාගතය තීරණය කෙරෙන ප්‍රබල සන්ධිස්‌ථානයක්‌ ලෙස දෙවැන්න සැලකිය හැකිය. කුජ තමා සිටින භාවයේ නිසඟ ගතිගුණයට හානි කරන ග්‍රහයකු බව අපි අමතක නොකළ යුතුය. එබැවින් දෙවැන්නෙන් ප්‍රකාශ වන විවාහ දිවියේ අනාගත ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් කිරීමට දෙවැන්නේ පිහිටන ලද කුජට හැකි වෙතැයි පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත. ජන්මියාගේ විවාහ දිවියේ භාග්‍ය හීන කරවන කාරණා රැසක්‌ අතරින් සොර සතුරු පීඩා, නඩු හබ වැනි පරිබාහිර කරුණු සම්බන්ධ කරවීමෙන් දෙවැන්නේ වූ කුජ, විවාහය අවුල් ජාලාවක්‌ බවට පත්කරවීමට උත්සාහ කරන බව වැඩිදුරටත් සොයාගෙන තිබේ.

    හතර වැන්නේ සිටින කුජගේ බලපෑම

    "හතරවැන්න" යනු හිත පිළිබඳව කියෑවෙන චෛතිසික ස්‌ථානයයි. එමෙන්ම මාතෘ ස්‌ථානය වන්නේ ද හතරවැන්නයි. මෙහිදී විවාහයෙන් පසු බිඳ වැටෙන ඥති සබඳතා පිළිබඳව කියෑවෙන අතර විශේෂයෙන් හතරේ සිටි කුජ, ජන්මියාගේ ඉවසීම නැති කිරීමට වැඩි දායකත්වයක්‌ සපයනු ඇත. කරුණාව, මෛත්‍රිය නැති කර කුරිරු අදහස්‌ හිත තුළට මෝදු කරවන හතරවැන්නේ පිහිටි කුජ හෙවත් අඟහරු, ජන්මියා තුළ ඊර්ෂ්‍යාව හා කුහකත්වය වර්ධනය කරවන බව සොයාගෙන තිබේ. එහිදී සිදුවන්නේ ජන්මියාගේ ගුණධර්ම විනාශවීම හේතුවෙන් ඥති සබඳතා පළුදුවීමයි. එම තත්ත්වය විවාහ දිවියට කණකොකා හැඬවීමට තරම් සමහර අවස්‌ථාවලදී ප්‍රබල වනු ඇත. නැන්දම්මා හා ලේලිය අතර ගිනි ඇවිලවීමට තරම් හතරේ කුජ සමත් වන බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

    හත්වැන්නේ පිහිටි කුජගේ ක්‍රියාදාමය

    හත්වැන්න මනුෂ්‍යයාගේ විවාහය හා විවාහ සැපත පිළිබඳව හෙළිදරව් කරන ස්‌ථානයයි. තම කලත්‍රයා පිළිබඳව මෙම ස්‌ථානයෙන් බොහෝ කරුණු කාරණා දැනගත හැකි බව සනාථ වී තිබේ. හත්වැන්නේ පිහිටි කුජ දෙදෙනා අතර පැවතිය යුතු කාමයට හා සමගියට බාධා පමුණුවන බව පුරාණ සෘෂීන් සොයාගෙන ඇත්තේ වසර දස දහස්‌ ගණකටත් පෙර සිටය.

    මෙම භාවය ජන්මියාගේ විවාහය පිළිබඳව කියෑවෙන ස්‌ථානය බැවින්, එහිදී කුජ විනාශ කරනුයේ භාවයේ කාරකත්වය වන විවාහ සැපතයි. කුජ තමා සිටින ස්‌ථානයේ නිසඟත්වයට හානි කරන බව අපි මින් පෙරද කතා කර ඇති සේ, මෙහිදී කුජ විනාශ කිරීමට උත්සාහ කරනුයේ විවාහක යුවළකගේ සහකරු හෝ සහකාරියයි. සහකරුට හෝ සහකාරියට අනියම් අන්දමින් මාරක උදාකරවීමට හතේ කුජ බොහෝ විට උත්සාහ කරන බව අත්දැක තිබේ.

    දෙදෙනාගේ සමගියට බාධා පමුණුවන හතේ කුජ, සැකය, නොසන්සුන්තාවය විවාහ ජීවිතය තුළ වපුරුවන අතර මොනයම් ක්‍රමයකින් හෝ දෙදෙනා වෙන් කර තැබීමට උත්සාහ කරන බව හෙළිවී තිබේ. අඩුම තරමින් දෙදෙනාගෙන් එක්‌ අයකු මරා දැමීමට නොහැකි වුවහොත්, දෙමහල්ලන් ස්‌ථාන දෙකකට හෝ රටවල් දෙකකට කොටු කර තැබීම හතේ කුජගේ ස්‌වභාවයයි.

    අටවැන්නේ තැන්පත් කුජ

    අටවැන්න ලිංගික සම්බන්ධතා හා උත්පාදන ශක්‌තිය පිළිබඳව කියෑවෙන ස්‌ථානයයි. මෙහි තැන්පත් කුජ ජන්මියාගේ ලිංගික සම්බන්ධතාවලට අපල උදා කරවන අතර ලිංගේන්ද්‍රීයන් හි දුබලතා ද ඇති කරවන බව සොයාගෙන තිබේ.

    උත්පාදන ශක්‌තිය හීනවීම නිසා දරුඵලවලට ද බාධා පැමිණෙන අතර දෙදෙනා අතර කායික හා මානසික ප්‍රීතියට ද එයින් අවහිරතා ඇතිවේ. අට වැන්නේ කුජ තැන්පත්ව ඇති ජන්මපත්‍ර පුරාණ ඇඳුරන් විසින් විවාහය සඳහා නුදුසුදු බව කියා ඇත්තේ හේතු සාධක ඇතිව බව මෙයින් වැටහේ.

    දොළොස්‌වැන්නේ කුජ

    දොළොස්‌වැන්නේ කුජ නරක යෑයි සම්මතයට ආවේ කුමන හේතුවක්‌ නිසා දැයි අවසන් වශයෙන් සොයා බලමු. දොළොස්‌වැන්න මෝක්‌ෂ ස්‌ථානය හා වැය ස්‌ථානය වශයෙන් හඳුන්වනු ලැබේ. විවාහය මගින් මතු ආත්මය ද සකස්‌ කරගත යුතු යෑයි සෘෂි මතයක්‌ ඇත. විවාහය ලෞකික අංශයෙන් පමණක්‌ නොව, ලෝකෝත්තර වශයෙන් ද ප්‍රබල විය යුතු බව පුරාණාචාර්යවරුන් කියා තිබෙන බැවින් දොළොස්‌වැන්න සෘෂි කුජගෙන් සීමාවීම මෙම භවයට පමණක්‌ නොව මතු භවයට ද අනිටු පල උදාකරවීමකි. සුගතිගාමී ජීවිතයක්‌ ලබාගැනීමට මහත් බාධාවක්‌ ලෙස දොළොස්‌වැන්නේ කුජ පෙන්වා දිය හැක.

    වැය ස්‌ථානය ලෙස ද හැඳින්වෙන දොළහේ කුජ පිහිටා තිබීම විවාහයෙන් පසු ජීවිතයේ ආර්ථිකයට පීඩා ඇති කරවන්නකි. ආදායම හා වියදම පිළිබඳව නිසි ලෙස සොයා නොබලා කටයුතු කිරීමෙන් ණයගැති භාවයට පත්වීම මෙහි ඇති දුඃක්‌ඛදායක තත්ත්වයයි. ස්‌ථිර පදිංචියට ද දොළහේ කුජ හානි කරන බව පරීක්‍ෂණවලින් පෙනී ගොස්‌ ඇත.
     
    • Like
    Reactions: blueblood

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ඔන්න මේ කිසිම දෙයක් මම ලියපුවා නෙවේ.. ගත්තෙ දිවයින පත්තරෙන්.. :yes::yes::yes:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මිත්‍යා දුෂ්ඨික වෙන්න එපා මචන්... ඒක ආනන්තරිය පාපකර්මයක් වගේ... දඹුලු ගිහින් එන ගමන් තලගොයි මස් කනවා වගේ වැඩක් තමා.. මොකෝ ධර්මයේ සරණ යන කෙනෙකුට ජෝතිශ්යයෙන් වැඩක් නැහැ... හැම දේම කර්මානු රුපි මචෝ... දේවදුත් සුත්‍රය අහපන් යුටියුබ් එකේ තියෙනවා... අහිතක් හිතන්න එපා මචෝ මම මෙහෙම කිව්වට...
    (මමත් එහෙම අහල තියෙනවා... ඒ වුනාට උඹල කුජ එක්ක නෙමෙයිනේ මචන් පවුල් කන්නේ... උඹල දෙන්නගේ කටින් සහ අතින් නේ... ඒ හින්ද කුජව අවුලක් කරගන්න එපා... :lol::lol::lol::lol: )
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    (මමත් එහෙම අහල තියෙනවා... ඒ වුනාට උඹල කුජ එක්ක නෙමෙයිනේ මචන් පවුල් කන්නේ... උඹල දෙන්නගේ කටින් සහ අතින් නේ... ඒ හින්ද කුජව අවුලක් කරගන්න එපා... :lol::lol::lol::lol: )
    වෙල් සෙඩ්..............


    අනේ මේ...
    කුජට ** ගන්න කියල උඹ උමේ වැඩක් බලා ගනින් බං...........:dull:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කුජ හතේනම් විවාහය අසාර්ථකද?

    භෞම දෝෂය හෙවත් කුජ දෝෂය විවාහ අපේක්‍ෂිත තරුණ තරුණියන්ගේ විවාහ අපේක්‍ෂාවන් අතපසු කිරීමට හා විවාහය අසාර්ථක වේ යයි අනියත බියක්‌ ඇතිකර ලීමට හේතු පාදක වන තරමට වත්මන් සංසිද්ධීන් දෙස බැලීමේදී සමාජ ගැටලුවක්‌ බවට පත්ව ඇත. මේ හේතුව නිසා විවාහ වන කාලසීමාව ඉක්‌මවා අවු. 40 - 45 පමණ වනතෙක්‌ මංගල යෝජනා පසුපස කාලය ගෙවන අතිමහත් පිරිසක්‌ වත්මන් සමාජය තුළ අසහනකාරී තත්ත්වයට පත්ව ඇත.

    යම්කිසි කේන්ද්‍රස්‌ථානයක කුජ (අඟහරු) ග්‍රහයා 1, 2,

    4, 7, 8 හෝ 12 යන ස්‌ථානයක තැන්පත් වී සිටීමෙන් කුජ දෝෂය හෙවත් භෞම දෝෂය ඇති වේ.

    කුජ 7 වැන්නේ පිහිටා තිබීමෙන් ප්‍රතිපක්‍ෂයට මාරක අපල ගෙන දීමට හෝ විවාහ ජීවිතය අසාර්ථක වීමට හා අවුල් සහගත වීමට හේතුවන්නේ යයි බොහෝ දෙනෙකු තුළ අනියත බියක්‌ ඇතිවන තරමට කුජ දෝෂය සාමාන්‍ය ජනතාව අතර මුල් බැස ගෙන තිබේ.

    පොරොන්දම් පරීක්‍ෂා කිරීමේදී ඇතැම් දෛවඥයන් සඳහන් කරනුයේ කුජ 7 වැන්නේ පිහිටා තිබීම විවාහ ජීවිතයට දොස්‌ සහිත අහිතකර බලපෑමක්‌ සිදුවන බවත් සහකරු හෝ සහකාරිය ට විපත් සිදුවීමට හේතුවිය හැකි බවත්ය. මෙහි දී නැගෙන ප්‍රශ්නය වනුයේ කුජ 7 සිටි පමණින් ම විවාහ දිවියට මෙබඳු අහිතකර තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන්නේ ද? යන්නයි. මෙබඳු තත්ත්වයන්ට වඩාත් හේතුවී ඇත්තේ ජ්‍යෙdතිෂය තුළ දී කුජ දෝෂය භංග වන අවස්‌ථා පිළිබඳ අවබෝධයකින් තොරව පලාඵල කථනයේ යෙදීමයි. නමුත් කුජ දෝෂය භංගවන ග්‍රහ පිහිටීම් බොහෝ කේන්ද්‍ර තුළින් පෙන්නුම් කරයි.

    කුජ දෝෂය හෙවත් භෞම දෝෂය භංගවන ජ්‍යෙdaතිෂ සිද්ධාන්ත රාශියයන් පෞරාණික හින්දු ජ්‍යෙdaතිෂය තුළින් සොයාගත හැකියි.

    විවාහ අපේක්‍ෂිත යුවළකගේ කේන්ද්‍ර දෙකෙහිම මෙබඳු දෝෂයක්‌ වේනම් භෞම දෝෂය භංගවන්නේය. කේන්ද්‍ර දෙකෙහිම එකම රාශියේ කුජ සිටීනම් හෝ කුජ සිටි රාශියේම අනෙක්‌ කේන්ද්‍රයේ රාහු පිහිටීමෙන් කුජ දෝෂය භංග වන්නේය.

    තවදුරටත් ජ්‍යෙdaතිෂ සිද්ධාන්ත තුළින් පෙන්වාදෙන කුජ දෝෂය භංගවන ග්‍රහ පිහිටීම් රාශියක්‌ වේ.

    * කුජ ග්‍රහයා උච්ච හෝ ස්‌වක්‍ෂේත්‍ර වීමෙන් කුජ දෝෂය භංග වන්නේය.

    * කුජ, සඳු හා ගුරු සමඟ සංයෝග වීමෙන් කුජ දෝෂය භංග වන අවස්‌ථාවකි.

    * රවි, සඳු හා ශනිට අයත් රාශිවල කුජ සිටීමෙන් කුජ දෝෂය භංග වන්නේය.

    * කුජ ග්‍රහයා මේෂ, කටක, තුලා, මකර රාශිවල සිටීමෙන් කුජ දෝෂ නැත.

    සිංහ හා කුම්භ රාශි වලදී කුජ දෝෂ නොයෙදේ.

    * කුජ ලග්නයෙන් හා සඳුගෙන් හෝ සිකුරුගෙන් 1, 2, 4, 7, 8 හෝ 12 යන රාශියක පිහිටා එම රාශිය මේෂ හෝ වෘශ්චික නම් කුජ දෝෂයන් නිදහස්‌ වේ.

    * කුජ ග්‍රහයා මොනයම් භාවයක සිටියත් සිකුරු හෝ ගුරු ලග්නගතව සිටීමෙන් ද කුජ දෝෂ භංග වේ.

    කුජ හා සඳු සංයෝගය ලග්නයෙන් සිව් වැන්නේ හෝ සත් වැන්නේ වේ නම් කුජ දෝෂ නැත.

    * රුචක යෝගය යෙදී ඇත්නම් කුජ දෝෂ නැත.

    * කුජ තැන්පත් රාශි හිමියා ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් කේන්ද්‍ර ගතව හෝ කෝණ රාශිවල පිහිටීමෙන් කුජ දෝෂය භංග වේ.

    * ශනි ග්‍රහයා 1, 4, 6, 8, 12 යන රාශිවල පිහිටා තිබීමෙන් කුජ දෝෂය භංග වේ.

    * අස්‌විද, මා, මූල යන නැකතක කුජ තැන්පත් වීමෙන් කුජ දෝෂ නොයෙදේ.

    කුජ දෙවැන්නේ පිහිටා එම රාශිය කන්‍යා හෝ වෘශ්චික වී නම් කුජ දෝෂ නැත.

    * කුජ 4 වැන්නේ පිහිටා එම රාශිය මකර හෝ කටක වී නම් කුජ දෝෂ භංග වේ.

    * කුජ 8 වැන්නේ නම් එම රාශිය ධනු හෝ මීන වේ නම් දෝෂ නැත.

    * 12 වැන්න සිකුරුට අයත් රාශියක්‌ වී එහි කුජ තැන්පත් වීමෙන් කුජ දෝෂ නොයෙදේ.

    * කටක සිංහ ලග්න හිමියන්ට කුජ දෝෂ නැත.

    * මකර ලග්නය වී කුජ ධනු රාශියේ ද කන්‍යා ලග්නය වී කුජ මීන රාශියේද කටක ලග්නය වී කුජ කුම්භ රාශියේ ද වී නම් භෞම දෝෂ නොයෙදේ.

    ඉහත සඳහන් ජ්‍යෙdaතිෂ සිද්ධාන්ත වලට අනුව කුජ 7 වැන්නේ සිටි පමණින්ම විවාහ දිවිය තුළ කුජ දෝෂය බල නොපාන බවත් එම දෝෂ භංගවන ජ්‍යෙdaතිෂ න්‍යායන් (න්‍යායන්) රාශියක්‌ පුරාණාචාර්යයන් විසින් ගෙනහැර දක්‌වා ඇත.

    කේ. වසන්ත පෙරේරා
    නාගොඩ, කළුතර.

    2vA1a.png
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    kuja 7 nam anith kenage kendare kuja or shani or rahu 7 weni kotuwe or 8 weni kotuwe hitiyoth awulak na kiyala ape astrology uncle buwa kiwwa. cz magei mage girl geith oya awula thiyenawa. apita nam shape :cool:
     
    • Like
    Reactions: Wolverine GTR