Kusal Batting

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,196
    45,054
    113

    ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ඩබ්ලින්හිදී පසුගිය 16 වෙනිදා ආරම්භ විය.

    එහිදී තරගයේ ඉරණම කුමක් විය හැකිද යන්න පිළිබඳව පූර්ව නිගමන බොහෝ තිබුණ ද වැඩි දෙනකුගේ අවධානය යොමුවී තිබුණේ තහනමින් මිදුණු කුසල් ජනිත් පෙරේරා සහ පළමු වරට එක්දින සංචිතයට එක්වූ කුසල් මෙන්ඩිස් දෙදෙනා වෙතයි.

    මේ අතරින් තහනම් උත්තේජක ගත්තේ යයි නිස්කාරණේ තරඟ තහනමකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා නැවතත් අන්තර්ජාතික තරග බිමට පිවිසි ලෝඩ්ස් ටෙස්ට් තරගයේ දී හොඳ දස්කම් පෙන්වූයේය.

    එම තරගයේදී ඔහුට සහායක පිතිකරුවන් නොමැතිවීම මහත් අවාසනාවක් වුව ද මෙම එක්දින තරගයේදී කුසල් පෙරේරා පිටියට පිවිසියේ ආරම්භක පිතිකරුවා වශයෙනි.

    ඒ අනුව මාස කිහිපයකට පසුව ප්‍රහාරාත්මක පිතිකරු කුසල් පෙරේරා ඊයේ (17) ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ අතර පන්දු 38කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 32 ලබා ගැනීමට ඔහු සමත් විය.

    අයර්ලන්තය සමග පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ ලකුණු 76ක ජයක් හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (16) සමත් වු අතර අද (18) දිනයේ තරඟය ද ශ්‍රී ලංකිකයින්ට බලාපොරොත්තු තබා ගත හැකි තරඟයක් වනු නොඅනුමානය.