Demon DraKula

Junior member
  • Jul 12, 2018
    106
    22
    18
    33
    Malabe
    kurt-cobain-22-aniversario.jpg

    අති දක්ෂ රොක් ගායකයකු, රචකයෙකු සහ ගිටාර් වාදකයකු වු Kurt Cobain ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ලඟා වුනු අදටත් රොක් සංගීතයේ පුරාවෘත්තයක් ලෙස සලකන්නෙක්. Grunge Rock සංගීත කණ්ඩායමක් වුනු Nirvana හි ආරම්භකයාද මොහූයි.

    “Dreaming of the person you want to be is wasting the person you already are.”

    කවුද මේ Kurt Cobain?

    1967 පෙබරවාරි 20 ඇමරිකාවේ ඇබර්ඩීන් හිදී උපත ලැබූ Kurt Donald Cobain ගේ ළමා කාලය, ඔහුගේ වයස අවුරුදු 9 වනතෙක් සාමාන්‍ය ළමයෙකුගෙ සතුටින් පිරුනු ළමා කාලයක් වුනා. අවුරුදු 9දී මොහුගේ දෙමාපියන් වෙන්වෙනවා. මොහුගේ නැගනියත් (Kimberly Cobain) දෙමාපියන්ගේ දික්කසාදය නිසා මොහුගෙන් වෙන් වෙනවා. ඔහුගේ දෙමාපියන් දික්කසාදයත් සමඟ මොහු නිරතුරු කෝප ගන්නා දඩබ්බරයෙකු බවට පත්වුනා. මොහුගේ මෙම සිත් වේදනාවන් පසු කලෙක ඔහුගේ ගීත වලින් කියවුනා.

    images


    “You create attention to attract attention.”

    අර්බුදකාරී යෞවනය

    යෞවනයෙකු ලෙස ඔහු ඥාතීන්ගේ ගෙවල් වලත්, මිතුරන්ගේ දෙමාපියන් සමඟත් නතර වී සිටියා. කලාතුරකින් මොහුට පාලම් යටද නිදා ගැනීමට සිදුවුනා. මේ කාලයේ මොහු විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු උනා. මේ නිසාම මොහු ඒ ප්‍රදේශයේ තරුණයන් අතර කැරලිකාරයෙකු ලෙස කැපී පෙනුනා.

    Kurt, Punk Rock සංගීතයට හඳුන්වාදීමත් සමඟ මොහුගේ ජීවිතය වෙනම මගක් ගන්නවා. ඔහු The Melvins නම් Punk Rock සංගීත කණ්ඩායමක සාමාජිකයකු වූ Buzz Osbourne සමඟ මිත්‍රව ඔහුගේ මාර්ගයෙන් තව Punk Rock සංගීත කණ්ඩායම් හඳුනා ගන්නවා. නමුත් ඔහුගේ මේ අලුත් පුරුද්ද ඔහුගේ පරන පුරුද්ද අමතක කරවන්න සමත් වෙන්නේ නැහැ. ඔහුගේ උසස් පාසල් කාලය පුරාවටම ඔහු තව තවත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා.

    e304e8c262c01a0faae03ae96631b81e.jpg

    1984 - 1985 කාලය තුල Kurt ගෙවූයේ රස්තියාදු ජීවිතයක්. තම පවුලේ ප්‍රශ්න වලින් මිදීමට Kurt තම මිතුරන්ගේ නිවාස වලත් පොදු ස්ථාන වලත් නිදා ගැනීමට පුරුදු වුනා. 1985 දී ගොඩනැගිලි කිහිපයකට අලාභ හානි කිරීමේ වරදට අත් අඩංගුවට ගෙන පසුව අත් හිටවූ දඩුවම් ලබා දෙනවා. මාස කිහිපයකට පසුව Kurt තම පලමු සංගීත කණ්ඩායම වන Fecal Matter ආරම්භ කරනවා. ගීත කිහිපයක් රචනා කලද මෙම සංගීත කණ්ඩායම සාර්ථක වන්නේ නෑ.

    “I just hope I don't become so blissful I become boring. I think I'll always be neurotic enough to do something weird.”

    සංගීත දිවිය

    1985 දී Kurt, The Melvins හි බෙර වාදකයෙකු සමඟ එකතුව තමාගේම ගීත ඇතුලත් සංගීත පටියක් කරනවා. ටික කලකින් එම සංගීත පටිය Krist Novoselic අවධානය දිනාගන්නවා. Kurt, Novoselic සමඟ එකතුව 1987 දී Nirvana ආරම්භ කරනවා. පසුව බෙර වාදකයන් බඳවා ගෙන ඔවුන් සමඟ එක්ව සංගීත පටි සහ ප්‍රදේශය පුරා කුඩා සන්දර්ශන පවත්වනවා.

    මෙසේ කරනු ලැබූ එක් සංගීත පටියක් එවකට Seattle හි වාර්ථා ලේබලයක් වුනු Sub Pop හි Jonathan Poneman හට අසන්නට ලැබෙනවා. එමගින් එම ලේබලය යටතේ Nirvana තම පලමු ගීතය වූ Love Buzz (1988) සහ තම පලමු ඇල්බමය වූ Bleach (1989) දී එලිදක්වනවා.

    Bleach එතරම් ජනප්‍රිය නොවුවත් එය නිසා Nirvana දැවැන්ත වාර්ථා ලේබල වල අවධානය දිනා ගන්නවා. ඔවුන්ගේ නව බෙර වාදක Dave Grohl සමඟ තම දෙවන ඇල්බමය වූ Nevermind (1991) එලිදක්වන්නේ, එවකටත් දැවැන්තා වාර්ථා ලේබලයක් වූ Geffen Records සමඟින්.

    giphy.webp

    Nevermind හි ඇතුලත් ගීතයක් වූ Smells Like Teen Spirit ඔවුන්ගේ ජනප්‍රියම ගීතය බවට පත්වෙන්වා. Nevermind ඇල්බමය සියලු ගීත ලැයිස්තු වල ප්‍රථම ස්ථානයට පත්වන්නේ Kurt එම යුගයේ ගායකයා ලෙස හුවා දක්වමින්. Nevermind සමඟ Nirvana මුලු ලොව පුරා අවධානය දිනා ගැනීමට සමත් වෙන්වා.

    1993 වන විට Kurt තම වෘත්තීමය වශයෙන් ඉහලින්ම වැජබුනා. එම අවුරුද්දේ එලිදැක්වූ In Utero ද ගීත ලැයිස්තු වල ප්‍රථම ස්ථානයට පත්වන්නේ Kurt ගේ සාර්ථකත්වය තවත් ඉහලට ඔසවා තබමින්. මෙම ඇල්බමය මඟින් Kurt තම හැඟීම් ගීත වලින් පිට කරනවා. පටිගත කිරීමේ සමාගම් සමඟ ඔහුගේ තිබූ වෛරය (Radio Friendly Unit Shifter) වගේම Courtney ට තිබූ ආදරයත් (Heart Shaped Box) මෙමඟින් ඔහු ප්‍රකාශ කරනවා.

    පුද්ගලික ජීවිතය

    1990 Kurt ට ඉතා වැදගත් වසරක්. ඔහුට පෝට්ලන්ඩ් හි රාත්‍රී සමාජ ශාලවක් තුලදි Rock ගායිකාවක් වන Courtney Love හමුවනවා. නමුත් ඔවුන්ගේ ආදර කතාව දිගහැරෙන්නේ පසුකලකයි.

    Nevemind එලිදැක්වීමට පෙර Kurt, Courtney සමඟ නැවත එකතු වෙනවා. 1992 පෙබරවාරි මාසයේදී මොවුන් දෙදෙනා විවාහ වන අතර එම වසරේ අගොස්තුවේදී මොවුන් දෙදෙනාගේ දියණිය වන Frances Bean උපත ලබනවා.

    “It's like Evian water and battery acid.”[On the chemistry between himself and Courtney Love]

    41f7553db661e4844aa2bc980333f90d.jpg

    නමුත් මොවුන් දෙදෙනාම විවිධ මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වූවන් නිසා මොවුන්ගේ විවාහ දිවිය සාර්ථක යැයි හඳුන්වන්නට බැහැ. වරක Courtney සම්මුඛ සාකච්ඡාවකදී තමන් තම දියණිය තම දෑතේ සිටින විටදී පවා මත්ද්‍රව්‍ය භාවිතා කරන බව පිළිගැනීම නිසා තම පවුල නොබිඳී පවත්වා ගැනීමට Kurt සහ Courtney හට නඩු මඟට බැසීමට පවා සිදුවෙනවා.

    නමුත් මොවුන් දෙදෙනාට තිබුණු ප්‍රශ්ණ වල කෙලවරක් තිබුනේ නෑ. වරක් Seattle පොලිසිය මොවුන්ගේ නිවසට කඩා වදින්නේ Kurt අයත්ව තිබූ තුවක්කු සඳහා දෙදෙනා අතර වූ අරගලය සමතයකට පත් කිරීමටයි. පොලිසිය විසින් Kurt ට අයත්ව තිබූ තුවක්කු සියල්ල රාජ සන්තක කරන අතර Kurt ව අත් අඩංගුවට ගන්නේ Courtney පහරදීමේ වරදටයි.

    මත්ද්‍රව්‍ය සමඟ අරගලයක

    1993 Kurt, Nirvana සමඟ නිව් යෝර්ක් හීදී MTV's Unplugged ප්‍රසංගයකට සහභාගී වෙනවා. ඒ සමඟම ඔවුන් යුරෝපය පුරා ප්‍රසංග පවත්වමින් සංචාරයක යෙදෙනවා. ඒ සංචාරය අතරතුර Kurt, Courtney සහ ඔවුන්ගේ දියණිය වන Frances සමඟ කාලය ගතකරනවා.

    “All drugs are a waste of time. They destroy your memory and your self-respect and everything that goes along with your self-esteem.”

    නමුත් ඔවුන් රෝමයේ සිටින විට හෝටලය තුලදීම Kurt මත්ද්‍රව්‍ය වැඩිපුර භාවිතයට ගෙන කෝමා තත්වයට පත්වෙනවා. Courtney විසින් ඔහුව සොයාගෙන රොහල් ගත කරන අතර පසු කලෙක දැනගන්නා පරිදි එය අසාර්ථක වූ සියදිවි නසා ගැනීමට තැත්කිරීමක් ලෙස සලකනවා.

    kurt1.gif

    නැවත ඔහු ඇමරිකාවට පැමිණෙන විට ඔහුගේ මානසික තත්වය බෙහෙවින් බැරැරුම් වී තිබෙන (Depression) අතර වරෙක ඔහු බෙහෙත් විශාල ප්‍රමාණයක් ගෙන තුවක්කු සහිත අල්මාරියක් තුල තමාවම සිර කරගන්නවා. Courtney විසින් පොලිසියට දැනුම් දීමෙන් පසු ඔවුන් පැමිණ එය සියදිවි හානි කරගැනීමේ උත්සහයක් නොවන බවට තහවුරු කලත්, ඒ තිබූ සියලු ආයුධ රාජ සන්තක කරනවා.

    පසුව Courtney ඔහුගෙන් ඇය සමඟ පුනුරුත්ථාපනය වන ලෙස අයැද සිටිනවා. Kurt ලාස් වේගාස් හි පිහිටි පුනුරුත්ථාපන මධ්‍යස්ථානයකට බැඳෙන නමුත් ටික දවසකින් එයින් පිට වෙනවා.

    “I still can't get over the frustration, the guilt and empathy I have for everyone.”


    සියදිවි නසා ගැනීම සහ උරුමය

    Nirvana හි ජනප්‍රියත්වයත් සමඟම Kurt ඔහුගේ සංගීතය යන දිශාව පිළිබඳ සතුටක් දැක්වූයේ නෑ. සංස්ථාපිත විරෝධී හැඟීම් මත තම කලාකාමී බව ගෙන යන්නෙකු වශයෙන් (As someone who built his artistry on anti-establishment sentiments), ඔහුට තම අනාගතය ඔහුගෙන් ගිලිහී යන බවක් හැඟෙන්නට වුනා. මෙම නිසා ඔහු තම මානසික ආතතිය මුදාහැරීම සඳහා සහ ඔහුගේ සමහර රෝගයන් සඳහා වැඩිවශයෙන් මත්ද්‍රව්‍ය (Heroin) භාවිතයට යොමුවුනා.

    1994 අප්‍රේල් 5 වන දින Seattle හි පිහිටි තම නිවස පිටුපස තිබූ අමුත්තන්ගේ නිවස තුලදි 27 හැවිරිදි (27 Club) Kurt සියදිවි නසා ගන්නවා. ඔහු Shotgun එකක් තම මුවට තබා වෙඩිතබා ගනිමින් ක්ෂණික මරණයකට පත්වෙනවා. ඔහු විසින් ඉතා දිගු සියදිවි නසා ගැනීමේ සටහනක් තබමින් තම බිරිඳ, තම දියණිය සහ තම රසිකයන් ආමන්ත්‍රණය කරනවා. මෙය සියදිවි නසා ගැනීමක් බව තහවුරු වූවත් Courtney මෙය පසුපස සිටි බවට සමහරුන් ප්‍රකාශ කරනවා.

    “I'm not afraid of dying. Total peace after death, becoming someone else is the best hope I've got.”

    Kurt ගේ මරණයෙන් පසුව Nirvana ඔවුන්ගේ Unplugged session එලිදක්වන අතර එය සියලු ගීත ලැයිස්තුවල ප්‍රථම ස්ථානයට පත්වනවා. අවුරුදු දෙකකට පසුව එලිදැක් වූ ගීත එකතුවක් වන Muddy Banks of the Wishkah ද වාණිජ වශයෙන් ඉතා විශාල ජයග්‍රහනයක් වනවා.

    කෙසේ නමුත් Kurt ගේ එලිදක්වා නොමැති ගීත සඳහා Courtney, Grohl සහ Novoselic අතර නීතිමය ගැටළු පැන නගිනවා. එයට විසඳුමක් ලෙස ඔවුන් තිදෙනා විසින් Nirvana (2002), With the Lights Out (2004), Sliver: The Best of the Box (2005) එලිදක්වනවා.


    මෙලෙස අති දක්ශ රොක් ගායකයෙකු වූ, රොක් සංගීතයේ පුරාවෘත්තයක් ලෙසින් පිදුම් ලැබූවකුගේ අවසානය සනිටුහන් වන නමුත් අදටත් විශේෂයෙන් රොක් සංගීතය රස විඳින්නන් ගේ සිත් තුල Kurt Cobain ජීවමානයි.

    “I'd rather be hated for who I am, than loved for who I am not.”


    2014Nirvana_Getty85361962_020414.hero_-920x515.jpg
     

    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    Machan goadak mahansi wela thiyanawa 🖤. Kurt kiyanneh thanikarama legendary ekak! Kurt gana documentries bara gaanak karala thiyanawa, eth "Soaked in Bleach [2015]" thama balapu ewagen hondatama karala thiyana eka. Documentry eka narrate karanne Kurt ma thamai. Interviews wala katha karapu dewal. IMDB th 7.4/10 wage thiyanawa.

    https://www.imdb.com/title/tt3253624/

    Meka man youtube eke dakka Kurt ge life Story eka pennana creative animated vedio ekak.

     
    Last edited: